• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටට අහිමි කරපු රටක් වටින පුතා…

February 14, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
රටට අහිමි කරපු රටක් වටින පුතා…
Share on WhatsAppShare on Facebook

අද අපට අහන්න දකින්න ලැබෙන සිදුවීම්වලින් පැහැදිලි වෙන කරුණක් තමයි මිනිස්සු කොයි තරම් නොසැලිකිලිමත්ද කියන දේ. ඒ නොසැලිකිලිමත්කම නිසාම වටිනා ජීවිත රාශියක් රටට අහිමි වනවා. අපරික්ෂාකාරී බව සහ නොසැලකිලිමත්කම සමාජයට ගෙන දෙන්නේ කොයි තරම් විනාශයක්ද යන්න පසුගිය දිනෙක අපට අහන්න ලැබුණු එක්තරා කනගාටුදායක සිදුවීමකින් හොඳින්ම පැහැදිලි වෙනවා.

පසුගිය පෙබරවාරි 04 වැනිදා රාත්‍රී 11ට පමණ විමුක්ති ප්‍රසාද් ජයවීර තම වාහනයෙන් පිටත් වුණේ තම සිඟිති දරුවාට සෙත් පැතීම සඳහා පසුදා අලුයම පැවැත්වෙන කිරිඅම්මාවරුන්ගේ දානයට අවශ්‍ය නෙලුම් මල් රැගෙන ඒම සඳහායි. බණ්ඩාරගම බොල්ගොඩ තුන්බෝධිය වෙත ගිය විමුක්ති නෙලුම් මල් මිලදී ගෙන නැවත නිවෙස බලා එමින් සිටියදී අනතුරට පත්වුණේ සිය දහසකුත් එකක් බලාපොරොත්තු සිහින බොඳකරමින්. මාර්ග පිළිසකර කිරීමක් සඳහා අනාරක්ෂිතව යොදා තිබූ මාර්ග බාධකයක මෝටර් රථය ගැටීමෙන් එලෙස ඔහු අනතුරට පත්ව තිබුණා.

නෙලුම් මල් රැගෙන පැමිණෙන අතරමඟදී ඔහුට බිරියගෙන් දුරකතන ඇමතුමක්ද ලැබී තිබූ අතර, ඔහු පවසා තිබුණේ තමන් නිවෙසට එන අතරමඟ සිටින බවයි. එසේ කීවත් විමුක්ති පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් ඇය නැවත වතාවක් ඔහුට ඇමතුමක් ලබාගෙන තිබුණා. ඒ අවස්ථාවේ එම ඇමතුමට පිළිතුරු දී තිබුණේ වෙනත් පුද්ගලයෙකි. ඔහු පවසා ඇත්තේ මහත්තයා දරුණු රිය අනතුරකට ලක්ව, හොරණ මූලික රෝහලට ඇතුළත් කළ බවකි.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූ ආචාර්ය විමුක්ති ප්‍රසාද් ජයවීර පදිංචිව සිටියේ ගෝනපල කුඹුක මීකන්ද ප්‍රදේශයේය. ඔහු සේවය කරනු ලැබුවේ හෝමාගම පිහිටි නැනෝ පර්යේෂණ ආයතනයේ (SLINTEC) ජ්‍යෙෂ්ඨ පරීක්ෂණ විද්‍යාඥයෙකු වශයෙනි. කොළඹ ලුම්බිණි සහ ඩී.එස්. සේනානායක විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබූ විමුක්ති කොළඹ විශ්වවිද්‍යාලයේ 2007 කණ්ඩායමේ ආදි විද්‍යාර්ථියකුද වුණා. මියයන විට ඔහු පසුවූයේ 37 හැවිරිදි වියෙහිය.

විමුක්ති, ශ්‍රී ලංකාවේ මිනිරන් පිළිබඳ පර්යේෂණ සිදුකරමින්, මිනිරන්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට මහත් උත්සාහයක් දැරූ අයෙක් ලෙසද සැලකෙනවා. එසේම ඔහු නැනෝ තාක්ෂණ ආයතනයේ ගැෆින් පිළිබඳ පරීක්ෂණ කණ්ඩායමේ නායකයා වශයෙන්ද කටයුතු කළ පුද්ගලයාය.

