• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලිරාජා මේ එන්නෙ මොකාටද?

April 1, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
අලිරාජා මේ එන්නෙ මොකාටද?
Share on WhatsAppShare on Facebook

ප්‍රංශ රජයේ බලධාරීන් :
‘මෙම පුළුල් විමර්ශනය සිදුකිරීම සඳහා අප බ්‍රිතාන්‍ය රජයේ අවසරය ඉල්ලා සිටිනවා. බ්‍රිතාන්‍යයේ ප්‍රධාන මූලස්ථානය පිහිටුවා තිබෙන ‘ලයිකා මොබයිල්’ සමාගම ගැන අපගේ රජයේ මූල්‍ය විමර්ශන අංශ විසින් දැනට වසර දෙකක සිට පුළුල් විමර්ශනයක් සිදුකරනු ලබනවා. ප්‍රංශයේ තිබෙන මෙම ආයතනයේ ශාඛාව ආශ්‍රිතවයි මෙම විමර්ශන සිදුකෙරුණේ. අපගේ විමර්ශන අංශ මෙයට වසර දෙකකට පෙර හෙළිකරගත් ආකාරයට ප්‍රංශයේ තිබෙන ලයිකා මොබයිල් සමාගම ඉතා ප්‍රබල ලෙස මූල්‍ය විශුද්ධිකරණ අපරාධවලට සම්බන්ධ බව පෙනීගොස් තිබෙනවා. මේ නිසා වසර දෙකකට පෙර මෙම සමාගමට සම්බන්ධ 19 දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණා. මේ විමර්ශන ප්‍රංශ බලධාරීන් විසින් ඉතා පුළුල් ලෙස සිදුකරනු ලබනවා. ප්‍රංශයේ ඇති මෙම සමාගම ඉතා ප්‍රබල ලෙස බදු වංචා අපරාධවලට සම්බන්ධ බව පෙනීගොස් තිබෙනවා. 2016 වසරේදී ප්‍රංශයේ පොලිසිය විසින් මෙම ආයතනය හදිසි වැටලීම්වලටත් භාජන කළා. එහිදී පැහැදිලිවම පෙනීගොස් තිබුණා මෙම ආයතනය මූල්‍ය අපරාධ රැසකට සම්බන්ධ බව. මේ තත්ත්වය යටතේ ප්‍රංශ බලධාරීන් විසින් සමාගම සතු ප්‍රංශයේ බැංකු ගිණුම් පවා අත්හිටුවනු ලැබුවා. ප්‍රංශයේ ලයිකා මොබයිල් මූලස්ථානය තුළ පවුම් මිලියන ගණනාවක මූල්‍ය විශුද්ධිකරණ වංචාවල් සිදුව ඇති බව ප්‍රංශයේ විමර්ශන නිලධාරීන් පැහැදිලිවම සොයාගනු ලැබුවේ මේ තත්ත්වය යටතේ අපගේ විමර්ශනය තවත් පුළුල් ආකාරයෙන් සිදුකිරීමට ප්‍රංශ බලධාරීන් විසින් බ්‍රිතාන්‍ය රජයේ අවසරය ඉල්ලා සිටිනවා. බ්‍රිතාන්‍යයේ තිබෙන ලයිකා මොබයිල් මූලස්ථානය ආශ්‍රිතව පරීක්ෂණයක් සිදුකිරීමටයි අප අවසර ඉල්ලා සිටින්නේ. ඒ සඳහා අවසරය ලබාදීමට කටයුතු කරන්න…’

