කොරෝනා වයිරසය වැළදුණු බවට තහවුරු වී මේ වනවිට අයිි.ඩී.එච්. රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන 43 හැවිරිදි චීන කාන්තාව ශ්‍රී ලංකාවේ ගත කළ කාලය තුළ ගොස් ඇති ස්ථාන සියල්ල මේ වනවිට හදුනාගෙන ඇත.
ඒ අනුව ජනවාරි 19 වැනි දින ලංකාවට පැමිණ ඇති මෙම කාන්තාව මීගමුව, සීගිරිය, නුවර, නුවර එළිය, අහුන්ගල්ල යන ප්‍රදේශවල සංචාරය කර ඇති බව සෞඛ්‍ය බලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබේ.
ජනවාරි 19 වැනි දින මීගමුවේ ‘ගේට්වේ එයාර්පෝර්ට් ගාඩ්න්’ හෝටලයේ නවාතැන් ගෙන ඇති මෙම කාන්තාව ඇතුළු චීන කණ්ඩායම ජනවාරි 20 වැනි දින සීගිරිය, ‘හොටෙල් සීගිරි ජන්ගල්ස්’හි නවාතැන් ගෙන තිබේ.
පසුව ජනවාරි 21වන දින සීගිරියේ සිට මහනුවර දක්වා ගොස් ඇති අතර දහවල් ආහාරය ලබාගෙන ඇත්තේ කවුඩුපැලැල්ල ප්‍රදේශයේ ‘ඉසිවර ගාර්ඩ්න්’ හිදිය.
එදින රාත්‍රිය ඇය මහනුවර ‘අමායා හිල්ස්’ හෝටලයේ ගත කර ඇති අතර පසුදින දහවල් ‘ඕක් රේ’ හෝටලයේ ගත කර තිබේ. පසුව මේ පිරිස නුවරඑළිය වෙත ගොස් ‘අරලිය ග්‍රීන් හිල් හොටෙල්’හි නවාතැන් ගෙන ඇත.
ඇය ජනවාරි 23වන දින නුවරඑළියේ සිට ගොස් අහුන්ගල්ල ‘රියු’ හෝටලයේ නවාතන් ගෙන 24 වන දින ‘රම්පාර්ට් හොටෙල් ඇන්ඩ් රෙස්ටුරන්ට්’හිදී දහවල් ආහාරය ලබාගෙන ඇති අතර එදින රාත්‍රිය ගත කර ඇත්තේ ද අහුන්ගල්ල රියු හෝටලයේය.










