• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දමිත් සියලු රහස් හෙළිකරයි

August 21, 2019
in Heart
Reading Time: 2 mins read
A A
දමිත් සියලු රහස් හෙළිකරයි
Share on WhatsAppShare on Facebook

අපේ රටේ මිනිසුන්ගේ තිබෙන ලොකුම අඩුපාඩුවක් තමයි යමක් හරි හැටි නොදැන විවේචන එල්ල කිරීම. සමහර මාධ්‍ය ආයතනත් අඩු වැඩි වශයෙන් මෙයට දායක වෙනවා. එවැනි අසත්‍ය ප්‍රචාර නිසා අපහසුතාවට පත්වෙච්ච ජනප්‍රිය තරුවක් තමයි දමිත් අසංක කියන්නේ. ඇත්තටම ඔහුව සම්බන්ධ කරගැනීමට කලක සිට අප උත්සාහ කළා. මේ එම උත්සාහයේ ප්‍රතිඵලයයි. ඉතින් ඒ හැම ප්‍රචාරයක් සම්බන්ධවම ඉතා නිහතමානීව පිළිතුරු දෙන්නට දමිත් ඉදිරිපත් වුණා. හැඟීම්බර හඬින් ඔහුගේ ඇත්ත කතාව අපිට හෙළි කළ විදිය.