බ්‍රිතාන්‍ය රජයේ බලධාරීන් :
‘නැහැ. අපට කනගාටුවෙන් යුතුව ප්‍රකාශ කිරීමට සිදුවෙනවා, එවැනි විමර්ශනයක් සිදුකිරීමට ප්‍රංශ රජයට අවසර දිය නොහැකිය කියලා. ඔබගේ රට තුළ එය අභ්‍යන්තර විමර්ශනයක් සහ ප්‍රශ්නයක් ලෙස විසඳාගත හැකියි. එහෙත් ප්‍රංශයේ බලධාරීන්ට බ්‍රිතාන්‍යයට පැමිණ මෙවැනි විමර්ශනයක් සිදුකිරීමට කිසිසේත්ම අවසර දිය නොහැකියි. ලයිකා මොබයිල් සමාගම කෙරෙහි යම් ප්‍රශ්න තිබෙනවා නම් ඒක මේ රට තුළ අභ්‍යන්තරයේ අර්බුදයක්. එයට විදේශ රටකට මැදිහත් වෙන්න අපට අවසර ලබාදෙන්න බැහැ. එහෙත් ලයිකා මොබයිල් සමාගමේ ප්‍රංශයේ ශාඛාව තුළ ඕනෑම විමර්ශනයක් සිදුකිරීමට ප්‍රංශ බලධාරීන්ට ඕනෑ තරම් අවස්ථාව තිබෙනවා. ඒ බලධාරීන් මෙහි පැමිණ බ්‍රිතාන්‍යය තුළ පරීක්ෂණයක් සිදුකරනවා කියන්නේ එය රාජ්‍යතාන්ත්‍රික ලෙස අර්බුදයක පැටලීමක්. ඒ තත්ත්වය මතයි අපට එවැනි විමර්ශනයක් සඳහා කිසිසේත්ම අවසර ලබාදිය නොහැක්කේ. කනගාටුවෙන් යුතුව බ්‍රිතාන්‍ය රජය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා…’

කුමක්ද මේ අපූරු ප්‍රංශ-බ්‍රිතාන්‍ය හුටපටය? ලෝකයේ තිබෙන මහා බලවත් රාජ්‍යයන් දෙකක් මෙසේ රාජ්‍යතාන්ත්‍රිකව ලෙස අර්බුදයක පැටලී ඇති ආකරය මෙහිදී පැහැදිලිවම දක්නට හැකිය. 2016 වසරේ සිට 2018 වසර දක්වා කාලය තුළදී මෙම අර්බුදය ඇතිවූ ආකාරය ගැන විශේෂ වාර්තා කිහිපයක්ම විදෙස් මාධ්‍ය මගින් මෙලෙස පෙන්වා දී ඇත. ලෝකයේ තියෙන සුවිශාලතම සන්නිවේදන සමාගමක් වන බ්‍රිතාන්‍යයේ (එංගලන්තයේ) ලයිකා මොබයිල් (Lycamobile) නමැති සමාගම ගැන විස්තර හෙළිකරන මෙම කතාවට සම්බන්ධ වී සිටින්නේ බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ රාජ්‍ය බලධාරීන්ය. ඉහත සිදුවීමේ ආකාරයට ප්‍රංශය යම් විමර්ශනයක් සිදුකිරීමට බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටියද එයට කිසිසේත්ම අවසරයක් නොලැබුණු ආකාරය ගැන එහිදී පැහැදිලි වෙයි. බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය යනු යුරෝපයේ ඇති ඉතා මිත්‍ර රටවල් දෙකකි. එහෙත් මෙම අර්බුදය හමුවේ එවැනි මිත්‍රත්වයක් පවා පසෙක දැමීමට අතිශය බලවත්වූ මෙම බ්‍රිතාන්‍ය ලයිකා මොබයිල් සමාගම යනු කුමක්ද? එසේම එම සමාගමේ හිමිකරුවන් කවුද? එම වගතුග මේ වන විට ලංකාවට බලපා ඇත්තේ කුමන ආකාරයටද? සැබැවින්ම මහත් ආන්දෝලනයක් ඇතිකරනු ලබන මෙම වගතුග ගැන සොයා බලමු.

