• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැයි අන්තිම වෙනකම් පුදුම රස්නයක් තියෙන්නේ! රස්නෙ වැඩිකමට තාප කම්පන ඇවිත් මැරෙන්නත් පුලුවන්! ජීවිතේ බේරගන්න මේ ටික කරන්න!

April 6, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
මැයි අන්තිම වෙනකම් පුදුම රස්නයක් තියෙන්නේ! රස්නෙ වැඩිකමට තාප කම්පන ඇවිත් මැරෙන්නත් පුලුවන්! ජීවිතේ බේරගන්න මේ ටික කරන්න!
Share on WhatsAppShare on Facebook

ජනතාවට දැඩි ලෙස අපහසුතාවයක් ගෙන දී තිබෙන අධික රස්නය සහිත කාලගුණික තත්ත්වය මැයි මාසය අවසන් සතිය වන තෙක් මෙරටට බල පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

“මේ දිනවල අපගේ ශරීරයට දහදිය දමන ගතිය වැඩියි. ඒ වගේම දැනෙන රස්නය වැඩි නිසා ශරීරයට ඇතිවන්නේ අපහසුකාරී හැඟීමක්. මේකට ප්‍රධාන හේතුව ශ්‍රී ලංකාව ආශ්‍රිතව වායු ගෝලයේ පවතින සුළං ප්‍රවාහයේ අඩුවීම,” බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රීතිකා ජයකොඩි බිබිසි සිංහල සේවයට පැවසුවාය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේතුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය සඳහන් කළේ මෙම තත්ත්වය මැයි මාසය අවසන් වන තෙක් බලපැවතියත්, දිනපතා ඇතිවන ගිගුරුම් සහිත වැසි තත්ත්වය හේතුවෙන් වායු ගෝලයේ යම් සිසිලසක් පවතිනු ඇති බවයි.

අද සිට රස්නය වැඩිවෙන හේතුව

අප්‍රේල් 05 දිනයේ සිට අප්‍රේල් මස 15 වෙනිදා තෙක් ශ්‍රී ලංකාවට ඉහළින් ඉර මුදුන්වීම හේතුවෙන්, පවතින අධික රස්නය සහිත කාලගුණික තත්ත්වයේ යම් වැඩිවීමක් අපේක්ෂා කරන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම අහසේ වළාකුළුවලින් තොරවීම සහ හිරු එළිය සෘජුව පොළොවට පතිතවීම යන කරුණු හේතුවෙන් ද අධික රස්නය සහිත කාලගුණ තත්ත්වය වැඩි වශයෙන් ජනතාවට දැනෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රීතිකා ජයකොඩි වැඩිදුරටත් සඳහන් කළා ය.

මේ අතර, ඇතිවන අධික රස්නය සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාව ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව වෛද්‍යවරු පෙන්වා දෙයි.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ මාර්තු සහ අප්‍රේල් මාසය වන විට ශ්‍රී ලංකාවට හිරු මුදුන්වීම හේතුවෙන් සිරුරෙන් දහදිය පිටවීම වැඩිවන බවයි.

“හිරුගේ රස්නය වැඩිවීම එක්ක අපේ ශරීරයේ දහදිය පිටවීම වැඩිවෙනවා. දහදිය කියන්නේ සිරුරේ වතුර පිටවීම පමණක් නෙමෙයි සෝඩියම් වැනි ලවණ වර්ගත් පිටවෙනවා,” යනුවෙන් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.

අධික රස්නය හේතුවෙන් මිනිස් සිරුරට ඇතිවන බලපෑම් මොනවාද?

අධික රස්නය සමග මිනිස් සිරුරෙන් දහදිය පිටවීම වැඩිවීම හේතුවෙන් විජලන තත්ත්වයට පත්වීමට ඇති ඉඩකඩ වැඩි බව ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පෙන්වා දෙයි.

“විජලන තත්ත්වයට පත්වීමත් සමග ශරීරයේ රෝග ලක්ෂණ කිහිපයක් දකින්න පුළුවන්. විශේෂයෙන් ඇඟපතේ අපහසුව, හිසරදය, වැඩ කිරීමේ අපහසුව, නිදිමත ගතිය වැඩිවීම වගේ රෝග ලක්ෂණ ඇතිවනවා. ඒ වගේම කෙනෙක්ට හිතෙන්න පුළුවන් තමන් උණ රෝගී තත්ත්වයෙන් පෙලෙනවා කියලා.”

මීට අමතරව ලවණ වර්ග අඩුවීම නිසා ශරීරය විජලන තත්ත්වයට පත්වීමත් සමග පිපාසය වැඩිවීම, මුත්‍රා පහවීම අඩුවීම, මුත්‍රා පහවීමේ දී එහි පැහැය තද පාටක් ගැනීම සහ ජලය ක්‍රමවත් ලෙස පානය නොකිරීමෙන් තාප කම්පන තත්ත්වයක් (Heat Strokes) වුව ද ඇතිවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා පවසයි.

farmer exposed to the sun

තාප කම්පනය හේතුවෙන් මිනිස් සිරුරට ඇතිවන බලපෑම් මොනවා ද?

