• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දැන් ඉන්න ගොඩදෙනෙක් මාව අඳුනන්නේ නැහැ

February 3, 2020
in Heart
Reading Time: 1 min read
A A
දැන් ඉන්න ගොඩදෙනෙක් මාව අඳුනන්නේ නැහැ
Share on WhatsAppShare on Facebook

මේ දවස්වල අපට පුංචි තිරයේ වනවාසී ලොකු හාමුදුරු නමක් දකින්න ලැබෙනවා. හැබැයි නුහුරු පෙනුමක් දැනුණාට ඔහු මේ කලා ක්ෂේත්‍රයේ සුවිශේෂී තරුවක්. වසර ගණනාවකට පසු ඔහු නැවැත කලා ක්ෂේත්‍රයට පිවිසිලා ඔහු නමින් වසන්ත කොටුවැල්ලයි.
කාලෙකට පස්සේ ඔබ පුංචි තිරයට නැවැත සම්බන්ධ වෙලා. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ඔව්. සෑහෙන කාලෙකට පස්සේ තමයි මම ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණේ. ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න බැරිකමට මම සම්බන්ධ වුණා. මෙයට කලින් මම අශෝක අතාවුදහෙට්ටි නිර්මාණය කළ ‘කන්දක් සේමා’ චිත්‍රපටයට සම්බන්ධ වුණා. තවම එය තිරගත වුණේ නැහැ.
මේ තරම් කාලයක් නිහඬව සිටියේ ඔබ කිනම් කරුණු කාරණාවක් මතද කියල පැවැසුවොත්?
2015 වර්ෂයේ ඉඳලා 2018 වර්ෂය කාලය වෙනකම් මම සාර්ක් සංස්කෘතික අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා. ඒ වෙනුවෙන් මම පූර්ණකාලීනව වැඩකටයුතු සොයා බලා කටයුතු කළා. තවත් සමහර අවස්ථාවල මට රාජකාරි කටයුතු වෙනුවෙන් විදේශගත වීමට පවා සිදුවුණා. එයට අමතරව ලංකාවේ සියදිවි හානිකර ගැනීම අවම කිරීම සඳහා ඒ වෙනුවෙන් කටයුතු කළා.
ඒ මානසික පීඩනයෙන් පෙළෙන ජනතාව ගැන සොයා බලා ඔවුන්ව දැනුවත් කිරීමේ කටයුතුත් කළා. ඉතින් ඒ පූර්ණකාලීන වැඩකටයුතු නිසා කලා නිර්මාණ සඳහා දායක වීමට කාලය අඩුවුණා. ඒ තිබුණු රාජකාරි කටයුතුවල බරපතළකම වැඩි නිසා පූර්ණකාලීනව ඒ වෙනුවෙන් කාලය කැප කළා.
එලෙස පූර්ණකාලීනව සමාජ මෙහෙවරක් කළ ඔබ වර්තමානයේ මෙලෙස ‘සංසාරාරණ්‍යය අසබඩ’ නිර්මාණයේ නතරවන්න රහසකුත් ඇති නේද?
සංජය නිර්මාල් මාව හමුවෙලා කතා කරන්න ඕනෑ කිව්වම මම ලොකු කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒත් ඔහු මේ ටෙලි නාට්‍යයට මාව ඕනෑමයි කියලා කිව්වා. ඒ වගේම සයිමන් නවගත්තේගම මගේ සහෝදරයෙක් හා සමානයි. ඒ තරමට අපි අතර ලොකු බැඳීමක් තිබුණා. ඔහු මට හමුවන්නේ ‘තුන්වැනි යාමය’ චිත්‍රපටයට රූපගත කිරීම් කරන කාලය තුළ.
එහිදී ඔහු මාව ගොඩක් දිරිමත් කළා. ඔහුගේ ‘සංසාරාරණ්‍යය අසබඩ’ නවකතාව ඇතුළු නිර්මාණ කිහිපයක් කියවලා තිබුණා. ඒ වගේම සංජය නිර්මාල්ගේ නිර්මාණ කිහිපයක් මම නරඹලා තිබුණා. ඔහු මේ ක්ෂේත්‍රය ගැන හොඳ අවබෝධයකින් වැඩ කරන කෙනෙක් විදියට මම ඔහුගේ නිර්මාණවලින් දැක්කා. ඉතින් ඔය කරුණු කාරණා එක්ක නැවැත මගේ හිතට ආපු සිතුවිල්ලක් නිසා තමයි මේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න හිතුවේ.
ඉතින් ලොකු හාමුදුරුවන්ගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
දැන් ඉන්න ගොඩක් දෙනෙක් මාව අඳුරන්න බැරිව ඇති කියලා මම හිතනවා. කාලෙකින් රඟපාන නිසා. අනෙක මම කරන දේ සතුටින් හරියට කරනවා. කාලෙකින් රඟපාන්න ආව කියලා මට එහෙම වෙනසක් දැනුණේ නැහැ. ප්‍රතිචාර ලැබෙන්නේ ටෙලිනාට්‍ය අවසානය වුණාට පසුවයි. එවිට විචාරකයන්, මාධ්‍යවේදීන්, රටේ ප්‍රේක්ෂක ජනතාව මගේ චරිතය ගැන වාද, විවාද ප්‍රතිචාර දක්වයි. ඒ මොන ප්‍රතිචාරය දැක්වුවත් මට කරන්න පුළුවන් උපරිම විදියට මම රඟපෑවා. ඒ ගැන මම සතුටු වෙනවා.
ඔබ කලා ක්ෂේත්‍රයේ විතරක් නොව සමාජයේ දැනුම තිබෙන සුවිශේෂී පුද්ගලයෙක්. අද බිහිවෙන නිර්මාණ ගැන විවේචන වැඩියි. මොකද හිතෙන්නේ ඒ ගැන?
අද අවට ලෝකය සහ ජීවිත ගෝලීය සන්නිවේදන ජාලයන් තුළ එකිනෙකට බැඳී පවතින බවක් මම දකින්නේ. නමුත් එය අප අත්විඳිය යුතුයි. ඒ තුළ තමයි නිර්මාණ බිහි වෙන්නේ. ඒ සියල්ල තිබිය යුතුයි. විවිධත්වයට ගරු කළ යුතුයි. උදාහරණයක් විදියට සමහරු වින්දනයට ටෙලිනාට්‍ය නරඹනවා. තවත් සමහරු අධ්‍යයනය කිරීමට නරඹනවා. තවත් සමහරු පෞද්ගලික සංවර්ධනයට නරඹනවා. තවත් සමහරු මනසට ආහාරයක් විදියට රසවිඳිනවා. ඒ අතර විවිධාකාර නිර්මාණ බිහිවෙනවා. ඒ සියල්ල වැලඳගත යුතුයි කියලා මම හිතෙන්නේ. කිසිවක් නරක නැහැ. ප්‍රේක්ෂකයාගේ රසවින්දනය අනුව අවශ්‍ය දේ තෝරාගන්නේ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

JAT සමාගම International Wood Expo 2019 ප්‍රදර්ශනයට අනුග්‍රහය දක්වයි

Next Post

සුද්ද විදපු පළමුවැනි ගල

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.