දමිත් අසංක නැවත කරළියට එන්න අදහසක් නැද්ද?
මම මැරුණත් පරම්පරා ගණනාවක් මගේ නම තියේවි. මගේ සින්දු රසික රසිකාවියන් හැමදාමත් රසවිඳීවි. හැබැයි මට පිස්සු නැහැ. මට පිස්සු කියලා හංවු ගහපු අයට දැනෙන්න රට හෙල්ලෙන වැඩක් ළගඳීම කරනවා.
අපට හිතෙනවා ඔබ තරමක් නිහඬ වෙලා කියලා?
මම ගොඩාක් දුක් විඳලා කට්ට කාලා ආවේ. ඒ ආපු කටුක ගමන ගැන මට කියන්න පත්තරයක ඉඩකඩ මදි. හැබැයි මම නිහඬ වෙලා නැහැ. මාව නිහඬ කරන්නත් බැහැ. මම මේ වෙන දේවල් දිහා බලාගෙන ඉන්නවා. මගෙන් මේ රටට විය යුත්තේ කුමක්ද කියලා මම හිතනවා. මටත් ප්‍රශ්න ආවා. මම නැහැ කියන්නෙ නැහැ. හැබැයි ඇත්ත හරි හැටියට ජනතාවට ගියේ නැහැ.
ඔබ ඒ නිසාමද පසුගිය කාලේ මාධ්‍ය එක්ක ගනුදෙනු නොකළේ?
ඇත්තටම ඔව්. මාධ්‍යවේදියෙක් වුණාම හරි දේ පැහැදිලිව ජනතාවට දිය යුතුයි. ඒ වගේම ඔහුට හොඳ ඉවසීමක් තිබිය යුතුයි. මම කියන දේ හරියට ජනතාවට දෙන්නේ නැතිව කුණු ගොඩවල් ඕපදූප ජනතාවගේ ඔළුවට දානකොට මිනිස්සු ඒ දේවල් ඇත්ත කියලා හිතනවා. මම මානසික ලෙඩෙක් කියලා බොරු ප්‍රචාර ගැහුවා. මම සංගීත ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා ගොවිතැන් කරනවා කිවවා. මම මේ ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා නැහැ. අදටත් වැඩ කරනවා. ඒකයි මම කියන්නේ මේ රට හදන්න පුළුවන් මාධ්‍යයට විතරයි. ඒත් ඇයි ඇත්ත කතා නොකරන්නේ. මම මාධ්‍යයට කතා කරපු ගමන් බොරු දේවල් උළුප්පලා ප්‍රචාරය කරනවා. ඉතින් ඉල්ලගෙන නාගන්නවාට වඩා හොඳයි ඇදගෙන නාගන්න එක. ඒකයි මම නිහඬ වෙලා ඉන්නේ.
පසුගිය කාලේ පැතිරුණු කටකතා බොරු කියලද ඔබ ඔය පවසන්නේ?
මම බන්ධනාගාරගත කරපු එක සහ තවත් විවිධ කටකතා සමාජයේ පැතිරුණා. හැබැයි ඒ හුඟක් දේවල් බොරු. හැබැයි මාව වට්ටන්න ටිකක් අමාරුයි. මිනිසුන් තේරුම් අරගෙන, සත්‍ය අවබෝධ කරගෙන මම ඒ අයට මෛත්‍රිය වඩනවා.
එතකොට දමිත් පැවිදි වෙන්න ගියේ ඇයි?
මට සියල්ල අවබෝධ වුණා. නැතුව මට පිස්සු හැදිල මානසික පිස්සෙක් වෙලා කහ චීවරයක් දාගත්තේ නැහැ. පොලිස් නිලධාරීන් පවා මාව අත්අඩංගුවට ගද්දිත් අපේ පොඩි හාමුදුරුවනේ කියලා කතා කළේ. බන්ධනාගාරයේදීත් මගේ රසික රසිකාවියන් හිටියා. ඔවුනුත් ඇහුවේ මොකක්ද මේ කරන පිස්සු වැඬේ. මේ තරම් රටේ ඉහළම තැනක ඉද්දි ඇයි මේ වගේ දෙයක් කරගන්නේ පිස්සුද කියලා. ඔන්න ඔය කරුණු කාරණා එක්ක මම නැවත හිතුවා මම රටට අවශ්‍ය කෙනෙක්. ඒ නිසා මම ආපු ගමන යනවා කියලා.
පසුගිය කාලේ ප්‍රසංගවල දමිත් අංසකගේ නම ප්‍රචාරය වුණා. කටවුට්වල එහෙමත් ෆොටෝ තිබුණා. හැබැයි අපි ඔබව ප්‍රසංගවලදී දැක්කෙ නැහැ?
ඒක තමයි මම කියන්නේ. මගේ නම විකුණ විකුණ හම්බ කරන්න පුළුවන් අය හම්බ කළා. මගේ සින්දු ලංකාවේ ඩවුන්ලෝඞ්වලින් දැනට අංක දෙකට ඇවිත් තිබෙනවා. හැබැයි ඒ කිසිවකට ප්‍රතිලාභයක් මට නැහැ. වෙන අය හම්බකරනවා. කලාකරුවෙක් වෙච්ච මට අත්වෙලා තියෙන්නේ එහෙම ඉරණමක්. රජයේ කිසිම බලධාරියෙක්ගෙන් මේවට විසඳුම් නැහැ. හැබැයි මම මුදල් හම්බ කළා නම් මෙලහකටත් මම කෝටිපතියෙක්. මම හම්බ කළේ මිනිසුන්. ඔවුන් වෙනුවෙන් දෙයක් මම නොකර ඉන්නේ නැහැ. මම රටේ ජනප්‍රිය වෙලත් හිඟන්නෙක් කියලා සමහරු හංවඩු ගහනවා. සමහරු අපේ ගිණුම් අංක ඉල්ලුවත් ඒවට මුදල් වැටෙන්නැහැ. මේවා ඇතුළේ සිද්ධවෙන දේවල් දැක්කාම නිහඬ වෙලා ඉන්න එකත් මගේ මෝඩකමක්.
මේ සියල්ලට විසඳුමක් හොයන්න දමිත්ගේ අලුත් සැලැසුමක් නැද්ද?
මම නීතිමය පැත්තෙන් කටයුතු කරන්නැහැ. බැරිකමට නෙමේ. ඒ මගේ මනුස්සකමයි. ඒ වගේම අලුත් වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා.
ඒ ගැන වැඩි විස්තර සඳහන් කළොත්?
රටේ ජනප්‍රිය ගායන ශිල්පීන් ඔවුන්ගේ නමින් විවිධ ප්‍රසංග පවත්වනවා. ඉතින් මම හිතාගෙන ඉන්නවා මගේ නමින් ප්‍රසංගයක් පවත්වමින් රට පුරා සැරිසරන්න. ඒ විතරක් නෙමේ මම තෝරාගත්ත සංගීත කණ්ඩායම් කිහිපයක් එක්ක විතරයි මින් ඉදිරියට සින්දු කියන්නේ. ආරාධනා කරන කිසිම ප්‍රසංගයකට මම සහභාගි වෙන්නේ නැහැ. එතකොට කාටවත් මගේ නම් විකුණන්න බැහැ. තව අවුරුදු දෙකක් ඇතුළත මගේ ගමනෙ ලොකු වෙනසක් වේවි. සැප්තැම්බර්වල කොරියාවේ ප්‍රසංගයකට සහභාගි වෙන්නත් සූදානමින් ඉන්නවා.
දමිත් හදපු ‘ඊමේල්’ සංගීත කණ්ඩායමට මොකද වුණේ?
ඒ ගැන කියන්නත් කනගාටුයි. ලොකු මුදලක් යටකරලයි මම සංගීත කණ්ඩායමක් හැදුවේ. මම උත්සාහ කළේ මගේ සංගීත කණ්ඩායමක් හදලා ඒ තුළ විතරක් සින්දු කියන්නයි. මීට අවුරුදු තුනකට කලින් මම විහාරමහාදේවි උද්‍යානයේ පළමු ප්‍රසංගය කළා. එදා මගේ රසික රසිකාවියෝ ආවෙත් නැහැ. ඉතින් එතැනින් එහාට කවුරුවත් මට උදව් කළෙත් නැහැ. ඒක එහෙම්මම නතර වුණා.
දැන් දමිත්ගේ රසික රසිකාවියෝ හිතාගෙන ඉන්නේ දමිත් අමුඬේ ගහන ගොවියෙක් වෙලා කියලයි. ඇත්තද මේ කතාව?
අමුඬේ ගහන ගොවියෝ නැති වුණා නම් අද ජනතාවට කන්න හාල් ටිකත් නැතිවෙයි. මම ගොවිතැන් කරන්නේ මගේ අම්මාගේ ඉඩමේ. ඒක මගේ දක්ෂතාවයට හෑල්ලුවක් නෙමේ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

අපේක්ෂකත්වය ගන්න සජිත්ලා බඩගින්නේ ඉන්න යයි

Next Post

ගෝඨාව රටෙන්ම ගැලවෙයි

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.