• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුබ ආරංචියක් කියද්දී ලෝක බැංකුවෙන් ආ අසුබ ආරංචිය! ශ්‍රී ලංකාව තවමත් ඉහළ දරිද්‍රතා මට්ටමකයි පවතින්නේ! ශ්‍රී ලාංකිකයන් 25.9%ක්ම ඉන්නේ දරිද්‍රතා රේඛාවට පහළින්! Sri Lanka Latest News

July 1, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
අපි මුලින්ම කිව්වා! ජාත්‍යන්තර මොළවලට-යාළුකම්වලට ලෝකෙන් ආධාර ලැබෙන්නේ නෑ! නිශ්චිත ප්‍රතිපත්තියක් හදාගන්න! ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ලංකාවට දැනුම් දෙයි!
Share on WhatsAppShare on Facebook

‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024දී 2.2%ක මධ්‍යස්ථ වර්ධනයක් දැකීමට පුරෝකථනය කර ඇති අතර, 2022දී ඇතිවුණු දැඩි ආර්ථික පසුබෑමෙන් පසුව යම් මට්ටමක ස්ථාවර වීමේ සලකුණු පෙන්වයි. එහෙත් ශ්‍රී ලංකාව තවමත් ඉහළ දරිද්‍රතා මට්ටමක පවතින ආකාරයත්, රටේ ජනතාවගේ ආදායම් අසමානතාවත් සහ ශ්‍රම වෙළෙඳපළටත් මුහුණ දෙමින් සිටියි. මෙහිදී තවමත් උච්ච ලෙස පවතින ජනතාවගේ ඉහළ දරිද්‍රතා මට්ටම ගැන විශේෂයෙන්ම අවධානය යොමු කිරීම අතිශය වැදගත් වෙයි. එම සුවිශේෂ කරුණ ගැන අවධානය යොමුකිරීමේදී පෙනීයන්නේ 2023 වසරේදීද ශ්‍රී ලාංකිකයන්ගෙන් 25.9%ක්ම දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන බවට නිල ඇස්තමේන්තු කර තිබීමය. මෙම දත්තයන් අනුව පෙනීගොස් ඇත්තේ දරිද්‍රතා අනුපාතිකය අඛණ්ඩව පසුගිය සිවුවැනි වසරටත් නොනවත්වාම ඉහළගොස් ඇති බවය. එනම් මෙය පසුගිය 2023 වසරට අදාළ වන නවතම සංඛ්‍යාලේඛනයකි…’ (Sri Lanka Latest News)

