• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල් ලංකාවට එයි

February 2, 2020
in Exclusive, Rajya Rahas
Reading Time: 3 mins read
A A
බැසිල් ලංකාවට එයි
Share on WhatsAppShare on Facebook

”බැසිල් කෝ….”

මේ පසුගිය මාස කිහිපය පුරාම රටේ ජනතාව මෙන්ම පොහොට්ටුවේ ප්‍රධානීන්ද නිතරම අහපු ප්‍රශ්නයය. ඒ නිසාම පසුගිය සතියේ අපි “මව්රට” පුවත්පත ඔස්සේ පොහොට්ටුවේ න්‍යායාචාර්යවරයා වූ බැසිල් රාජපක්ෂ මහතා පිළිබඳව විශේෂ සටහනක් තැබීමට කටයුතු කළෙමු. එහිදී එම ලිපිය ආරම්භ කර තිබුණේම “සූදානම් වන්න. අතිවිශිෂ්ටතම ජනතා විජයග්‍රහණයට” යනුවෙන් බැසිල් සිය ෆේස්බුක් ගිණුමේ ඉකුත් ජනවාරි 9 වැනිදා උදේ 11.20ට ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර සිට තැබූ විශේෂ සටහනකිනි. බැසිල් ඒ හරහා ඉඟි කර තිබුණේ ඉදිරි මහ මැතිවරණය මුල්කරගෙන ලංකාවට පැමිණ දැවැන්ත වැඩ කොටසක් ඉටු කිරීමට තමන් සූදානමින් සිටින බවකි.

කෙසේ වෙතත් නැවත වතාවක් බැසිල් ගැන පසුගිය සතියේ කතාබහක් එළියට ආවේ පොහොට්ටුවේ සාමාජිකයකු වන ධනසිරි අමරතුංග මහතා තැබූ ෆේස්බුක් සටහනකිනි. තව ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ධනසිරිටද ආයතන සභාපතිකමක් ලැබෙනු ඇති බව කියැවුණද එම තනතුරු පත්කරන කමිටුවෙන් ධනසිරිගේ නම එළියට ආවේ නැත. බැසිල්ගේ සමීප හිතවතකු වන ධනසිරි ඉන් කලකිරී සිටින බවත්, ඉදිරි මහ මැතිවරණය සඳහා තරග කිරීමේ අරමුණින් සිටින නිසා ධනසිරි ඒ පිළිබඳ වැඩිපුර ඉල්ලීම් කරන්නට ගියේ නැති බවත්, වාර්තා විය. කෙසේ වෙතත් සිය ෆේස්බුක් ගිණුවේ සටහනක් තබමින් ධනසිරි කියා තිබුණේ “රටම කියන්නේ බැසිල් සර් එනවා නම් මේ හැමදේම හරි. නායක බැසිල් රාජපක්ෂ සමඟ 2020 මහ මැතිවරණය අතිවිශේෂ විජයග්‍රහණයකට සූදානම් වෙමු.”යැයි කියාය.

කෙසේ වෙතත් සැවොම බැසිල්ගේ ලංකා ගමන පිළිබඳ විශාල අවධානයක් යොමු කර තිබීම නිසා පසුගිය දින කිහිපය පුරාම විවිධ දින සඳහන් කරමින් වෙබ් අඩවිවල පුවත් පළවනු දැකගත හැකිවිය. ඇතැම් පුවත්පත්වල සඳහන් වූයේ ජනවාරි 16 වැනි දින බැසිල් ලංකාවට පැමිණෙනවා කියාය. තවත් පුවත් පත්වල ජනවාරි 25 වැනි දින බැසිල් ලංකාවට එනවා යැයි කියාය. අවසානයේදී පසුගිය බ්‍රහස්පතින්දා (30) වෙබ් අඩවි රැසක්ම පුවත් පළ කර තිබුණේ එදින රාත්‍රියේ බැසිල් ලංකාවට පැමිණීමට නියමිත යැයි කියාය. නමුත් මේ පුවත් එකක්වත් ඇත්ත නොවුණේ ඒ කියපු කිසිම දිනෙක බැසිල් ලංකාවට නොපැමිණි නිසාය. නමුත් අපට ඇති ආරංචිවලින් කියවෙන්නේ බැසිල් ඉරිදා (02) දින ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි කියාය.