විමුක්ති කියන්නේ ලංකාවට විදේශ ආදායම් මාර්ග උත්පාදනය කර දීමට හීන දැක්ක කෙනෙක්. ඔහු සාර්ථක පවුල් ජීවිතයක් ගතකරමින් යුතුකම් වගකීම් ඉෂ්ට කළ ආදර්ශවත් පියෙක්.

ඇත්තටම අපේ රටේ බොහෝ සංවර්ධන කටයුතුවල නිසි පිළිවෙළක්, ආරක්ෂිත බවක් නැහැ. මාර්ග සංවර්ධන කටයුතුවල ඒ අනාරක්ෂිත බව බොහෝ විට දැකගත හැකියි. ඒ නිසා සිදුවූ ජීවිත හානි සංඛ්‍යාව ඉතා විශාලයි.

විමුක්ති සිය රථය පදවාගෙන පැමිණෙද්දී මාර්ගයේ සංවර්ධන කටයුතු අවසන් නොකළ ස්ථානයක පැවැති අනාරක්ෂිත බව මේ අනතුරට ප්‍රධාන හේතුව බවයි බොහෝ දෙනා පවසා සිටියේ. මාර්ග බාධකය සහ එහි තිබූ කොන්ක්‍රීට් තට්ටුවක ඔහුගේ රථය ගැටීමෙන් ඔහු බරපතළ තුවාල ලැබූ අතර, එහිදී ඔහුගේ ගෙල ප්‍රදේශයට දැඩි හානි සිදුව තිබුණා. ප්‍රදේශවාසීන් පැමිණ කඩිනමින් ඔහුව රෝහල් ගතකිරීමට කටයුතු කර තිබුණත්, විමුක්තිගේ ජීවිතය බේරාගැනීමට වෛiවරුන්ට හැකියාව ලැබුණේ නැහැ.

මේ අනතුරට තවත් හේතුවක් වී තිබුණේ මෝටර් රථයේ එයාර් බෑගයයි.

අනතුරේදී සිදුවූ තෙරපීම සමග එයාර් බෑගය ක්‍රියාත්මක වී ඇති අතර, එම ඒයාර් බෑග් ආරක්ෂණ පද්ධතියෙන් විසිවූ යකඩ කැබැල්ලක් විමුක්තිගේ බෙල්ලේ ප්‍රධාන රුධිර වාහිනියක් පසාරු කරගෙන ගොස් තිබුණා.

අද විමුක්තිට සිදුවූ මේ අනතුරට, හෙට දවසේ ඔබගේ වාහනයේ එයාර් බෑග් පද්ධතියේ යම් දෝෂයක් නිසා ඔබටද මුහුණ දීමට සිදුවිය හැකියි. කාලයක් ගතවන විට මෝටර් රථයක මෙම ඒයාර් බෑගය පුපුරා යාමේ අවදානම වැඩි බවයි බොහෝ දෙනාගේ මතය වන්නේ. එලෙස පුපුරා යන යකඩ කැබැලි උණ්ඩයක් ලෙස පැමිණෙන්නේ වාහනය පදවන පුද්ගලයා දෙසටයි. ඒ නිසා වාහනය පදවන විට ඔබ අවධානයෙන් කටයුතු කළොත් මෙවැනි අනතුරු වළක්වා ගැනීමට හැකි වේවි.

හොරණ කොළඹ 120 ප්‍රධාන බස් මාර්ගයේ දුරකතන සමාගමක් විසින් නඩත්තු කටයුත්තක් නිමකර කොන්ක්‍රීට් තට්ටුවක් අනාරක්ෂිත ලෙස යොදා තිබීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි මොරගහහේන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක විමල් ආනන්ද මහතා අධිකරණයට දක්වමින් කියා සිටියේ. එසේම මෙවැනි අලුත්වැඩියාවකදී යොදන මාර්ග බාධක රාත්‍රී කාලයේ වඩාත් හොඳින් පෙනෙන ලෙස විදුලි පහන් දල්වා තිබිය යුතු වුවත්, එසේ විදුලි පහන් යොදා නොතිබීම මෙම අනතුරට හේතුවක් බවද ඔහු සඳහන් කළා.

