මහනුවර ශික්ෂණ රෝහලේ අක්ෂි විද්‍යා දෙපාර්තමේන්තුවේ අක්ෂි රෝගාබාධ වෙනුවෙන් කටයුතු කරන සහ දෘශ්‍යාබාධිත සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සහයෝගය ලබාදෙන ‘Centre for Sight’ ’ විසින් කළ ඉල්ලීමකට අනුව කොමර්ෂල් බැංකුව පසුගියදා දෘශ්‍යාබාධිත විශ්වවිද්‍යාල සිසුන් 21 දෙනෙකු සඳහා ලැප්ටොප් පරිගණක ප්‍රදානය කරන ලදී.
මෙම ලැප්ටොප් පරිගණක ප්‍රදානයත් සමඟ දෘශ්‍යාබාධිත විශ්වවිද්‍යාල සිසුන්ට බැංකුව විසින් පිරිනැමූ ලැප්ටොප් පරිගණක සංඛ්‍යාව 62ක් විය. බැංකුව විසින් 2014 වසරේදී සහ 2015 වසරේදී විශ්වවිද්‍යාලයට ඇතුළත්ව දෘශ්‍යාබාධිත සිසුන් කණ්ඩායම් දෙකක් සඳහා මීට පෙර ලැප්ටොප් පරිගණක ලබාදී ඇත.











