• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොරෙක් වෙනුවෙන් කරපු බ්‍රසීල අරගලය…! හොරු පන්නන්න කරපු ලංකාවේ අරගලය…! සටන හරියට හඳුනාගන්න…!

January 17, 2023
in Exclusive, News
Reading Time: 8 mins read
A A
හොරෙක් වෙනුවෙන් කරපු බ්‍රසීල අරගලය…! හොරු පන්නන්න කරපු ලංකාවේ අරගලය…! සටන හරියට හඳුනාගන්න…!
Share on WhatsAppShare on Facebook

කෝවිඩ් වසංගතය ‘පුංචි හෙම්බිරිස්සාවක්’ යැයි කී නල්ලමලේ ජනපති කෙනෙක් බ්‍රසීලයේ සිටියේය. ඔහුගේ නම ජෙයර් බොල්සොනාරෝය. කොරෝනා නිසා විසි ගානක් මැරුණට රට වහන්න පුළුවන්ද? කොටිත් එක්ක හැප්පෙන මට මේ ජදරදබ් මොකක්ද? එහෙම අහපු ජනාධිපති කෙනෙක් ලංකාවේ හිටියේය. ඔහු ගෝඨාභය රාජපක්ෂය. ඔහුගේ හිතුවක්කාර ගති පැවතුම් සහ පාලන ක්‍රමවේදය නිසාම නිසා ම අවුරුදු දෙකහමාරකින් ගෙදර යන්න සිදුවිය.

බ්‍රසීලයේ බොල්සොනාරෝටත් ගෙදර යන්න සිදුවිය. ඒනම් මැතිවරණය පරාජය වීමෙන්ය. ලෝකයේ ලොකුම පාරිසරික ඝාතකයා ලෙස හඳුන්වනු ලැබුවේ ඔහුය.

ඇමසන් වනය හඳුන්වන්නේ ‘ලෝකයේ පෙණහැල්ල’ කියාය. එහි සිදුරු ඇති කළේ ඔහුය. රිකාඩෝ සාල්ලේස් නමැති ඔහුගේම පන්නයේ පරිසර ඇමැතිවරයා සමග එක්ව ඔහු මහා පරිමාණයෙන් පරිසර දූෂණය සිදුකළේය. ඇමෙරිකාවට සහ යුරෝපයට ඇමසන් වනය කපා ලී ලෙස අලෙවි කළ බවට ඒ ඇමැතිවරයාට චෝදනා එල්ල වූ අතර, ඔහු නිතරම ගත්තේ දැව ජාවාරම්කරුවන්ගේ පැත්තය.

ලෝකයේ විශාලතම ටින් ලෝහ පතල වන පිටින්ගා (Pitinga) පතලෙන් නිකුත් වන විෂ සහිත ජලය ඇමසන් ගංගාවලට හැරවෙන්නට ඉඩ දී ආදිවාසී ජනපද පාළු කර දැමුවේත්, ලෝකයේ විශාලතම පරිසර පද්ධතිය විනාශ කිරීමට පටන් ගත්තේත් බොල්සොනාරෝය. 2021 මාර්තු බ්‍රසීල ඉතිහාසයේ විශාලතම වන ඝාතනය සිදුවිය. ඇමසන් වනයේ වසර සිය ගණන් ඉපැරණි දැවැන්ත වනස්පතීන් කියුබික් අඩි මිලියන 8ක් දැව කුට්ටි බවට පත්විය. එම දැව තොගයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක් විය.

