• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

අපේ පුෂ්පරත්නම් සර්…

March 30, 2023
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
අපේ පුෂ්පරත්නම් සර්…
Share on WhatsAppShare on Facebook

මගේ යාපනයේ මගේ කතාවේ පේරාදෙණිය තුළ තනිවුණු යාපන හීනය සතු එක මතකයක් අදටත් මතකයේ ඇත්තේ කිසිදු නව මතක සායමකට මකනු බැරි ලෙසිනි. එදවස අපි උන්නේ පේරාදෙණිය සරසවියේ අවසන් වසර පන්තියේය. එක දේශනයක් අවසන් වී එළියට පැමිණි ඇසිල්ලකදී හදිසියේම යමෙක් කීවේ ‘අද යාපනේ පුෂ්පරත්නම් සර් ඇවිත් ඉන්නවා…’ යනුවෙනි. යාපනේ සිට පැමිණි මහාචාර්ය පී. පුෂ්පරත්නම් දකින්නට අපිට වූයේ කුතුහලය මුසු කැමැත්තකි. එය අපි කැමැති නළුවකු දැකගැනීමට වූ කැමැත්ත මෙන් වූ හැඟීමකි. ඇතැම් විටෙක පතපොතෙහි දුටු පුෂ්පරත්නම් සර් බලන්නට අවශ්‍ය වුවද ඔහු සමග කතා කළ යුත්තේ මොනවාදැයි කියා නිනව්වක් තිබුණේ නැත. ගෙදරට අමුත්තකු ආ විට කුඩා කල දොර රෙද්දට මුවාවී බලන අයුරින් අපි පුෂ්පරත්නම් සර් දෙස බැලුවෙමු. මගේ මිතුරිය චිත්‍රමාලා තරංගනී එවක උන්නේ ‘නාණක විද්‍යාව’ හෙවත් පුරාණ කාසි පිළිබඳ අධ්‍යයනයක් සිදුකිරීමේ කැමැත්තෙනි. ඒ නිසාම තරංගනීට අවශ්‍ය වූයේ මේ විද්වතා සමග කතාකරන්නටත් යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව තිබෙන වගට කියවා තිබූ කාසි පිළිබඳ අසන්නටත්ය.

ප්‍රධාන කලාගාර ගොඩනැගිල්ලේ පිහිටි දෙමළ භාෂා දෙපාර්තමේන්තුව ඉදිරිපිට කොරිඩෝවේ උන් ඒ අමුත්තාට ළං වීමට හිත පසුබෑවද මට ඔහු සමග කතාකරන්නට නැතත් ඔහු දෙස ළඟින් බලන්නට තිබූ ආශාව නිසාම ‘යමු යමු ගිහින් කතාකරමු’ කියා මම මගේ මිතුරිය තල්ලු කරගෙන පුෂ්පරත්නම් සර් වෙත ගියෙමි. එදා මට කතා කළ දේ මතක නැතත්, තාමත් පුෂ්පරත්නම් සර් අපේය යන හැඟීමක් හිතට එයි. ඒ, ඔහුත් අපිත් පුරාවිද්‍යාවට සම්බන්ධ නිසා මෙන්ම අපි මුලින්ම දැනහඳුනාගත් යාපනේ අයකු නිසා එහෙම හිතෙනවා දැයි මා නොදනිතත් ජේතවනාරාම ව්‍යාපෘතියේ පුහුණුව ලැබීම නිසා එය ‘අපේ ජේතවනය’ වූවා සේම, පුරාවිද්‍යාව, යාපනේ ජීවත් වූ පුෂ්පරත්නම් සර් නිහඬවම අපේ විය. මේ වන විට කීප වතාවක් පුෂ්පරත්නම් සර් මුණගැසුණද, වචනයක් කතා නොකළද කවුරුහරි යාපනේ යැයි කී පමණින් මට පුෂ්පරත්නම් සර් ගැන කියවේ. මේ සියල්ල මගේ හිතේ තිබූ යාපනය කෙරේ වූ උන්මාදය නිසා හෝ අපේ යටිහිත යාපනයෙන් බලාපොරොත්තු වූ හිතවත්කම කෙරේ වූ රික්තකය යම් පමණකින් හෝ පුරවා ගැනීමේ හැඟීමද විය හැකිය. කෙසේ වුවද ඊළඟ වතාවේ යාපනේ ගිය විට ඔහු හමුවීමට මම අදිටන් කර සිටිමි.

අදටත් මගේ මිතුරියත් මමත් හමුවී අපේ අතීත කතා රසවිඳින කල මේ නම් ගම් අපි කතාකරන්නේ ‘අපේම’ කෙනකු ගැන කතාකිරීමේ හැඟීමෙනි. එදා වගේම ඔහු අපි පිළිගනු ඇත. මෙදා ඔහු මුණගැසෙන විට ඔහුගෙන් අහන්නට, දැනගන්නට බොහෝ දෑ ඇත. එක වචනයක්වත් කතානොකර අපි මේ හැටි ආදරේකින් ගෞරවයකින් ඔවුන් වෙත බැඳී ඇත්නම් අපි සැබෑවට ඔවුනොවුන් එකට මුසුවී නම් එකිනෙකා වෙත කොපමණ ගරුත්වයකින් ආදරයකින් කටයුතු කරාවිදැයි යන්නට උදාහරණ අවශ්‍ය නොවේ. පුෂ්පරත්නම් සර්ගේ මතකය ළඟට සිටිනා ඊළඟ මතකය ‘කබිලන් අයියා’ය.

කබිලන් අයියා සොයා කොඩිකාමම් යන්නට මේ දැන් මම දුම්රිය ප්‍රවේශ පත්‍රයක් වෙන්කර ගැනීමට මාතර ස්ටේෂමට යා යුතුය. එන්න කැමැති කෙනකු වේ නම්, එන්න මාත් එක්ක.



මම යාපනේ පෙම්වතිය සඳරැසී සුදුසිංහ

SendShareShare
Previous Post

බාල වයස්කාර සිසුවිය අපයෝජනය කළ හිටපු විදුහල්පති ආර්.එම්. මර්වින් අවුරුදු 30ක් හිරේ!

Next Post

මරණ දඬුවම නියමව සිටි රෝයල් පාක් මිනීමරු ජූඩ් ජයමහට මෛත්‍රීපාල ජනාධිපති සමාවක් දුන්නේ කොහොමද? ශ්‍රේෂ්ඨාධිකරණය මෛත්‍රී ගත් තීරණය අඩංගු ලේඛනය ඉල්ලයි!

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.