• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ආණ්ඩු‌වේ මාස ‌දෙකේ ‌කෙරුවාව ගැන බිමල් ප්‍රශ්න කරයි: රමේෂ් උත්තර ‌දෙයි

January 26, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
ආණ්ඩු‌වේ මාස ‌දෙකේ ‌කෙරුවාව ගැන බිමල් ප්‍රශ්න කරයි: රමේෂ් උත්තර ‌දෙයි
Share on WhatsAppShare on Facebook

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත්වී දැන් මාස 2ක් ගෙවිලා ඉවරයි. මේ මාස දෙකට ආණ්ඩුව ජනප්‍රිය තලයේ තීන්දු, තීරණ රැසක් මෙන්ම ජනතාවට සහන සලසන තීන්දු, තීරණ රැසක් ගත් බවත් පෙනෙන්නට තිබුණා. හැබැයි ඒ ගෙවුණු මාස දෙක තුළ රටේ ජනතාවට විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ නොවුණාම නෙවෙයි. සමහර ප්‍රශ්න ඉතා බරපතළ ඒවා වුණත් විපක්‍ෂය ඒවා ගැන යම් හඬක් නඟන බවක් අපට දැකගන්න ලැබුණා. ඒ මාස දෙකේ සති ගණනක්ම ගෙවිලා ගියේ මේ ප්‍රශ්නවලට පිළිතුරු හොයනවට වඩා වෙන වෙන මාතෘකාවලින්. පළමු සති දෙක තුන ‘ස්විස්’ සිද්ධිය නිසා මාධ්‍ය සියල්ලම උදේ, දවල්, රෑ කතා කළේ මේ ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් ගැන. ඒක ඉවර වෙද්දීම ආවේ චම්පික රණවක අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය. ඒකත් සතියක් ඇදිලා ගියා. ඊළඟට රාජිත සේනාරත්නගේ සිද්ධිය. ඒකත් සති 2ක් තිස්සේ ජනමාධ්‍ය ඇදගෙන ගියා. දැන් අලුත්ම කතාව තමයි රන්ජන්ගේ හඬපට. දැන් මාධ්‍ය උදේ, දවල්, රෑ බලන්නෙ නැතිව රන්ජන්ගෙ හඬපට පට්ටගහන්න අරන් තියෙන නිසා ජනතාවගේ සැබෑ ප්‍රශ්න ගැන ඒ හැටි අවධානයක් තියෙන බවක් පේන්න නැහැ. ප්‍රධාන විපක්‍ෂය වෙච්ච එක්සත් ජාතික පක්‍ෂයත් මේ දවස්වල නායකත්ව ප්‍රශ්නයක පැටලිලා ජනතා ප්‍රශ්න වෙනුවට පුටු ප්‍රශ්න ගැන තමයි කතා කරන්නේ. එහෙම තියෙද්දී ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක පසුගිය සතියේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවලා රටේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න කිහිපයක් ගැන ආණ්ඩුවේ අවධානය යොමු කළා. මාධ්‍යයත් මේ දවස්වල මල්වෙඩි සන්දර්ශන පෙන්නන නිසා බිමල්ගේ මේ ජනතා ප්‍රශ්න ගැන කතා කරපු මාධ්‍ය සාකච්ඡාවට එතරම් අවධානයක් දුන්නේ නැහැ. ඒ නිසා අප මෙවර ‘මව්රට’ පත්තරෙන් බිමල් ඒ කතා කළ ජනතා ප්‍රශ්න කෙටියෙන් වාර්තා කරන්න කටයුතු කළා. ඒ විතරක් නෙවෙයි ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා වෙච්ච අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගෙන් ඊට උත්තර ලබාගන්නත් අපි කටයුතු කළා. මේ පළවන්නේ ඒ ප්‍රශ්නයි, උත්තරයි.