පාරාදීසයක් යැයි කියන ශ්‍රී ලංකාව ගැන අසන්නට ලැබෙන මෙම අලුත්ම කතාන්දරය කුමක්ද? මෙය පැරැණි රසාංගයක් නොවන බවද පෙනෙන්නට ඇත්තේ එය 2023 වසරට අදාළව කියැවෙන කතාවක් හෙයිනි. අපේ රටේ මිනිසුන්ගේ දුක්ඛිත වතගොතක් මෙයින් පැහැදිලිවම හෙළිවෙයි. මෙරට මිනිසුන්ගේ අන්ත අසරණ දිළිඳුකම ගැන ඒ මගින් විදහා දැක්වෙයි. අපගේ රාජ්‍ය පාලකයන් කෙතරම් පට්ටපල් මුසාවන් දෙසාබෑවද සත්‍යයට බොරු කිරීමට නොහැක. එසේම විද්වත්භාවයටද බොරු කිරීමට නොහැක. දැන් එසේ නම් මෙම සුවිශේෂ කතාන්දරය අපට ඇසෙන්නේ කොතැනකින්ද? ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වයන්ට අදාළව ප්‍රකාශ කෙරුණු නවතම ජාත්‍යන්තර වාර්තාවක් මේ කතාව කියා සිටියි. එය වෙනත් කිසිවෙකුත් නොව, ලෝකයේ රට රටවල ආර්ථිකය ගැන නිරන්තරයෙන් කතාකරන, ලොව ප්‍රධානතම පෙළේ මූල්‍ය සංවිධානය වන ලෝක බැංකුව (World Bank) විසින් ශ්‍රී ලංකාවට අදාළව නිකුත් කරන ලද නවතම වාර්තාවයි. මෙය කෙතරම් නවතම වාර්තාවක්ද යත්, එය නිකුත් කෙරී ඇත්තf් පසුගිය 2024 අප්‍රේල් 02 වැනිදාය. එනම් මාස දෙකකට මඳක් වැඩි සමීප කාලයකදීය. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික හා සමාජයීය තත්ත්වයන්ට අදාළව මෙම ගෝලීය වාර්තාව නිකුත් කෙරී ඇත. ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයිනට අදාළව පත්කර සිටින ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ෆාරිස් හඩාඩ් සෙර්වෝස් මහතාගේ (Faris Hadad Zervos – World Bank Country Director for Maldives, Nepal and Sri Lanka) පූර්ණ අධීක්ෂණය යටතේ මෙම නවතම වාර්තාව පසුගියදා ප්‍රකාශයට පත්කර තිබිණි. එසේම එම ලෝක බැංකු අධ්‍යක්ෂවරයා මෙම වාර්තාව තුළින් මෙහි අවසාන නිර්ණයන්ට අදාළව තම අදහස්ද පැහැදිලිව අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකාවට අදාළ මෙම නවතම ලෝක බැංකු වාර්තාව තවදුරටත් මෙසේ කරුණු අවධාරණය කරයි. ‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වීමේ ලකුණු යම් මට්ටමකින් පෙන්නුම් කරන නමුත් තවමත් ජනතාවගේ දිළිඳුකම ඉහළ මට්මක පවතින බව පෙනෙනවා. 25.9%ක දරිද්‍රතා අනුපාතිකය අඛණ්ඩව සිවුවැනි වසරටත් ඉහළ ගොස් ඇත්තේ මෙවැනි පසුබිමකදීයි. ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයන් (MSMEs) වසාදැමීම, භාණ්ඩවලට අදාළ ඉහළ මිල ගණන්, ආදායම් අහිමි වීම් සහ රැකියාවන්ගේ අස්ථිරභාවය සමග ඇතිවන පීඩනයන්ගෙන් පවුල් කුටුම්භ පොරබදමින් සිටින ආකාරය පැහැදිලිවම දක්නට හැකිය. තවද මෙවැනි තත්ත්වයක් යටතේ ආහාර අවශ්‍යතා සපුරාලීමට සහ සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහාද වියදම් පවත්වාගෙන යෑමට පවුල් කුටුම්භයන් නිරන්තරයෙන් විවිධ ණය මුදල් ගැනීම්වලටද පෙලඹී සිටින ආකාරය දක්නට හැකිය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ මාවතේ යමින් පවතින බව පෙනෙන්නට තිබුණත් ශක්තිමත් සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල මාවත සාර්ථක හා අඛණ්ඩව ඉදිරියට ගෙනයෑමක් අවශ්‍ය වෙනවා. මෙහිදී ආර්ථික අර්බුදයේ බලපෑම දුප්පතුන්ට සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ට අවම කිරීම සඳහා දරන අඛණ්ඩ උත්සාහයන්ද ඉතා වැදගත් වෙනවා. මේ සඳහා ද්විපාර්ශ්වික උපායමාර්ගයක් ඇතුළත් වෙනවා. පළමුව සාර්ව ආර්ථික ස්ථාවරත්වයට දායකවන ප්‍රතිසංස්කරණ පවත්වා ගැනීම අවශ්‍ය වෙනවා. එසේම දෙවැනුව ආර්ථික වර්ධනයට සහ දරිද්‍රතාව අඩුකිරීම සඳහා තීරණාත්මක වන පුද්ගලික ආයෝජන සහ ප්‍රාග්ධන ගලාඒම උත්තේජනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ වේගවත් කිරීමද අවශ්‍ය වෙනවා…’

ලෝක බැංකුවේ මෙම සුවිශේෂ නවතම වාර්තාව තවදුරටත් ශ්‍රී ලංකාව ගැන මෙසේ කියා සිටියි.
‘කෙසේ හෝ 2026 වසර දක්වාම දරිද්‍රතා අනුපාතය 22%ට වඩා ඉහළ මට්ටමකට පවතිනු ඇතැයි විශ්වාස කරනවා. ඉහළ ණය සේවා බැඳීම්, රාජ්‍ය මූල්‍ය ශේෂයන් මත විශාල පීඩනයක් ඇතිකරන බව පෙනෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ප්‍රතිසංස්කරණ ආපසු හැරවීම, මූල්‍ය අංශයේ දුර්වලතා සහ අර්බුදයේ කල් පවත්නා බලපෑම සම්බන්ධයෙන් ඉදිරි දැක්මේ අවදානමක් පවතින බවද පෙනෙනවා. ඔරොත්තු දෙන ආර්ථිකයක් පෝෂණය කිරීම සඳහා ශක්තිමත් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය වෙනවා…’

