ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් විලාසිතා ජාලය වන NOLIMIT පසුගියදා මහනුවර මහ රෝහලේ 23 වැනි වාට්ටුව සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කිරීමට කටයුතු කළේය. NOLIMIT සමාගමේ ප්‍රජා සත්කාර වැඩසටහන වන ‘අසීමිත’ යටතේ මෙය සිදුකරන ලදී. මීට පෙර NOLIMIT සමාගම කුරුණෑගල ශික්ෂණ රෝහල, මීගමුව දිස්ත්‍රික් මහ රෝහල, ද සොයිසා රෝහල, මහරගම පිළිකා රෝහල, පානදුර මූලික රෝහල සහ කළුබෝවිල රෝහල යන රෝහල්වල සේවාවන් වැඩිදියුණු කිරීම සඳහාද නොයෙක් අයුරින් දායක වී තිබේ.
ආරම්භයේ සිටම NOLIMIT සමාගම අර්ථවත් හා ගුණාත්මක ප්‍රජා සත්කාර වැඩසටහන් ක්‍රියාවට නංවා ඇත. ‘අසීමිත’ වැඩසටහන යටතේ සෞඛ්‍ය සේවාව, අධ්‍යාපනය, සංස්කෘතිය හා ක්‍රීඩා යනාදී විවිධ ක්ෂේත්‍රවලට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. මෙවැනි වැඩසටහන් ඔස්සේ ඵලදායී වෙනස්කම් සිදුකරමින් ජනතාවගේ හෙට දවස වඩාත් යහපත් කිරීම NOLIMITහි ප්‍රධාන ඉලක්කය වී ඇත.