ආණ්ඩුව පත්වෙලා දැන් මාස 2ක් වෙනවා. රාජ්‍ය ආයතන 238කට සභාපතිවරු දාලා නැහැ. සමහර ඒවාට දේශපාලන හිතවතුන්, ඥාතීන්, පත් කළා කියලා චෝදනා. ඒ විද්වත් කමිටුවකින් ඒ පත්කිරීම් කරනවා කිව්වා. නමුත් දූෂණ, චෝදනා තියෙන අයත් මේ සභාපතිකම්වලට පත්කරලා තියෙනවා.
රජයේ ආයතනවලට සභාපතිවරුන් පත්කිරීමේදී සුළු සුළු ප්‍රමාදයන් ඇති වුණත් දැන් ඒවා සියල්ල යථා තත්ත්වයට පත්වෙලා. ජනතා විමුක්ති පෙරමුණේ අයට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. නමුත් මේව විධිමත්ව කරන නිසා ටිකක් බලාගෙන ඉන්න ඕනෑ.’ එහෙම දූෂණ චෝදනා තියෙන අය පත්කර ඇති ව හෙළිවුණොත් ඒ අය පසුව ඉවත් කරන්න හැකියාව තියෙනවා. අපේ රජයේ අදාළ තනතුරුවලට පුද්ගලයන් පත්කරන්නේ හොඳට සොයා බළලයි.

මහකන්නයේ දැන් ‌පොහොර හිගයක් ඇවිත්. ‌නොමිලේ ‌පොහොර ‌දෙනවා කිව්වට දැන් ‌ගොවීන්ට ‌පොහොර ගන්න පගාව ‌දෙන්නත් ‌වෙලා.
පසුගිය දිනවල පොහොර හිඟයක් තිබුණා. ඒකට හේතු වුණේ පසුගිය රජය කාලේ පොහොර සඳහා රුපියල් බිලියන හයක ණයක් ගෙවන්න තිබුණා. දැන් ඒ මුදලින් බිලියන තුනක් ගෙවලයි තියෙන්නෙ. ඉදිරි මාස කිහිපය තුළ පොහොර හිඟය නැති වෙනවා. පගාව දීල පොහොර ගන්න අවශ්‍ය වෙන්නෙ නැහැ.

ජනතා ප්‍රශ්න කතා කරන පාර්ලිමේන්තු දින ගණන සීමා කරන්න උත්සාහ ගන්නවා. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය විවාදයට දුන්නේ වරු දෙකයි. ජනමාධ්‍ය උපයෝගී කරගෙන රටේ ප්‍රශ්න හංගන්න හදනවා?
පාර්ලිමේන්තු දින ගණන සීමා කිරීමට උත්සාහ ගැනීමක් තියෙන බව කියන එක මම ප්‍රතික්‍ෂේප කරනවා. අද තොරතුරු දැනගැනීමේ පනතට අනුව ඕනෑම අයකුට තොරතුරු දැනගන්න පුළුවන්. ඒවා වසන් කරන්න බැහැ. ඒ නිදහස ඕනෑම මාධ්‍යයකට තියෙන වරප්‍රසාදයක්.

බැඳුම්කර වාර්තාවේ වෝහාරික විගණනය රටට ඉදිරිපත් නොකරන්නේ පරණ හොරු අහුවෙයි කියන බයටයි?
ඔය අහල තියෙන ප්‍රශ්නයට උත්තරය පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් සිදුවුණා. ඔබත් සමහරවිට විiුත් මාධ්‍යවලින් දකින්නට ඇති. දැනටමත් කතානායකවරයා තීන්දු කරලා තියෙනවා. වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. බැඳුම්කරේට සම්බන්ධ හොරු ඉන්නේ එජාපය පැත්තේ කියලා සභානායකතුමා කිව්වා.

වතු කම්කරු වැටුප දහස කිරීම ඡන්ද ගුණ්ඩුවක්. ජනාධිපති නියෝගයෙන් මෙය කළ නොහැකියි. දැනටම වතු සමාගම් මෙය ප්‍රතික්‍ෂේප කර තිබෙනවා?
වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහස කිරීමේ ප්‍රශ්නය ගැන රජය අදාළ වතු සමාගම් සමඟ සාකච්ඡා කරගෙන යනවා. ඒ ප්‍රශ්නය අද හෙටම විසඳුමකට එන්න හැකිවේවි.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

හැංගිලා හිටපු කළු ‌කොටියා එළියට දැම්මේ ඌවත් මරාගන්නද?

Next Post

රාජ්‍ය ‌සේවයේ ‌හොරු අල්ලන්නම බැරිද? ජනපතිතුමනි ඔබේ අවධානය පිණිසයි

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.