සමගි ජන බලවේග මැතිවරණ වේදිකාවේදී පසුගිය දිනක ලෝක පූජිත ක්රිකට් ක්රීඩකයන් වන සචින් ටෙන්ඩුල්කාර් සහ අරවින්ද ද සිල්වාගේ නම්ද කියවෙනු අසන්නට ලැබිණ.
ඒ මේ දිනවල සජබ වේදිකාවේ ජනප්රිය කථිකයකු වන සුජීව සේනසිංහගෙනි.
ජවිපෙ දේශපාලනය උදාහරණයට ගනිමින් සුජීව එම ක්රිකට් ක්රීඩකයන් දෙදෙනාගේ නම් සදහන් කළේ මේ ආකාරයටය.