• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ලංකාවෙන් හමුවූ පළමු රන් කාසිය

January 29, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ලංකාවෙන් හමුවූ පළමු රන් කාසිය
Share on WhatsAppShare on Facebook

අතීතයේ පටන් ලාංකිකයන් මුදල් ගනුදෙනු සිදුකළ බව හඳුනාගත හැකි සාක්ෂ්‍ය බොහෝ වෙයි. මේ පිළිබඳ ඉතිහාසය පිරික්සීමේදී එය ක්‍රිස්තු පූර්ව පස්වැනි සියවස තෙක් ඈතට දිව යයි. මේ කාලයේදී හමුවන ශිලාලේඛන ආශ්‍රයෙන් හා සාහිත්‍ය මූලාශ්‍රය ඇසුරින් ද ඒ සඳහා නිදර්ශන ලැබේ.මේ අනුව උක්ත ප්‍රධාන මූලාශ්‍රය ඇසුරින් පුරාණ කාලයේ භාවිත වූ ලෝහ කාසි පිළිබඳ විස්තර සඳහන් වෙයි. මේ අනුව මෙකී මූලාශ්‍රයන් මගින් ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ ආරම්භය දක්වාත් ක්‍රිස්තු වර්ෂ ආරම්භයේ පටන් පස්වැනි සියවස දක්වාත් ඉන් පසු ක්‍රිස්තු වර්ෂ දස වැනි සියවස දක්වාත් කරුණු අන්තර්ගතය.

එපමණකුදු නොව ක්‍රිස්තු වර්ෂ 14, 15 වැනි සියවසවල භාවිත වූ කාසි පිළිබඳ තොරතුරු හඳුනාගත හැකි සුවිශේෂී මූලාශ්‍රයන් ලෙස මේවා පෙන්වා දිය හැකිය.

මුල් කාලීන ශිලාලේඛනවලත් සාහිත්‍ය මූලාශ්‍රවලත් කාසි පිළිබඳ දැක්වීමේදී භාවිත කර ඇති ජනප්‍රිය වදන වන්නේ කහවණුවයි. මේ කාලයේ භාවිත මුදල් ඒකකය මේ නමින් හැඳින්වූ බවට විවාදයක් නැත. එසේම කහපණ, කහාපණ, මසුරන් ආදී නම්වලින් ද මුදල් ඒකක හඳුන්වා ඇත. කාසි හැඳින්වීම සඳහා සෙල්ලිපි හා සාහිත්‍ය මූලාශ්‍රයන්හි යොදා ඇත්තේ දරණ, කහපණ, පුරාණ ආදී නම්ය.

ලංකාවෙන් හමුවූ පළමු නොඑසේ නම් මුල්ම වරට භාවිත කළ කාසිය සැලකෙන්නේ “හස් එබූ කාසිය” යි. ඉන් පසු භාවිතයට ගෙන ඇත්තේ බෞද්ධ ස්වස්තික කාසියයි. සිංහ රුව සහිත කාසි, ලක්ෂ්මී කාසි, රෝම කාසි ආදියයි. ඒවායින් පසු ක්‍රිස්තු වර්ෂ හයවැනි සියවසේ සිට නව වැනි සියවස තෙක් භාවිත කර ඇත්තේ රන් කහවණුවයි. මේ රන් කහවණුව පිළිබඳ හඳුනා ගැනීමේදී මධ්‍යකාලීන සමයේ වැඩිපුර භාවිත කළ මුදල් කාසියක් ලෙසින් බොහෝ දෙනා හඳුන්වති.

මේ කාසියේ බර අනුව වටිනාකම තීරණය විය. ඒ අනුව ප්‍රධාන කාසිය, භාගය, කාල සහ අටෙන් එක ආදී වශයෙන් ප්‍රමාණයෙන් යුක්ත විය. ප්‍රධාන කාසියේ බර මංචාඩි 20කි. එසේත් නැතිනම් මදටිය ඇට 20ක බරකින් යුක්තය. කාසි භාගය මදටිය ඇට 10ක බරින් යුක්ත විය. කාල මදටිය ඇට 5කි. කාසියෙන් අටෙන් එක මදටිය ඇට දෙකහමාරක බරින් යුක්ත විය.

කාසියේ පෙනුම ගත්විට එහි මනුෂ්‍යයකුගේ හැඩය ගත් රූපයකි. එහි වම් අත ඉදිරියට ඔසවා කුමක් හෝ අතින් දරාගෙන සිටින බව පෙන්වාලයි. එහි ඇත්තේ නෙලුම් මලක් හෝ හක් ගෙඩියකි. එහි වම් අතට පහළින් බින්දු පහක් පෙන්නුම් කෙරේ. මේ පිළිබඳ අදහස් දක්වන පරණවිතාන මහතා කියා සිටින්නේ එමගින් කාසියේ බර පිළිබඳ අදහසක් ලබාදෙන බවයි.
එම කාසියේ “පල” යනුවෙන් වදනක් ඇති බවත් එම වදන පස් වතාවක් මෙම කාසියෙන් නිරූපණය වන බවත් ඒ නිසා මෙම කාසිය “පලපංච”යනුවෙන්ද “පලංච” යනුවෙන්ද භාවිත වී පසුකාලීනව “කලංජ” වූ බවත් “කළඳ” යන වදන පසුව ජනප්‍රිය වී ව්‍යවහාර වූයේ මේ නිසා බවත් පෙන්වා දෙයි.

මේ කාසියේ ඇතුළත් මිනිස් රූපය ගැන ඇත්තේ මත සමුදායකි. කෙනෙක් මෙය රාවණ රජුගේ රූපය බව කියති. තවෙකෙක් හනුමාගේ බව කියති. කෙසේ නමුත් පරණවිතාන මහතා පෙන්වා දෙන්නේ මේ රුව ධනයට අධිපති කුවේරගේ පිළිරුව බවයි. හිමාල වනයට ඉහළ අහසේ මාලිගාවක වෙසෙන කුවේර ඉඳගෙන සිටින ඉරියව්ව පෙන්වන්නේ ආසනයේ නොගැටෙන අවස්ථාවකදීය. මේ කාසියේ රූපයෙන් දිස්වන්නේ එවන් වූ ආකාරයකි. මේ කාසියේ නාගරි අකුරින් ශ්‍රී ලංකා වීහ යනුවෙන් ලියා ඇත. ඒ ගැන අදහස් දක්වන පරණවිතාන එයින් නිරූපණය වන්නේ ශ්‍රී ලංකා වාස්ස යන අදහස ගැබ් වන බව කියයි. මධ්‍යකාලීන ලංකා සමාජයේ වෙළෙඳ කටයුතු සඳහා අකුරු කියවා අවබෝධ කරගැනීමේ පහසුව සඳහාත් අකුරු කියවිය නොහැකි උදවියට සංකේතානුසාරයෙන් ඇති දෑ මගින් කාසියේ වටිනාකම හඳුනාගත හැකි පරිදිත් මේ කාලයේ කාසිය නිර්මාණය කර ඇති බවත් මේ අනුව හඳුනාගත හැකිය. මෙසේ නිමවුණු කාසි කිහිපයක් දැනුදු කොළඹ ජාතික කෞතුකාගාරයෙහි තැන්පත් කොට ඇත.
පදියතලාවේ ඥාණවිමල හිමි

SendShareShare
Previous Post

දරුවකු පතන හැමට විශේෂයි

Next Post

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා තරගාවලියට සම්පත් බැංකුවේ අනුග්‍රහය

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.