සීමාසහිත ෆර්ස්ට් ෆ්‍රෙන්ඞ්ස් කැම්පස් (පෞද්ගලික) සමාගම මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ කර්මාන්ත සංවර්ධන සහ ව්‍යවසායකත්ව ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ‘තරු සම්මාන 2019’ ව්‍යවසායකත්ව විශිෂ්ටතා සම්මාන උළෙලේදී සේවා අංශයේ විශිෂ්ට ව්‍යවසායකත්වය වෙනුවෙන් තරු සම්මාන දිනා ගත්තේය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මහනුවරදී උත්කර්ෂවත් අන්දමින් පැවැති සම්මාන ප්‍රදානෝත්සවයේදී ෆර්ස්ට් ෆ්‍රෙන්ඞ්ස් සමූහයේ ප්‍රධාන විධායක රොහාන් විජේරත්න මහතා තරු සම්මාන ලබා ගත්තේය.
අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ විභාගවලින් පසු වැඩි දුර අධ්‍යාපනයට යොමු වන සිසුන්ට තෘතීයික අධ්‍යාපනයේ මං පෙත් විවර කිරීම අරමුණු කර ගත් FFC ආයතනය වෛද්‍ය, ව්‍යාපාර අධ්‍යයනය, ඉන්ජිනේරු, ගුරු පුහුණුව හා මනෝ විද්‍යාව ඇතුළු විෂය ක්ෂේත්‍ර රැසකට අදාළ උසස් තත්ත්වයේ පාඨමාලා පවත්වයි.