මෙම වාර්තාව තවත් දීර්ඝව කරුණු ප්‍රකාශ කර තිබුණත් ඒ සියල්ලක්ම ලියා තබන්නට මෙහි ඉඩක් නැත. ශ්‍රී ලංකාවට අදාළව පර්යේෂණ මට්ටමින් ලෝක බැංකුව විසින් මෙම වාර්තාවන් සකස් කරනු ලබයි.

අපගේ රටේ රාජ්‍ය නායකයන් ජාතිය අමතනවා යැයි කියමින් විවිධ නාඩගම් නැටුවත් ලෝක බැංකුව විසින් ඉදිරිපත් කරන ලද මෙම වාර්තාවෙන් පෙනීයන්නේ තවද මෙම රට තුළ තිබෙන දැඩි ආර්ථිකමය අර්බුදකාරී වාතාවරණයයි. මෙම 2024 වසර රජය විසින් ආරම්භ කරනු ලැබුවේම වැට් බදු 15% සිට 18% දක්වා ඉහළ දමමිනි. එහිදී මෙතෙක් වැට් බද්දට යටත් නොවූ භාණ්ඩ සහ සේවා 250ක් පමණ අලුතින් වැට් බද්දට යටත් වී ඒවායෙහි මිල ඉහළ ගියේය.
ඒ අනුව වැට් බදු ඉහළ දැමීම නිසා ජනතාවගේ ජීවන වියදමද ඉහළ අගයකින් වැඩිවන්නට විය. මෙසේ ජනතාව මත වැට් බද්ද පැටවීම හරහා රජය රුපියල් බිලියන 1,400ක පමණ ආදායමක් අපේක්ෂා කළේය. මෙවැනි තත්ත්වයක් හමුවේ 2024 වසරේදී ශ්‍රී ලංකාවේ ජනතාව කබලෙන් ළිපට වැටුණේය. රජය සමහර භාණ්ඩවල මිල ගණන් යම් ප්‍රමාණවලින් අඩුකරන ආකාරය දක්නට හැකි වුවත්, එලෙස සංශෝධනය කරන්නේ එයට පෙර කාලවලදී අසීමිත ලෙස මිල ඉහළ දැමූ භාණ්ඩය. එලෙස ඒවා සොච්චමකින් අඩුකළත් එම බඩු භාණ්ඩවල මිල ගණන් තවද අහස උසටම තිබෙයි. නිදර්ශනයක් ලෙස පෙට්‍රල්, ඩීසල් සහ ගෑස් ගෙනහැර දැක්විය හැකිය. තවද එම අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් ජනතාවට දරාගත නොහැක. විදුලි බිල් සහ ජල බිල්ද අතිශයින්ම ඉහළ දැමූ අතර, ඒවා කිසිවක් මෙතෙක් අඩුවී නැත. මස්, මාළු ආහාරයට ගැනීම කෙසේ වෙතත් තවද ජනතාවට බත් හා පොල් සම්බල්ද ආහාරයට ගැනීම දුෂ්කරවී ඇත. මේ කියන මොහොතේදීද පාසල් දරුවන් විශාල පිරිසක් නිරාහාරව පාසල්වලට පැමිණෙති. මෙරට මන්දපෝෂණයෙන් පෙළෙන කුඩා දරුවන්ගේ ප්‍රමාණය 13%-15%ක ප්‍රමාණයක් යැයි යුනිසෙෆ් සංවිධානයේ වාර්තා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ දළ ඒකපුද්ගල ආදායම (GDP Per Capit) 2022 වසරේදී ඇමෙරිකානු ඩොලර් 3,354ක් පෙන්නුම් කර ඇති අතර, එය 2023 වසරේදී ඩොලර් 3,833 දක්වා ඉහළ නැග ඇත. එහෙත් එය 2017 වසරේදී පැවත ඇත්තේ ඩොලර් 4,388කටය. එයින් පෙනීයන්නේ පසුගිය වසර 7ක කාලයක් තුළදී එම අගය බොහෝ සෙයින් අඩුවීමකි. කෙසේ හෝ මෙය රටේ සමස්ත ජනතාවගේම ආශ්‍රිතව ගනු ලබන අගයකි. ගෝලීය මූල්‍ය විශ්ලේෂණ වාර්තාවලට අනුව ප්‍රකාශ වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 වසරේදී දැනට තිබෙන 2.2%ක අගයකින් 3%ක පමණ අගයක් දක්වා පමණක් ඉහළ යනු ඇති බවකි. එනම් විශාල අගයකින් ප්‍රතිඵල බලාපොරොත්තු විය නොහැකි බව එම වාර්තා ප්‍රකාශ කරයි. එය සැබෑ සුරපුරක් නොදකින සිහිනයක් පමණකි.