කෙසේ වෙතත් බැසිල් ඉරිදා දිනයේ ලංකාවට එන්නේ නිකම්ම අත් දෙක වන වනා නොව ඉදිරි මැතිවරණය පොහොට්ටුව තරග කළ යුතු ආකාරය පිළිබඳව සියලු සැලැසුම් සකස් කර ගෙනය.
එමෙන්ම සිය ඇමෙරිකානු පුරවැසිභාවය අතහැර මෙවර මැතිවරණයේදී තරග කිරීමේ අරමුණින් යුතුවය. එහිදී දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ගිය කටකතාවලින් කියවුණේ බැසිල් කුරුණෑගලින් මහින්ද ගම්පහිනුත් තරග කිරීමට සූදානමින් සිටිනවා යැයි කියාය. මේ පිළිබඳ විශාල සංවාදයක් රට ඇතුළේ යද්දී ඉකුත් අඟහරුවාදා දින ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් කැඳවූ පොහොට්ටුවේ සභාපතිවරයා වූ ජී.එල්.පීරිස් මහතා කියා සිටියේ මහින්ද ගම්පහෙන් තරග වදින කතාව අසත්‍යයක් බවත්, ඉකුත් වතාවේ මෙන්ම මහින්ද මෙවරත් කුරුණෑගලෙන් තරග වදින බවත්ය. ජී.එල්.පීරිස් කීවේ බැසිල් ගම්පහෙන් මැතිවරණයට ඉදිරිපත් වීම ස්ථිර නිසාද යන්න පිළිබඳවද බොහෝ දෙනා සැක පළ කොටතිබේ.
කෙසේ වෙතත් ඉරිදා දිනයේදී ලංකාවට පැමිණීමට නියමිත බැසිල්ට වෙන වැඩක් කරන්න මිනිත්තුවක් හො නැතිවන ආකාරයක් මේ දිනවල පොාහොට්ටුව ඇතුළේ සිදුවන දේවලින් පෙනෙන්නට තිබේ. ඊට හේතුව වී ඇත්තේ ආණ් ඩු පිහිටුවීමෙන් පසු මැති ඇමැතිවරුන්ගේ මෙන්ම සංවිධායකවරුන්ගේත්, සභාපතිවරුන්ගේත්, පාක්ෂිකයන්ගේත් ප්‍රශ්න වැලකට මුහුණදීමයට බැසිල්ට සිදුවනු ඇති නිසාය. ආණ්ඩුව ඇතුළේ සිදුවන ඇතැම් කටයුතු සම්බන්ධයෙන් මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු එතරම් ප්‍රසාදයකින් යුක්ත නොවීම මේ සඳහා හේතු වී තිබේ.

කෙසේ වෙතත් ඇමෙරිකාවේ ගත කළ මාස 02කට අධික කාලය තුළ බැසිල් නිකම් සිටියේ නැත. කණ්ඩායම් කිහිපයක්ම යොදවා බැසිල් ලංකාවේ තත්ත්වය පිළිබඳ පූර්ණ සමාලෝචනයන් සිදුකොට එක් ප්‍රතිඵල තමන්වෙත ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබිණි. එහිදී දැනට රට තුළ පොහොට්ටුවට ඇති ප්‍රසාදය, වාසි අවාසි සහගත තැන්, මැතිවරණයේදී අවධානය යොමු කළ යුතු මාතෘකා, කතා කළ යුතු ප්‍රශ්න, වාසි සහගත දිස්ත්‍රික්ක, අවධානය යොමු කළ යුතු ආසන පමණක් නොව රනිල් නායකත්වයේ හිටියොත් පොහොට්ටුවට වන වාසි අවාසි, සජිත් නව සන්ධානයක් නිර්මාණය කොට තරග වැදුණොත් විය හැකි වාසි අවාසි පිළිබඳ මෙම මත විමසුම හරහා බැසිල් යම් චිත්‍රයක් මවාගෙන ඇති බව ආරංචිය.
බැසිල් මේ ආකාරයට මත විමසුම් කරමින් ඒවායේ ප්‍රතිඵල අනුව වැඩ කළේ පළමු වතාවට නොවේ. ඉකුත් ජනාධිපතිවරණයේදී බැසිල් මේ ආකාරයටම මත විමසුම් කර කල්තියාම ප්‍රතිඵල අතටගත් බව අප ජනාධිපතිවරණයට පෙර මුද්‍රණය කළ අවසන් “මව්රට” පුවත්පතේ මුල් පිටුවේම පළ කළේය. එහිදී අප පැහැදිලිවම කියා සිටියේ බැසිල් කළ එම මත විමසුම අනුව 52%ක ප්‍රතිශතයක් ලබා ගැනීමට හැකියාව පවතින බවකි. 2019 නොවැම්බර් 13 වන බදාදා “මව්රට” එය අනාවරණය කර සිටියේ මේ ආකාරයටය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් සිය සාමාජිකයන්ට හඳුන්වා දී ඇති යෙදෙවුම් මගින් කරන ලද නවතම සමීක්ෂණයකදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට දකුණේ දිස්ත්‍රික්කවලින් දැවැන්ත බහුතරයක් ලබා ගත නොහැකි බවට කරතිබූ දැනුම්දීමකට අනුව එහි න්‍යායාචාර්ය බැසිල් රාජපක්ෂ මහතා නැඟෙනහිර පළාතේ ඡන්දය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව පසුගිය සතියේ දින 4ක කාලයක් නැඟෙනහිර එරාවුර්, පොතුවිල්, අක්කරෙයිපත්තුව, අම්පාර, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල රැඳී සිටි බැසිල් රාජපක්ෂ මහතා එහි සෑම නිවෙසකම තුන් වතාවක් යන ලෙසට එහි සාමාජිකයන්ට දැනුම් දී ඇති බව වාර්තා වේ. එහිදී සෑම නිවෙසකින්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබෙන ඡන්ද ප්‍රමාණය යෙදවුම් මගින් දැනුම් දිය යුතු බවද රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ. මෙම යෙදවුම් හරහා කර ඇති අවසන් මත විමසුමේදී 52%ක ඡන්ද ප්‍රතිශතයක් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගනු ඇති බව දක්වා තිබුණත් ඉන් 5%ක, 6%ක ප්‍රතිශතයක්, තවමත් වැඩ උඩ සිටිනා බවත්, දැනුම් දී ඇත. ඒ අනුව 46%ක හෝ 47%ක ප්‍රතිශතයක් ගෝඨාභය මහතාට හිමිවීමට ඉඩ ඇති නිසා මෙසේ බැසිල් රාජපක්ෂ මහතා නැඟෙනහිර ප්‍රදේශයේ සංචාරය කර ඇති බවද දැනගන්නට තිබේ.