ඉතා ප්‍රබල සහ ගැටලුකාරී මැතිවරණ ව්‍යාපාරයකින් අනතුරුව, පසුගිය ඔක්තෝබර් 30 වැනි දින පැවැති ජනපතිවරණයේදී ඉතා කුඩා ඡන්ද පරතරයකින් බොල්සොනාරෝව පරාජය කිරීමට 2003 ජනවාරි සිට 2010 දෙසැම්බර් දක්වා කාලය තුළ බ්‍රසීලයේ ජනාධිපති ලෙස කටයුතු කර තිබු ලූලා සමත් විය. ලූලා සිය ජයග්‍රාහී කතාවේදී සඳහන් කළේ ‘ඇමසන් ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගිතාවට (තමා) විවෘත’ බවයි. අද අපි ලෝකයට කියන්නේ බ්‍රසීලය නැවතත් හිස ඔසවා ඇති බවයි. ‘ගෝලීය ජනතාවගේ කනස්සල්ල අමතක කිරීමට නොහැකි තරම් විශාලයි’ ඔහු තම ප්‍රතිවාදියා සිහි කරමින් පැවැසීය. එහෙත් බොල්සොනාරෝ පරාජය භාර නොගත්තේය.

2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව මහින්ද රාජපක්ෂ මැදමුලනට ගොස් ජනේලයක එල්ලී ජනතාව අමතමින් කියා සිටියේ තමන් පරාජය කළේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව කියාය. ජාතිවාදී ගින්නකට පිදුරු දමා ලැව් ගින්නක් ඇති කරන්නට හේ එවර සමත් විය.

බොල්සොනාරෝත් දන්න කියන සියලු උපක්‍රම භාවිත කළේ ලූලාව නැවත ගෙදර යවන්නටය. ඒ අනුව ඔහු සිය ආධාරකරුවන් ඒ සඳහා කුපිත කළේය. ජෙයාර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් දහස් ගණනක් එරට කොංග්‍රසයට, ශ්‍රේෂ්ඨාධිකරණයට සහ ජනාධිපති මන්දිරයට පසුගියදා කඩා වැදුණි.

ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක ප්‍රතිඵලය තම කැමැත්තට පටහැනි වූ විට එය පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේත මතින් කෝපය පිට කරන තත්ත්වයට සිය ආධාරකරුවන් පෙළගස්වා ඇත්තේ බොල්සොනාරෝය. සමහරු කියන්නේ මෙය ලංකාවේ තත්ත්වය වගේ කියලාය. නමුත් එය ලංකාවේ තත්ත්වයට සමපාත නොවේ.

එරට වර්තමාන ජනාධිපති ලූලා වාමාංශිකයෙකි. ඔහුගේ පැටිකිරිය ද එතරම් හොඳ නැත. 2017 වසරේදී දූෂණ චෝදනාවන්ට වරදකරු වූ ලූලා, දින 580ක් සිරගතව සිටි අතර ඔහුට 2018 ජනාධිපතිවරණයට තරග කිරීම තහනම් විය. එවර ජනපතිවරණය බොල්සොනාරෝ ජයග්‍රහණය කළේය. හැබැයි, බොල්සොනාරෝ ඊට අන්තය.

ඔහු බ්‍රසීලය පමණක් නොව ඇමසන් වනය ද පණ පිටින් මරාදැමීමට වැඩ කළේය.

සාල්ලේස්ට බ්‍රසීලයේ පරිසර ක්‍රියාකාරීන් අමතන්නේ ‘පරිසර ඇමැති’ කියා නොව. ‘පරිසර විරෝධී ඇමැති’ (Anti Environment Minister) කියාය.

මේ පරිසරය විනාශය සම්බන්ධව විමර්ශන කළ පොලිස් නිලධාරීන් පන්නා දමන්නට බොල්සොනාරෝ කටයුතු කළේය. එපමණක් නොව තමන්ට හිස නමන පොලිස් නිලධාරියකු පොලිසියේ ප්‍රධානියා බවට පත් කරන්නට ද කටයුතු කළේය.

බ්‍රසීලයට කොරෝනා වසංගතය පැමිණීමත් සමග බොල්සොනාරෝගේ අදූරදර්ශී, හිතුවක්කාරී පාලන ක්‍රමය ඔඩුදුවන්නට පටන් ගත්තේය.

