• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ඉන්දියාව කණපිට හරවන නව පුරවැසි පනත

January 29, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
ඉන්දියාව කණපිට හරවන නව පුරවැසි පනත
Share on WhatsAppShare on Facebook


පසුගිය දිනවල ඉන්දියාවේ අහිංසක මිනිස් ජීවිත 30ක් බිලිගත්, නව ඉන්දියානු පුරවැසි සංශෝධන පනත(Citizenship Amendmemt Act – CAA) ට එරෙහිව සිදුකළ මහා ජනතා උද්ඝෝෂණය ඉන්දියානු ඉතිහාසයට එකතු වූ තවත් අතිශය ඛේදනීය සිදුවීමකි. ආන්දෝලනයට හේතු වූ නව පුරවැසි පනත මඟින් එරට සිටින මුස්ලිම් ජනතාවට මහත් අසාධාරණයක් සිදුවෙතැයි ප්‍රධාන වශයෙන් චෝදනා නැඟුණු අතර, මෙම පනත අහෝසි කර දමන මෙන් ඉන්දියාවේ වෙසෙන ජාතීන් ගණනාවක උද්ඝෝෂකයෝ කියා සිටියහ. එහෙත් එම උද්ඝෝෂණ නොතකා පසුගිය දෙසැම්බර් මාසයේ මුල් කාලයේ එම පනත ඉන්දීය පාර්ලිමේන්තුවේදී සම්මත විය. මෙම ප්‍රශ්නය තවද දැවෙමින් ඇත.
මෙම අර්බුදයේ දැන් අලුත්ම තත්ත්වය ලෙස වාර්තා වන්නේ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය, ඉන්දීය රජයට එරෙහිව ලබාදී ඇති නියෝගයක් පිළිබඳ වගතුගකි. එනම් පුරවැසි සංශෝධන පනතට එරෙහිව විවිධ පාර්ශ්ව විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් සහ ඉල්ලීම් 143ක් ගැන ඉන්දීය රජය අවධානය යොමුකර සලකා බැලිය යුතු බැව්ය. මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දීය රජයට සති 04ක (මාසයක) කාලයක් කල්දී ඇත. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රධාන රජයට මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇත. පුරවැසි සංශෝධන පනත මඟින් ව්‍යවස්ථාමය වලංගුභාවය ඉටුවන්නේ කෙසේදැයි මෙම පෙත්සම් මඟින් ප්‍රශ්න කර තිබිණි. පෙත්සම් 143 ගැනම ඉන්දීය රජය තම අවධානය යොමු කළ යුතු බවත්, ඒ පිළිබඳව නිසි කාලයේදී අධිකරණයට වාර්තා කරන ලෙසත්, ශ්‍රේෂ්ඨාධිකරණය තම නියෝගය නිකුත් කර ඇත.
ආන්දෝලනයට හේතුවූ නව පුරවැසි පනත මඟින් ඉන්දියාවේ වෙසෙන විශාලතම සුඵ ජන කොට්ඨාසය වන මුස්ලිම් ජනයාට බලවත් සේ අසාධාරණයක් සිදුවන බැව් ප්‍රකාශ වුවත්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කියා සිටියේ එය මුස්ලිම් විරෝධී පනතක් නොවන බැව්ය. ඔහු එලෙස කිහිපවතාවක්ම අවධාරණය කර සිටියේය. ඉන්දියාවේ ප්‍රධාන නගර රැසකදී මෙම උද්ඝෝෂණ රැලි පවත්වන ලද අතර, එම බහුතරයක් රැලි පුරවැසි පනතට විරුද්ධ වූ අතර, තවත් රැලි කිහිපයක් පුරවැසි පනතට පක්ෂවද පවත්වන ලදී. මේ නිසා ජනගැටීම් බොහෝ සෙයින් උත්සන්න විය. මෙම පුරවැසි පනතට අනුව ඇෆ්ගනිස්තානයෙන්, පාකිස්තානයෙන් සහ බංගලිදේශයෙන් ඉන්දියාවට අනවසර සංක්‍රමණිකයන් ලෙස පැමිණ, ඉන්දියාවේ පදිංචි වූ මුස්ලිම් නොවන වැසියන්ට පමණක් ඉන්දියාවේ පුරවැසිභාවය හිමිවෙයි. එම රටවල් තුනෙන් පැමිණි මුස්ලිම් වැසියන්ට පුරවැසිභාවය හිමි නොවන අතර, ඔවුන්ට ආපසු ඔවුන්ගේ රටවලට යෑමට සිදුවෙයි. හින්දු ජනයා බහුතරයක් වාසය කරන රාජ්‍යයක් වුවත්, ඉන්දියාව යනු ආසියාවේ තෙවැනි මුස්ලිම් ජනගහනය වෙසෙන රාජ්‍යයයි. ඉන්දියාවේ මුස්ලිම් ජනගහනය මිලියන 200 (කෝටි 20ක්)කි. අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය මෙම පනත සම්මත කරගෙන ඇත්තේ මුස්ලිම්වරුන් මර්දනය කිරීමේ අරමුණෙන් යැයි චෝදනා එල්ල වී තිබේ. මේ නිසා මේ වන විට ජාත්‍යන්තරයේ අවධානය මෙම අර්බුදය කෙරෙහි ප්‍රබලව එල්ල වී තිබේ. ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂය වන කොංග්‍රස් පක්ෂයද එම විරෝධතාවලට සහාය ලබාදෙයි. රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධිද එම විරෝධතාවලට එක්වී සිටියහ. ඉන්දියාව මෙම 2020 වසරේදී ජන සංගණනයක් සිදු කිරීමටද කටයුතු යොදා ඇති අතර, එය සිදු කරන්නේ මෙම පුරවැසි පනත ක්‍රියාත්මක කිරීමේ පළමු පියවර වශයෙනි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මේ වනවිට තරයේ පවසා ඇත්තේ පුරවැසි පනත කිසිම හේතුවක් නිසා හකුළා නොගන්නා බැව්ය. මෙම පනත සම්බන්ධයෙන් දැනට බොලිවුඩයේ සිටින සුපිරි නඵවන් තිදෙනකු වන ෂාරුක් ඛාන්, සල්මාන් ඛාන් සහ අමීර් ඛාන් තම අතිශය දැඩි විරෝධය පළ කර ඇත. මෙම න`ඵවන් තිදෙනාම මුස්ලිම් ජාතික වැසියන්ය. ඔවුන්ට අමතරව තවත් ප්‍රකට මුස්ලිම් ජාතික කලාකරුවන් රැසක්ම පනතට එරෙහිව උද්ඝෝෂණවලට සහාය දක්වා ඇත.
උද්ඝෝෂණවලට සහභාගි වී මියගිය 30 ක්වූ සිවිල් වැසියන් බහුතරයක් මුස්ලිම් ජාතිකයන් වූ අතර, ඔවුන් පොලිස් වෙඩි පහරෙන් මිය ගියේයැයි පැවැසුවත් පොලිසිය එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත. පාර්ශ්ව දෙකක උද්ඝෝෂකයන් එකට ගැටීම නිසා මෙම පිරිස් මියගිය බැව් පොලිසිය ප්‍රකාශ කරයි.
පරිවර්තනය- ප්‍රියන්ත හෙට්ටිගේ.

SendShareShare
Previous Post

කොරෝනා IDH ‌රෝහල හිස්කරයි

Next Post

පාස්කු ප්‍රහාර‌ය මෛත්‍රිපාලටම කැරකෙන ල‌කුණු

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.