අධික රස්නය නිසා විජලනයට පත්වීම හේතුවෙන් ඇතිවන තාප කම්පනය නිසා මිනිස් මොළයට මෙන්ම හෘදය වස්තුවට බලපෑම් එල්ලවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

“මෙවැනි තාප කම්පන තත්ත්වයක් ඇතිවූ විට පුද්ගලයෙකු එක්වරම සිහිමුර්ජා වීම මෙන්ම මරණයට පත්වීමේ ද ඉඩකඩ පවතිනවා,” වෛද්‍ය දීපාල් පෙරේරා කරුණු පැහැදිළි කරන ලදී.

අධික රස්නය නිසා ඇතිවන රෝගී තත්ත්වයන්ට වැඩි වශයෙන් නිරාවරණය විය හැකි පුද්ගලයින් කවුරුන්ද ?

විශේෂයෙන්ම මෙම රෝගී ලක්ෂණ දරුවන්ට ද ඇතිවිය හැකිවුව ද, ඔවුන්ට එය පැවසීමට නොතේරෙන බව ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේය.

“මීට අමතරව පාසැල් ක්‍රීඩා තරග, පාසැල් ක්‍රිකට් තරග, අවුරුදු උත්සව මෙන්ම මැරතන් තරග මෙන්ම ආරක්ෂක හමුදා නිලධාරීන්ගේ පුහුණු කිරීම් සහ එළිමහනේ වැඩකටයුතුවල නියැලෙන පිරිස්වලට ද මෙම රෝග ලක්ෂණ ඇතිවන්න පුළුවන්,” ඔහු සඳහන් කරයි.

A child drinking water

අධික රස්නයෙන් ඔබේ සිරුර ආරක්ෂා කර ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග මොනවා ද?

1. ජලය සහ දියර ආහාර සඳහා පෙළඹවීම

පවතින අධික රස්නය හේතුවෙන් මිනිස් සිරුරෙන් පිටවන දාහය සහ ලවණ ප්‍රමාණය අධික වන බැවින් වෙනදාට වඩා වැඩි වශයෙන් ජලය මෙන්ම ස්වභාවික දියර ආහාර භාවිතයට මහජනතාව පෙළඹිය යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

“ජලයට අමතරව දෙහි, දොඩම්, නාරම්, දෙළුම්, ජීවනී, කැඳ, සුප් වර්ග වැඩි වශයෙන් පානය කිරීමට පුරුදු වෙන්න අවශ්‍ය වෙනවා,” විශේෂඥ වෛද්‍යවරයා ජනතාවට දැනුම් දෙයි.

2. ජලය සහ ඇඳුම් භාවිතය ගැන වැඩි අවධානයක් දෙන්න

දහදිය අධිකව දැමීම නිසා සිරුරේ දහදිය බිබිලි මෙන්ම දද සහ කුෂ්ඨ රෝග වැඩිවීමේ තත්ත්වයක් පෙන්නුම් කරන බැවින්, දරුවන්ට වැඩි කාලයක් ජලයේ සිටින්න ඉඩදීම ඉතා සුදුසු බව ද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දී ඇත.

“සාමාන්‍යයෙන් උදේ සහ සවස මිනිත්තු 20 – 20 බැගින් දරුවන්ට ජලයේ සිටින්න ඉඩ දෙන්න. වෙනදාට වඩා දරුවන්ට නාන්න ඉඩ දෙන්න. එමෙන්ම අධික රස්නය සහිත කාලගුණික තත්ත්වයක් පවතින නිසා හැකි අයුරින් කපු සහ සැහැල්ලු ඇදුම් භාවිතයට ගැනීම සුදුසුයි,” විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

BBC සිංහල සංදේශය

SendShareShare
Previous Post

IMF වට්ටෝරුවෙන් ණය දුන් රටවල් 89ක ප්‍රතිපල එයි! රටවල් 48ක කිසි වෙනසක් වෙලා නෑ! 32ක ආර්ථිකය පසුබාලා! රටවල් 14ක ආර්ථිකය 15%කින් වැටිලා! ග්‍රීසියට වෙච්ච දේ! ලංකාවට වෙන්න යන දේ! VIDEO

Next Post

සජබය දිය වෙනවාද? පත්තරේ තියෙන විදිහට 40ක් ආණ්ඩුවට යනවාද? තුෂාර ඉඳුනිල් දීපු උත්තරේ! ගස් නැති පොහොට්ටුවේ අයට රනිල් කියන තුත්තිරි ගහත් ගහක්! අපි නම් රනිල්ගේ දිග පළල දන්නවා! මේ දෙගොල්ල දැන් කරන්නේ හොරා පොලිස් සෙල්ලම! VIDEO

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.