මෙම අනාරක්ෂිත ඉදිකිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ඉදිකිරීම් සමාගමක වැඩ පරීක්ෂකවරයකු ලෙස සේවය කරන දිමුතු දයාල් ලොරෙන්සුහේවා නමැත්තාට චෝදනා එල්ලවී ඇති අතර, ඔහුව බන්ධනාගාරගත කරන ලෙසයි මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කරනු ලැබුවේ.

මෙම අනාරක්ෂිත රිය අනතුර පිළිබඳ විමුක්ති මහතාගේ ඥාතියකු සඳහන් කළේ මෙවැන්නකි.

‘මල්ලි හිටියේ මේ රටට හරියයි කියන තැන. එයාට තියෙන උගත්කමේ හැටියට මේ රටේ දුක් විඳින්න ඕනෙ නැහැ. රටින් ගියා නම් මෙහෙම වෙන්නේ නැහැ. දවල් මෙතැන පාරේ වැඩක් කරලා තියෙනවා. මෙයා ගමේ කෙනෙක් වෙලත් මේ අනතුර වළක්වා ගන්න බැරිවුණා. පිටින් ආව කෙනෙක් කොහොමද මේ වගේ තිබ්බා නම් බේරෙන්නේ? උදේ නැති වළක් දවල් තියෙන්නේ කොහොමද? මේ වෙලාවේ උගත් මිනිස්සු රට දාලා යනවා. මේගොල්ලෝ ගියේ නැත්තේ රටට තියෙන ආදරේ නිසා. වෙන රටක මේ වගේ අනතුරු ස්ථානයක් තියෙනවා නම් කිලෝමීටරයක සිට දැනුම් දෙනවා ඉදිරියෙන් අවදානම් සහිත තැනක් කියලා. මේ රටේ මිනිස්සු ඉන්නේ තාම ගල්යුගයේ. මිනිස්සු කවුරු වුණත් තමන්ගේ රස්සාව අවංකව කරන්න ඕනේ…’

මියගිය විමුක්ති මහතා මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයක විධායක කමිටු සාමාජිකයෙක් ලෙසද කටයුතු කරමින් සිට ඇති බව වාර්තා වෙනවා. ඔහුගේ අධ්‍යාපන සහ වෘත්තීය පළපුරුද්ද මත ලෝකයේ ඕනෑම රටකට Nano Technology Scientist කෙනෙක් ලෙස විදෙස්ගත වීමේ අවස්ථාවද විමුක්ති මහතාට තිබූ බවයි වාර්තා වන්නේ. එසේ වුවද ඔහු තම රට තුළම රැඳෙමින්, අපේ රට මේ අර්බුදවලින් ගොඩගැනීමේ අරමුණෙන් අවංකව කටයුතු කළ අයකු බවද ඔහුගේ සමීපතමයන් සමාජ මාධ්‍යවල සටහන් තබා තිබුණේ මේ ආකාරයටයි.

චරින්දු ජයසුන්දර මහතා,
‘පාරේ කපලා තිබුණු වළක වාහනේ වැටිලා. ඒ පාර දෙපැත්තේ ලයිට් නැහැ. ඒ වගේ වළවල් කැපුවා නම් ඒ වළවල්වලට වාහන නොවැටෙන විදියට අනිත් වාහනවලට පේන විදියට රාත්‍රියේ කහපාට ලුමිනස් කලර්වලින් ආවරණ කරන්න තිබ්බා. චාරයක් විනයක් සිස්ටම් එකක් නැති රටේ මෙවැනි සිද්ධි අපමණ සිදුවෙනවා‌. මෙවැනි වටිනා ජීවිත රටට අහිමි වීම ඉතා සංවේගය දනවන කාරණයකි.’
මනුරි ප්‍රභාසරි වෙලබොඩ සොහොයුරිය

