• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමහරු කෝටි 20ක් කියනවා! සමහරු ‌කෝටි 40ක් කියනවා! අධ්‍යාපන අමාත්‍යංශයෙන් සල්ලි ගත්තා කියනවා! නිදහස් උත්සවේට ගිය ගාණ හරියටම කීයද?

February 7, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ලබන අවුරුද්දේ නිදහස මහ ඉහළින් සමරන්න ඇමැතිවරු 10 දෙනෙක් දාලා කැබිනට් අනුකමිටුවක් පත් කරලා!
Share on WhatsAppShare on Facebook

75 වන නිදහස් දින සැමරුම් නිල රජ්‍ය උත්සවයේ වියදම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින සාවද්‍ය පුවත් සහ තොරතුරු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් නිදහස් සැමරුම් නිල රාජ්‍ය උත්සවයක් පැවැත්වීම වර්ජනය කිරීමට ජනතාවට බල කළ පටු දේශපාලන ක්‍රියාවලියේ තවත් දිගුවක් ලෙස මෙම සාවද්‍ය තොරතුරු ප්‍රචාරය පෙන්නුම් කරයි.

පැහැදිලිව එහි අපේක්ෂාව දුස් තොරතුරු හරහා ජනතාව නොමඟ යවා රජය ජනතාවගේ වෛරයට ලක්කිරීම සහ ආණ්ඩුව අපහසුතාවට පත්කර තම දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීම විය යුතුය.
ඒ වෙනුවෙන් නිදහස් දින සැමරුම් උත්සවයේ ජංගම වැසිකිළි පහසුකම් සැපයීමට කටයුතු කිරිම පවා වරදක් ලෙස ජනතාව වෙත ඒත්තු ගැන්වීමට උත්සාහ දරා ඇත.

නමුත් අවධාරණය කළ යුතුව තිබෙන්නේ මෙම සැමරුම් උත්සවය සඳහා ආරාධිත ඉහළ පෙළේ විදෙස් රාජතාන්ත්‍රිකයන් වන ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටකෙයි ෂන්සුකේ (Takei Shunsuke), භුතානයේ අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ජාබි බීර් රායි (Jai Bir Rai), මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුලිලා ෂහීඩ් (Abdulla Shahid), බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමෙන් (A.K. Abdulla Momen), පාකිස්ථාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හිනා රබානි ඛා(ර්) (Hina Rabbani Khar), ඉන්දියානු විදේශ කටයුතු රාජය අමාත්‍ය වී. මුරලිදරන් (V. Muraleedharan), නේපාලයේ විදේශ අමාත්‍ය ආචාර්ය බිමලා රායි පෞද්‍යාල් (Bimala Rai Paudyal), පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් ප්‍රැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland) යන මහත්ම මහත්මීහූ සහභාගී වූ බවය.

තවද විදෙස් රටවල තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් 3200ක් පමණ මෙන්ම ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ 6670ක් ඇතුළු අති විශාල පිරිසක් උත්සවය සඳහා එක්ව සිටියහ.

එසේම නිදහස් දින සැමරුම් උළෙලේ පෙර පුහුණුවීම්වල නිරත පිරිස් සඳහා ද මෙම ජංගම වැසිකිළි පහසුකම් සපයා තිබිණි.

එවැනි පසුබිමක දහස් සංඛ්‍යාත පිරිසක් රැස්වන උත්සවයක සෞඛ්‍යාරක්ෂිත බව නිසිලෙස තහවුරු කිරීමේ පියවරක් ලෙස ප්‍රමාණවත් පරිදි ජංගම වැසිකිළි පහසුකම් සැපයීම වෙනුවෙන් වැය බරක් දැරීම කිසිසේත්ම අනවශ්‍ය වියදමක් ලෙස දැක්විය නොහැකිය.

අති විශාල පිරිසක් රැස්වන නිල රාජ්‍ය උත්සවයක එවැනි අංශයක් සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම රටම අපකීර්තියට පත්වන්නක් බව ද සඳහන් කළ යුතුය.
එසේම මෙම උත්සවය සඳහා රජය විසින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ මුදලින් රුපියල් මිලියන 5.8ක් වැය කර ඇති බවට පළවන පුවත් ද මුළුමනින්ම සාවද්‍ය වේ.
මෙම උත්සවය සඳහා වන මුලික වියදමක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඇස්තමේන්තු ගතකර තිබුණ ද එම කිසිඳු මුදලක් වැය කර නැත.
තවද ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය වෙනුවෙන් ද ප්‍රතිපාදන වෙන් කිරීම සාමාන්‍ය තත්ත්වයක් වන අතර මෙවර පැවති 75 වන ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය සඳහා වැය කරනු ලැබුවේ ඇස්තමේන්තුගත මුදලට වඩා ඉතාම අඩු මුදලක් බවත් අවධාරණය කළ යුතුව ඇත.
ඒ අනුව මෙවර පැවැත්වූ 75 වන ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය සඳහා රජය වැය කළ මුළු මුදල රුපියල් 11,130,011 ශත 29ක් පමණි.
එමෙන්ම මෙවර නිදහස් දින සැමරුම් උත්සවයට රජය වැය කර ඇත්තේ මීට පෙර නිදහස් දින සැමරුම් රාජ්‍ය උත්සව සදහා වැය කළ මුදලට වඩා ඉතාම අඩු මුදලක් බවද සිහිපත් කළ යුතුව ඇත.
රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී ඉන් ගොඩඑමින් පවතින මොහොතක මෙවන් රාජ්‍ය උත්සවයක් පැවැත්වීම යනු පැහැදිළිව යළි නැඟී සිටීමට රට සූදානම් කිරීමකි. අනෙක් අතට යළි නැගී සිටීම සඳහා අවශ්‍ය ධෛර්යය බිඳුවකින් අඩුවක් නොමැතිව ශ්‍රී ලංකා රාජ්‍යයට තිබෙන බවත්, අර්බුදය විසින් බිඳ දැමුණු ශ්‍රී ලංකා අභිමානය යළි අත්පත් කරගන්නට ඇති සූදානම පිළිබඳ පණිවිඩය ලෝකය හමුවේ තැබීමක් ද වෙයි.
එබැවින් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතික නිදහස් සැමරුම වැනි අභිමානවත් රාජ්‍ය උත්සවයක් සම්බන්ධයෙන් ගෙන යනු ලබන සාවද්‍ය ප්‍රචාර ජනාධිපති කාර්යාලය ඉතා කණගාටුවෙන් යුතුව ප්‍රතික්ෂේප කරයි.

ජනාධිපති මාධ්‍ය අංශය

SendShareShare
Previous Post

රනිල්ගේ දෙවන රාජාසන කතාව අහන්න හෙට යන අය සහ වර්ජනය කරන අය මෙන්න!

Next Post

හෙට ඒකාබද්ධ විරෝධයට සියල්ල ලෑස්තියි! වරාය-තෙල්-විදුලිය-ජලය වැඩ නවතී! දොස්තරවරු-සරසවි ඇදුරන්-වෘත්තිකයන් පාරට බසී! ගුවන් ගමන් පාලකවරු අකුරට වැඩ! ගුරුවරු-බැංකු සේවකයනුත් ‌පාරට!

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.