ලයිකා මොබයිල් (Lycamobile) යනු බ්‍රිතාන්‍යයේ ප්‍රධාන මූලස්ථානය පිහිටුවා තිබෙන ජංගම අතථ්‍ය ජාල ක්‍රියාකරුවකු (Mobile Virtual Network Operator) ලෙස හැඳින්විය හැකිය. එනම් සරලව කිවහොත් අන්තර්ජාල ජංගම දුරකතන සන්නිවේදන සමාගමකි. මෙයට වසර 17කට පෙර එනම් 2006 වසරේදී මෙම සමාගම මූලික වශයෙන් බ්‍රිතාන්‍යය තුළ ආරම්භ කරන ලදී. ඉතා කෙටි කාලයක් තුළදී මහත් ප්‍රකටත්වයකට සහ දියුණුවකට පත්වූ මෙම ලයිකා මොබයිල් සමාගම ලෝකයේ රටවල් 60කට ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වන්නට විය. මෙහි සුවිශේෂ වගතුග වූයේ මෙම රටවලින් බහුතරයක්ම යුරෝපයේ රටවල් වීමය. ජර්මනිය, ප්‍රංශය, ඔස්ටි්‍රයාව, බෙල්ජියම, ඩෙන්මාර්කය, ඉතාලිය, අයර්ලන්තය, නෙදර්ලන්තය, නෝර්වේ, පෝලන්තය, පෘතුගාලය, රුමේනියාව, රුසියාව, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, ස්පාඤ්ඤය, යුක්රේනය වැනි යුරෝපීය රටවල් සියල්ලකම පාහේ මෙම සමාගම සතු ශාඛාවන් ඇත. එසේම ඇමෙරිකාව තුළද ශාඛාවන් කිහිපයක් ඇත. එම බටහිර රටවලට අමතරව ආසියාවේ සහ අප්‍රිකාවේ රටවල් කිහිපයකත් මෙම සමාගමේ ශාඛාවන් ඇත. මෙලෙස ලයිකා මොබයිල් සතුව සිටින පාරිභෝගිකයන් ප්‍රමාණය මිලියන 25ක්ද ඉක්මවා ඇතැයි පැවසෙයි. ඒ අනුව එම සමාගම නිරන්තරයෙන් උපයන ආදායම් පවා බොහෝ විට පවුම් බිලියන ගණනින්ද තක්සේරු වෙයි. එනම් පසුගිය කාලය පුරා එක් වසරක් තුළදී පවුල් බිලියන 3.0 ඉක්මවන ආදායම් ලබා ඇත. සැබැවින්ම මෙය මහා ධනස්කන්ධයකි.

දැන් එසේනම් මෙම සුවිශාල ධනවත් සමාගමේ අයිතිකරුවා කවරෙක්ද? ලයිකා මොබයිල් සමාගමේ සම්පූර්ණ අයිතිව හිමිවන්නේ තනි අයිතිකරුවකුටය. ඔහු අද ලෝකය පුරා මහත් කතාබහට ලක්ව සිටින සුවිශේෂ පුද්ගලයකු වෙයි. මොහුගේ නාමය අලිරාජා සුබාස්කරන්ය. මේ වන විට ලෝකයේ සිටින මහා ධනකුවේරයන්ගේ ලැයිස්තුවට මෙම නාමයද අයත් වෙයි. අලිරාජා සුබාස්කරන් යන නාමය මේ දිනවල මෙන්ම මෙයට පෙර වතාවන් ගණනාවකදීම ශ්‍රී ලංකාව තුළින් අසන්නට ලැබුණු ප්‍රකට එකකි. දැනට 51 වැනි වියෙහි පසුවන මෙම මහා ධනකුවේරයාගේ මූලික නිජබිම වන්නේ ශ්‍රී ලංකාව වන අතර ඔහු ශ්‍රී ලාංකික දෙමළ සම්භවයක් ඇති පුද්ගලයකු වෙයි. මේ හෙයින් මොහුගේ ජීවිත කතාන්දරය ශ්‍රී ලංකාවට බොහෝ වැදගත් එකකි. අලිරාජා සුබාස්කරන් ගැන ලියා තබන්නට බොහෝ කරුණු කාරණා ඇත. එහෙත් එයට පෙර මේ දිනවලදී ඔහු ගැන ශ්‍රී ලංකාව තුළ කතාබස් වන වගතුග කුමක්ද? එය සැබැවින්ම මහත් ආන්දෝලනාත්මක වගතුගකි. එනම් මෙම දිනවල ශ්‍රී ලංකාවේ රජය සතු සමහර ව්‍යාපාර පුද්ගලික අංශය වෙත හිමිකර දීමට රජය ගෙන ඇති තීරණය ගැන දැඩි කතාබහක් ඇත. මෙවැනි සමාගම් ගණනාවක ලැයිස්තුවක්ද පසුගියදා රජය විසින් ප්‍රකාශයට පත්කර තිබිණි. එම ලැයිස්තුවේ ඇති සුවිශාල ශ්‍රී ලාංකික ව්‍යාපාරයන් දෙකක් වන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ ලංකා හොස්පිට්ල්ස් ආයතනයයි. මෙම ආයතන දෙකෙහි රජය සතු සියලු කොටස් පුද්ගලික අංශයට විකිණීමට තීරණය කර තිබිණි. මෙහිදී පසුගියදා දැඩි කතාබහට ලක්වන්නට වූයේ ඉහත ආයතන දෙකෙහි කොටස් මිලදී ගන්නට යන්නේ අලිරාජා සුබාස්කරන් විසින් බවය. ඒ සඳහා මෙම ධනකුව්රයා සමග රහසිගත සාකච්ඡාවක් සිදුකිරීමටද වත්මන් රාජ්‍ය පාලකයන් කටයුතු කළ බවද හෙළිවී තිබිණි. එනම් ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය පාලකයන්ට සම්බන්ධ පාර්ශ්ව කිහිපයක් පසුගිය කාලයේ බ්‍රිතාන්‍යයට ගොස් මෙම ධනකුවේරයා රහසිගතව මුණගැසුණු ආකාරයද පසුගියදා මාධ්‍ය වාර්තා කිහිපයක් හරහා හෙළිකර තිබිණි. එහිදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලකයන්ට බොහෝ සමීප සබඳකම් ඇති යුවලක් මෙම රහසිගත සාකච්ඡා අලිරාජා සුබාස්කරන් සහ සිදුකළ බවටද කරුණු හෙළිවිය. මෙම රහසිගත වගතුග හරහා හෙළිව තිබුණේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ රජය සතු සියලු කොටස් සියල්ලම අලිරාජා සුබාස්කරන් වෙත විකුණා දැමීමට යන ක්‍රියාවලියකි. පසුගිය 2022 සැප්තැම්බර් මාසයේ සිටම මෙම රහසිගත සාකච්ඡා එංගලන්තය තුළදී සිදුකළ බවටද කරුණු වාර්තා විය.

