සීමාසහිත බිටුමික්ස් සමූහ ව්‍යාපාරය සංවිධානය කරන බිටුමික්ස් සිසු සෙනෙහස ශිෂ්‍යත්ව වැඩසටහන පසුගියදා සිය 5 වැනි සංවත්සරය අනුරාධපුර සමුපකාර ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් ලෙස සැමරීය. ශිෂ්‍යත්ව ලාභීන් 75 දෙනකු ඔවුන්ගේ මව් පිය භාරකරුවන් සමඟ මේ අවස්ථාවට සහභාගි වීම විශේෂත්වයකි. බිටුමික්ස් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ අශෝක සිරිවර්ධන මහතාගේ සංකල්පයකට අනුව 2014 ඔක්තෝබර් 9 වැනිදා ඇරැඹි බිටුමික්ස් සිසු සෙනෙහස ශිෂ්‍යත්ව වැඩසටහන ආර්ථික අපහසුතා නිසා අධ්‍යාපන ඉලක්ක ජය ගැනීමට අපහසු දක්ෂ සිසුන්ට මූල්‍ය ආධාර සහ වෙනත් උපකාර සපයන මහඟු අත්වැලකි. පාසල් සහ පළාත් පාලන ආයතනවල උපකාරයෙන් ආධාර උපකාර අත්‍යවශ්‍ය සිසුන් නිර්ණායක පද්ධතියක් යටතේ හඳුනා ගැනෙන අතර ඔවුන්ට 6 ශ්‍රේණියේ සිට සරසවි අධ්‍යාපනයේ අවසානය දක්වාම ආධාර සැපයීම මේ වැඩසටහනේ විශේෂත්වයයි.