ඔහු කියා සිටියේ corona යනු හෙම්බිරිස්සාවක් පමණයි කියාය. හැබැයි ඔහුම කියූ හෙම්බිරිස්සා වෙන් දහස් ගණන් මියයන්නට පටන් ගන්නා විට බොල්සොනාරෝ කළේ ඊට මුවාවී වන සංහාරය සිදු කරන එකය.

බ්‍රසීලයේ වසංගතවේදය පිළිබඳ විශේෂඥයන් සහ විද්‍යාඥයන් අවදානමේ තරම දැකලා, බ්‍රසීලියා, සාවෝ පාවුලෝ, රියෝ වගේ නගර අයිති ප්‍රාන්තවල ෆෙඩරල් ආණ්ඩුකාරවරුන්ට කීවේ, ‘අළු යට ගිනි පුපුරු තියෙනවා. අපි හැමෝම ඉන්නෙ මහා ගිනි කන්දක් උඩ. දැනට පේන්නෙ නෑ ඒකෙ තරම. වහාම ලොක්ඩවුන් සහ කොරන්ටීන් ක්‍රමවේද පටන් ගන්න…’ කියලාය.

ඊට අවනත වුණු ප්‍රාන්ත ආණ්ඩුකාරවරු කීප දෙනෙක් ලොක්ඩවුන් සහ කොරන්ටීන් ප්‍රෝටොකෝල්ස් දාගෙන එනකොට, ජනාධිපති බොල්සොනාරෝ වහාම ඊට එරෙහි විය. ඔහුගේ ආධාරකරුවන් ලවා ‘ලොක්ඩවුන් විරෝධී යෝධ ජනරැලි’ පැවැත්වීය. ඒ විතරක් නොවේ, තමන්ම පාරට බැස උද්ඝෝෂකයන් එක්ක පාගමන් ගියේය. තම ආධාරකරුවන්ගේම සහාය ගෙන, ජනාධිපති පදවියේ විධායක බලය යොදා, ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ගේ ලොක්ඩවුන් සහ කොරන්ටීන් බලහත්කාරයෙන්ම ඉවත් කරවීය.

බොල්සොනාරෝ ජනතාවට කීවේ ‘අපි එක්සර්සයිස් කරලා ෆිට් එකේ ඉමු. එතකොට හරි යයි’ කියලාය. ඔහු කළේ රටේ ජිම් සේරම නැවත විවෘත කරන්න අණ දෙන එකය. නිරෝධායන මධ්‍යස්ථානවලත් ජිම් දැමීය. ඉන් නොනැවතුණු ඔහු හමුදාව සමග එකතුවෙලා පාරෙ ඩිප්ස් ගහමින් සිටියේය. සතියක් පමණ යන විට කොරෝනා රෝගීන්ගෙන් බ්‍රසීලය ඉතිරී යන්නට පටන් ගත්තේය. අන්තිමට බ්‍රසීලය මළගෙයක් බවට පත්විය.

මේ වසංගතය තුළ ඔහු සිවු වතාවක් සෞඛ්‍ය ඇමැතිලා මාරු කළේය. තත්ත්වයේ සැබෑ ස්වරූපය රටට කියන්න ගිය වෛද්‍යවරුන්ව ඔහු වහාම ඉවත් කළේය. අන්තිමට හමුදාවේ ජෙනරල් කෙනකුට වැඩේ භාරදුන්නේය. හරියටම ලංකාවේ වගේමය.

බ්‍රසීලය ඉතා දැඩි ලෙස බෙදීමට ලක්වී ඇති රටකි. ලූලා උත්සාහ කළේ කිසියම් විදියකට ඒ බෙදුණු රට එකට එකතු කරන්නටය.

නමුත් බොල්සොනාරෝ සිය බලය යොදාගෙන උත්සාහ කරන්නේ එය තව තවත් භේදභින්න කරන්නටය. මේ අතර, බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවූ සතුරු ක්‍රියා හෙළාදකින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ බ්‍රසීලයේ මෑතකදී ඇති වූ ප්‍රචණ්ඩත්වය ගැන දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි.