2019 නොවැම්බර් 13 බදාදා කෙසේ වෙතත් මේ දිනවල පොහොට්ටුව එක තැන හිරවී ඇති ආකරයත් දැනගැනීමට ඇති නිසා බැසිල් රාජපක්ෂ එන්නේ මේ එක තැන හිරවී ඇති පොහොට්ටුව යළි පණ ගසා මහමැතිවරණයට සූදානම් කිරීමටය.
“සූදානම් වන්න. අතිවිශිෂ්ට ජනතා විජයග්‍රහණයට” යනුවෙන් බැසිල් රාජපක්ෂ කල් තියාම සිය ෆේස්බුක් පිටුවේ ඇමෙරිකාවේ සිටම සටහන් කළේ දැනටමත් බැසිල්ගේ ඔ`ඵවේ ඒ සියලු සැලැසුම් ඇති නිසාය.
මේ අතර බැසිල් ලංකාවට එන්න හරියටම සතියක් තියා සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වන “සන්ඬේ ටයිම්ස්” පුවත්පත ආණ්ඩුවේ මාස 02ක ගමන් මඟ පිළිබඳව සිදුකළ මත විමසුමක් සිය පුවත්පතේ පළකිරීමට පියවර ගෙන තිබිණි. සන්ඬේ ටයිම්ස් පුවත් පත යනු දැනට වෙළෙඳපොළේ ඉහළම නමක් දිනාගෙන සිටින සහ ඉහළම අලෙවියක් සහිත පුවත්පතය. එහිදී ඔවුන් ඉතා කෙටි ප්‍රශ්න ජනතාවට යොමුකර තිබුණු අතර ඊට ලැබී තිබුණු පිළිතුරු මෙසේය.

“මේ දක්වා ආණ්ඩුව හොඳද?
44%ක් ඔව්-26%ක් නෑ-20%ක් විශ්වාස නෑ.
නව ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති හොඳද?
19%ක් ඔව්-34%ක් නෑ- 47%ක් විශ්වාස නෑ.
ආයතනවලට පත් පුද්ගලයන් හොඳද?
30%ක් ඔව්- 36%ක් නෑ- 34%ක් විශ්වාස නෑ.
ජීවන වියදම අඩුද?
17%ක් ඔව්- 60ක් නෑ- 23%ක් විශ්වාස නෑ.

බැසිල් ලංකාවට එන්නේ ආණ්ඩුවේ ගෙවුණු මාස 02ක කාලය සම්බන්ධයෙන් පුවත්පත කළ මත විමසුමක් එසේ ප්‍රසිද්ධ කර තිබියදීය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

ශ්‍රී ලන්කන් ‌ලොක්කෙකුගේ බිරිදක් ජාත්‍යන්තර අල්ලස් ගනුදෙනුවක: ලන්ඩන් උසාවියේදී සියල්ල එළියට

Next Post

මහනුවර ෆර්ස්ට් ෆ්‍රෙන්ඞ්ස් කැම්පස් තරු සම්මාන දිනයි

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.