ඇඹිලිපිටියේ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග ලබාදීම සම්බන්ධයෙන් නීතිපති දප්පුලද ලිවේරා මහතාට විරෝධය පළ කිරීමට නීතීඥවරුන් පියවර ගෙන ඇත.
ඒ අනුව එය නීතියට පටහැනි අත්තනෝමතික ක්‍රියාවක් බව සඳහන් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු අද(24) අධිකරණය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක නිරත වූහ.

නීතිපතිගේ කාර්යභාරය අධිකරණයට මග පෙන්වීම සහ සහය වීම පමණක් බවත් එසේ තිබියදී විනිසුරුවරුන් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කිරීම නීතිපතිගේ කාර්යභාරය නොවන බවත් ඔවුහු සඳහන් කළහ.










