රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එජාප නායකත්වයේ තබා ගැනීම අරමුණු කර ගනිමින් ඊයේ (27) රාත්‍රියේ කොළඹ ‘ස්විමින්ග් ක්ලබ්’ හෝටලයේ පැවැත්වූ වික්‍රමසිංහ මහතාට හිතවත් මන්ත්‍රීවරුන්ගේ රැස්වීම සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බව දැනගන්නට ඇත.
මෙම රැස්වීම ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් සංවිධාන කර තිබූ අතර ඒ සදහා එජාප මන්ත්‍රීවරුන් 52කට ආරාධනා කිරීමට පියවර ගෙන තිබිණ.
නමුත් රැස්වීම සදහා සහභාගී වී තිබුණේ මන්ත්‍රීවරුන් 23ක් පමණි.
ඒ අනුව පක්ෂ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් සිටිය යුතු බවට ලිපියක් අත්සන් තැබීමට පියවර ගෙන ඇති අතර ඊට අත්සන් තබා ඇත්තේ මන්ත්‍රීවරුන් 17 දෙනකු පමණි.
වජිර අබේවර්ධන, නවීන් දිසානායක, ආශු මාරසිංහ ඇතුළු පිරිසක් ඊට අත්සන් තබා ඇති බව පැවසේ.
කෙසේවෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ රැස්වීමට සහභාගී වී සිටි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඊට අත්සන් තබා නොතිබීමය. ඒ අනුව රැස්වීමට සහභාගිව සිටි ලක්ෂ්මන් කිරිඇල්ල, ගාමිණී ජයවික්‍රම පෙරේරා, රවි කරුණානායක වැනි මන්ත්‍රීවරුන් ඊට අත්සන් තබා නැත.