ශ්‍රී ලංකා රජය තම සමාගම් පුද්ගලික අංශයට විකිණීමේ තීරණය ප්‍රකාශයට පත්කෙරුණේ මෙයට සති දෙකකට පමණ පෙරදීය. ඒ අනුව පෙනීයන්නේ ඉහත රහසිගත ක්‍රියාවලියක ප්‍රතිඵල දැන් පෙනෙන්නට තිබෙන බවය. තත්ත්වය එසේ තිබියදී මෙම අලිරාජා සුබාස්කරන් නමැති මහා ධනකුවේරයාගේ ජීවිතයේ තවත් තොරතුරු යමක් සොයාබලමු. මොහු සතුව ලයිකා මොබයිල් සමාගම පමණක් නොව තවත් ව්‍යාපාර ඇති බවද හෙළිවෙයි. එනම් එවැනි ප්‍රධානතම ව්‍යාපාරයක් වන්නේ චිත්‍රපට නිෂ්පාදන සමාගමක්ය. ලයිකා ප්‍රොඩක්ෂන්ස් (Lyca Productions) නමැති මෙම සමාගම පිහිටුවා ඇත්තේ ඉන්දියාව තුළය. එනම් 2014 වසරේ ආරම්භ කරන ලද එම චිත්‍රපට නිෂ්පාදන සමාගමෙහි තනි අයිතිකරුවා වන්නේ අලිරාජා සුබාස්කරන්ය. මෙය සැබැවින්ම නිකන්ම නිකන් චිත්‍රපට නිෂ්පාදන සමාගමක්ද නොවේ. එනම් පසුගිය වසර 10කට ආසන්න කාලයක් තුළදී මෙම සමාගම චිත්‍රපට 20ක ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇත. මේවා සියල්ලම අතිශය මහා ධනයක් වැය කරමින් නිෂ්පාදනය කරන ලද දෙමළ හා හින්දි චිත්‍රපට වෙයි. ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලබන චිත්‍රපට යනු ලෝකයේ ධනවත් රටවල් වන ඇමෙරිකාව සහ එංගලන්තය පවා අභිභවා යන තරමේ මහා විශාල ධනයක් වැයකර නිෂ්පාදනය කරනු ලබන චිත්‍රපටය. ඉන්දියානු රුපියල් කෝටි සිය ගණනක් මෙම එක් නිෂ්පාදනයක් සඳහා වැයවෙයි. අලිරාජා සුබාස්කරන් මෙම චිත්‍රපට සමාගම පවත්වාගෙන යන්නේ ඉහත ලයිකා මොබයිල් මවු සමාගම යටතේය. ඉන්දියාවේ තමිල්නාඩුවේ චෙන්නායි නුවර ඉහත චිත්‍රපට සමාගම පිහිටුවා ඇත. ඔහුගේ මෙම සමාගම මගින් නිෂ්පාදනය කරනු ලැබූ මුල් දෙමළ චිත්‍රපටය වූයේ ඉන්දීය සුපිරි දෙමළ සිනමා තරුවක් වූ තලපති විජේ විසින් ප්‍රධාන චරිතය රඟපාන ලද ‘කාත්තී’ (Kaththi) චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය ඉන්දීය සිනමාව තුළ විශාල ආදායම් වාර්තා තැබූ හෙයින් ලයිකා ප්‍රොඩක්ෂන්ස් සමාගම හොඳ ආදායමක් ඉපැයීම සිදු කළේය. එසේම ඉන් පසුව එම සමාගමේ කටයුතුද ඉතා සාර්ථක වන්නට විය. ඒ අනුව ඉන් පසුව ඔවුන් දිගින් දිගමටම දැවැන්ත සිනමා නිර්මාණ නිෂ්පාදනය කරන්නට ගත්තේය.

