හෙට දින ආරම්භ වන නව පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීමට අනුර කුමාර දිසානායක, රිෂාඩ් බදුර්දීන් සහ රවුෆ් හකීම් යන මහත්වරුන් නියෝජනය කරන පක්ෂ තීන්දු කර ඇත.
නමුත් සමගි ජන බලවේගය සහ නිදහස් ජනතා සන්ධානය එම රැස්වීම වර්ජනය කිරීමට දැනටමත් තීන්දු කොට තිබේ.
ඒ අනුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ඩලස් අලහප්පෙරුම-ජී.එල්.පීරිස්-විමල් වීරවංශ පාර්ශවය-විමල් වීරවංශ-උදය ගම්මන්පිල-වාසුදේව නානායක්කාර පාර්ශ්වය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයාගේ රාජසන කතාව වර්ජනය කිරීමට නියමිතය.
මීට අමතරව ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාද හෙට රැස්වීමට සහභාගී වන්නේ නැත.
නමුත් ජනාධිපතිවරයා විසින් රාජාසන කතාව පැවැත්වීමේ අවස්ථාවට ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය මෙන්ම රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පී. දිගම්බරම් යන මහත්වරුන් නියෝජනය කරන පක්ෂ සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.