මේ අතර පසුගිය වසර 2ක කාලයක් පුරා රට මුහුණ දුන් ප්‍රධාන අභියෝගයක් වන්නේ විද්වතුන් ඇතුළු බොහෝ වෘත්තිකයන් ශ්‍රී ලංකාව හැර යෑමයි. අධික බදු බරද ඔවුන් පවසන ඊට එක් හේතුවකි. දැනටමත් මෙම කාලය තුළ වෛද්‍යවරුන් පමණක් 2000කට ආසන්න පිරිසක් විදේශ රටවල පදිංචියට ගොස් ඇත. බි්‍රතාන්‍යය (එංගලන්තය) සෞඛ්‍ය සේවාවට එක්වූ විදෙස් වෛද්‍යවරුන් වැඩිම සංඛ්‍යාවක් පැමිණි රටවල් 5 අතරට ශ්‍රී ලංකාවද එක්ව සිටියි. එවැනි විවිධ වෘත්තිකයන් පමණක් නොව, මරණය පෙනි පෙනී එයද සැපතක් යැයි සිතා රුසියාව, යුක්රේනය සහ ඊශ්‍රායලයටද හමුදා සේවයන් සඳහා බැඳීමට එම රටවලට ගිය ශ්‍රී ලාංකික තරුණයන්ද බොහෝ විය. මේ තත්ත්වයන් මෙරට ශෝචනීය ආර්ථික අර්බුදයේ තරම කියාපානු ලබයි.

ලෝකයේ සෑම රටක්ම පාහේ තම ආර්ථික සහ සාමාජයීය වර්ධනය ප්‍රකාශ කර සිටින්නේ ඒ හා අදාළ වන විවිධ පර්යේෂණ හා සමීක්ෂණ දත්තයන් හරහාය. එහෙත් මහත් හාස්‍යයට කරුණ නම්, මෙරට ප්‍රධාන රාජ්‍ය පාලකයා රටේ ආර්ථික ප්‍රගතිය ගැන ජනතාවට කරුණු කියා සිටින්නේ වෙනත් විවිධ විසිතුරු කතාන්දර හරහාය. ශ්‍රී ලංකාවේ සිටි විශිෂ්ටතම නාට්‍යකරුවකු වූ හෙන්රි ජයසේනයන්ගේ ‘හුණුවටයේ කතාව’ නාටකය ගැන කියමින් ඔහු එය අර්ථකථනය කරයි. එසේ කළ හැකිද?

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මුදල් කමිටුව කැඳවලා යෝජනාව සම්මත කරන්න කියලා ජනාධිපති මට කිව්වා! ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම නැතිව මුදල් කමිටුව කැඳවන්න බෑ කියලා මම ජනාධිපතිතුමාට කෙළින්ම කිව්වා! ගැලරියට චූන් දාලා විවාදයක් කරලා ඡන්ද තියලා ආණ්ඩුව දේශපාලනය කරන්නනේ හැදුවේ! අයියෝ රතිඤ්ඤා ගහලා කිරිබත් කාපු කට්ටිය පව්! VIDEO I Sri Lanka Latest News

Next Post

හැමෝම හිතුවා වගේම මේ මාසෙ තෙල් අඩු කළා! හෙට අනිද්දා ගෑස් අඩු කළත් පුදුම වෙන්න එපා! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.