මෙම චිත්‍රපට සමාගම පසුගිය කාලය පුරා නිෂ්පාදනය කරන ලද අති දැවැන්ත සිනමා නිර්මාණවලින් බහුතරය දෙමළ චිත්‍රපට විය. එනම් නිෂ්පාදන 20කින් 16ක් දෙමළ චිත්‍රපට විය. මෙම සියල්ලෙන්මද පසුගිය 2022 සැප්තැම්බර් මාසයේදී ප්‍රදර්ශනය ආරම්භ කරන ලද ‘පොන්නියින් සෙල්වන්’ නමැති මහා දැවැන්ත නිෂ්පාදනය අතිසුවිශේෂ චිත්‍රපටයක් විය. දෙමළ සිනමාවේ සම්මානනීය මහා සිනමාකරුවකු වූ මනී රත්නම් මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූ අතර, නිෂ්පාදකවරයා වූයේ අලිරාජා සුබාස්කරන්ය. ‘පොල්නියන් සෙල්වන්’ (Ponniyin Selvan) චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සඳහා වැයවූ මුදල ඉන්දියානු රුපියල් කෝටි 500කි. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 2000ක් නොහොත් රුපියල් බිලියන 2ක් වෙයි. මේ මහා ධන සම්භාරය වැයකර ඇත්තේ අලිරාජා සුබාස්කරන් විසිනි. ඉන්දියාවේ සිටින ඉතා අධික මුදලක් අයකරනු ලබන හින්දි සහ දෙමළ නළු නිළියන් ගණනාවක් මෙහි චරිත නිරූපණය කරති. ඉන්දියවේ සොලී අධිරාජ්‍ය සමය තේමා කරගත් රජ කතාවක් මෙයට ඇතුළත්ය. මෙම චිත්‍රපටය ලැබූ ආදායම් වාර්තාවලට අනුව එය නිෂ්පාදනය කළ මුදලට වඩා දසගණයක් පමණ ලාභය හිමි කරගෙන ඇත. මේ අනුව මෙම චිත්‍රපටයේ දෙවැනි කොටසක්ද දැනට නිෂ්පාදනය වෙමින් පවතී. එයටද මුදල් වැයකරනු ලබන්නේ අලිරාජා සුබාස්කරන් විසිනි. මේ ආකාරයට මෙම දෙමළ ධනකුවේරයා සතුව කොපමණ ධනයක් තිබේදැයි ඔබට සිතාගත හැකිය.