‘මේ රටේ ඉන්න ඕනෙම මිනිස්සු අපිව දාලා යන්නම යනවා. ඊයේ රෑ ටෙලිකොම් වළක කාර් එක වැටිලා ශුසුම්නාවට වූ හානිය නිසා අද සදහටම අපෙන් සමු අරගෙන. Nanotechnology Scientist වෙලා හිටපු විමුක්ති අවස්ථා ගණනක් ලැබිලත් මේ රට දාලා ගියේ නැත්තේ මේ රටේ ඉඳගෙන මේ මජර සිස්ටම් එක වෙනස් කරන්න ඕනෙ කියන හැඟීම නිසා. අන්තිමට ඒ මජර සිස්ටම් එක විසින්ම විමුක්තිව අපිට නැති කළා. ඇත්තටම අපිට කොහේ තියෙන නිදහසක්ද? මේ කොහේ තියෙන කොහොම තියෙන රටක්ද?’

සංචික ගම්ලත්
‘රටක අනාගතය ඒකාලෝක කරන්න හිටිය ඔයා ඇයි මෙහෙම යන්න ගියේ? ඔයා හැදුව පේජ් එක ගැන කිව්ව දේ මට තාම මතකයි. අයියේ අපි මේකෙන් රටේ යහපත් අනාගතය හදන්න පුළුවන් අය එකතු කරලා එයාලාට ආමන්ත්‍රණය කරමු. අපි ඔක්කොම එකතු වෙලා අනිත් අයවත් හදමු. ශ්‍රේෂ්ඨ මිනිස් ආත්මයක් වෙච්ච ඔයාගේ ශ්‍රේෂ්ඨ අරමුණු ඉෂ්ට කරන්න අබමල් රේණුවක දෙයක් හරි කරන්න මම පොරොන්දු වෙනවා…’

මේ දරුණු අපරාධයට හේතුව වශයෙන් බොහෝ දෙනා දකින්නේ රටේ පවතින ක්‍රමයේ වැරැද්දයි. නොසැලකිලිමත්කමින් සිදුවන අලුත්වැඩියා, ඉදිකිරීම් හේතුවෙන් දෛනිකව සිය දහස් ගණනක් රියැදුරන් පීඩාවට පත්වෙන අයුරු ඕනෑ තරම් දැකගත හැකියි. පෙර දැනුම්දීමකින් තොරව හිටිහැටියේ පටන්ගන්නා ඇතැම් මාර්ග සංවර්ධන කටයුතු හේතුවෙන් සිය ගණන් රථ වාහන පෝලිම් ක්ෂණිකව නිර්මාණය වන අයුරුද අපට අලුත් අත්දැකීමක් නොවේ. එහෙත් මෙවැනි බරපතළ අනතුරුවල මඟ පාදා රටට සම්පතක් වූ වටිනා ජීවිත අකාලයේ මිලින කරන වගකීම් විරහිත නිලධාරීන්ට දැඩි දඬුවම් පැමිණවිය යුතුමය. එසේ නොවුණහොත් විමුක්ති වැනි තවත් වටිනා ජීවිත සිය ගණනක් නුදුරු අනාගතයේදීම රටට දැයට අහිමිවීම නොවැළැක්විය හැකිය.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

සචින් ‌ටෙන්ඩුල්කාර්වයි අරවින්ද ද සිල්වායි සුජීව සජබ වේදිකාවට අරන් ආවේ ඇයි? VIDEO

Next Post

‘නෝ පොලිස්! නෝ කෝට්ස්! අයි කැන් යූ හෙල්ප්…!’ ලංකාව වටේ බයිසිකලයක් පැදන් යන සුදු ජෝඩුවට ඩ්‍රයිවින් ලයිසන් නෑ කියලා දත ගලවන්න ගිය පොලිස් ජෝඩුවට වෙච්ච දේ! VIDEO

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.