මෙවැනි වටපිටාවක් යටතේදී හෙට අනිද්දාම අලිරාජා සුබාස්කරන් විසින් ලංකාවේ ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල්ස් මිලදී ගැනීම කජු කනවා වැනි වැඩකි. ඒ සඳහා ඔහුට ඕනෑ තරම් ධනය ඇත. මෙම වගතුග තුළදී ඔහු ශ්‍රී ලංකාවට අමුතු ආයෝජකයකු හෝ අලුත් ආයෝජකයකු ද නොවේ. එනම් දැනට වසර 05කට පමණ ඉහතදී ශ්‍රී ලංකාව තුළ ඊ.ඒ.පී. ව්‍යාපාර සමූහය මිලදී ගත්තේ මෙම ධනකුවේරයා විසිනි. ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් සතුව තිබුණු එම ව්‍යාපාරය අලාභ ලබමින් කඩාවැටුණු විටදී අලිරාජා සුබාස්කරන් විසින් එම ව්‍යාපාරය මුළුමනින්ම මිලදී ගත්තේය. දැනට මෙම ව්‍යාපාරය සතුව ස්වර්ණවාහිනී රූපවාහිනී ආයතනය, සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ගුවන් විදුලි නාලිකා තුනක් සහ දිවයින පුරා තිබෙන අතිසුඛෝපභෝගී සිනමා ශාලා සංකීර්ණ ජාලයක්ද ඇත. මේ ආකාරයට මේ වන විට අලිරාජා සුබාස්කරන් යනු මෙරට තුළද ව්‍යාපාර හිමි පුද්ගලයෙකි.

අලිරාජා සුබාස්කරන්ට එරෙහිව විවිධ අවස්ථාවලදී විවිධ පාර්ශ්ව විසින් එල්ල කරනු ලබන චෝදනා බොහෝය. එනම් පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේදී ඔහු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සමග බොහෝ සමීපව කටයුතු කළේය. එහෙයින් ඔහුට එරෙහිව විවිධ දූෂණ වංචා චෝදනාද එල්ල වූයේය. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යම් ක්‍රියාපටිපාටීන් සිදුවීම්වලදී එම චෝදනා ප්‍රබලව එල්ල විය. එයට අමතරව මෙම ලිපියේ මුලින් ඔබට සඳහන් කළ ඔහුගේ ලයිකා මොබයිල් සමාගම ආශ්‍රිතව බහුලව කතා කෙරෙන මූල්‍ය අපරාධ වර්ග බොහෝය. එහිදී මූල්‍ය විශුද්ධිකරණය ඔහුට එරෙහිව නැගෙන අතිශය ප්‍රබල ජාත්‍යන්තර චෝදනාවයි. ඔහුගේ සමාගම් ඇති රටවල් ගණනාවකින් එම චෝදනාවන් ගෙන එති. බ්‍රිතාන්‍යය තුළින්ද එම චෝදනා පැනනැගී ඇතත් අලිරාජා සුබාස්කරන්ට බ්‍රිතාන්‍යයේ රජය දක්වන්නේ මහත් හිතෛෂීභාවයකි. එයට හේතුව වන්නේ ඔහු පසුගිය කාලයක් පුරාම බ්‍රිතාන්‍යයේ ප්‍රබලම දේශපාලකයන් වෙත මූල්‍යමය ආධාර පිරිනැමීමයි. අගමැතිවරු සියල්ලක්ම ඔහුගේ කාලීන මිතුරන්ය. එසේම ඔහු එංගලන්තයේ රජ පවුලටද විවිධ මූල්‍ය අරමුදල් ආධාර ලබාදෙයි. මේ වටපිටාව යටතේ ඔහු නීතියටත් වඩා ප්‍රබල පුද්ගලයෙකි. 1983 කළු ජූලිය සමයේ කුඩා දරුවෙක්ව සිටියදී මවුපියන් සමග එංගලන්තයට පැනගිය අලිරාජා සුබාස්කරන් දැන් සිටින තත්ත්වය ගැන තව කුමක් ලියා තබන්නද?



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

අරක හොඳයි.. මේක හොඳයි.. ටිකක් හොඳයි.. එයා හොඳයි… මෙයා හොඳයි කිය කියා තවත් මිනිස්සු අන්දන්නෙ නැතිව ණය අරන්.. ණය අරන් රටට වෙන දේ සමන්ත නම් තේරෙන බාසාවෙන් කියනවා! VIDEO

Next Post

මිලියන 200ට අපේ මන්ත්‍රීවරු බිලීබාගන්න හදනවා! සජබෙ කිසි කෙනෙක් සල්ලිවලට ජනතාව පාවා දෙන්නේ නෑ! සජිත් කියයි! විපක්ෂනායකතුමනි ලක්ෂ 2000ට නෙමෙයි ලක්ෂ 10000ක් දෙනවා කිව්වත් අපි ජනමතය පාවා දෙන්නේ නෑ! සජිත් ඉන්නකොටම මරික්කාර් ප්‍රසිද්ධියේ කියයි! VIDEO

MORE NEWS

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.