ව්‍යවස්ථා විරෝධී ක්‍රම ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් පෙරලා දැමීමේ මෙවැනිම උත්සාහයක් ශ්‍රී ලංකාව කලකට පෙර අත්දුටු බව ඔහු මෙම නිවේදනයෙන් පෙන්වා දී ඇත. රටක සිදුවන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට එරෙහිව තවත් රටක නායකයෙක් නිවේදනයක් නිකුත් කිරීම අරුමයක් නොවේ. නමුත් මෙතැන ඇති අරුම පුදුම කාරණය වන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලංකාවේ සිදු වූ අරගලයත් බ්‍රසීලයේ අරගලයට සමපාත කිරීමය.

ලංකාවේ සිදුවූයේ පුරවැසි අරගලයකි. ඒ පුරවැසි අරගලයට රනිල් වික්‍රමසිංහ ජනාධිපති වන්නට පෙරාතුව සහයෝගය පළ කළේය. එපමණක් නොව, ඒ අපලයට විශාල ජනතා පදනමක් තිබිණි.

සීග්‍රයෙන් බංකොලොත්භාවයට රට තල්ලු කරගෙන යන ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පාලනය ජනතාවට තිත්ත වී තිබිණි. අපේ රටේ සිදු වූ අරගලයේ වින්දිත පාර්ශ්වය ජනතාවය. චූදිත පාර්ශ්වය රාජපක්ෂලා ප්‍රමුඛ ආණ්ඩුවය.

බ්‍රසීලයේ අද සිදුවන විරෝධතාවයේ චූදිත පාර්ශ්වය බොල්සොනාරෝ ප්‍රමුඛ ඔහුගේ ආධාරකරුවන්ය. වින්දිත පාර්ශ්වයේ ලූලාය. අපේ රටේ ජනාධිපති වරයාට පැටලී ඇත්තේ එයය. බ්‍රසීලයේ සිදුවන අරගලය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි බව ඇත්ත. ඊට විරෝධය පා නිවේදනයක් නිකුත් කිරීමට නිකුත් කිරීමට ජනාධිපති රනිල්ට ඇති අයිතිය පිළිබඳ තර්කයක් නැත. හැබැයි, මීට පෙර ලංකාවේ සිදුවූයේ එවැනි කුමන්ත්‍රණයක් යැයි පැවසීමට රනිල්ට අයිතියක් නැත.

අතට ගත්ත පැන්සලක් පින්සලක් සහ දැන්වීම් පුවරුවක් හැරුණුකොට වෙන කිසිවක් නැතිව දහස් ගණනක අරගල සේනාවක් රටේ පාලන තන්ත්‍රය වෙනස් කරන්න සමත් විය.

ඇත්තටම ඒක නැවුම් ආශ්වාදනීය අරගලයකි. නිදහසින් පසු ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ තුළ මෙවැනි අරගලයකට පූර්වාදර්ශ නැත.

සන්නද්ධ කැරැලි තුනකින් හෙම්බත්ව සිටි රටක් මේ වරම් පාලන ක්‍රමය වෙනස් කරන්නට සම්පූර්ණයෙන්ම දායක වුණේ සාමකාමීවය. මොන අතකින් හෝ අද රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්ව ඇත්තේද ඒ අරගලයට පින්සිදු වන්නටය. ඔහු ජයග්‍රහණය කුසලාන ජනතාව වෙත ලබාදෙනවා වෙනුවට ඔහු විසින්ම පැහැරගෙන ඇති බව වෙනම කතාවකි.

නමුත්, ඔහු ජනාධිපති බවට පත් වූ පලියට එදා පැවැති ජනතා අරගලය ප්‍රජාතන්ත්‍ර විරෝධී යැයි හංවඩු ගැසීමට ඔහුට අයිතියක් නැත. ලංකාවේ පැවති ජන අරගලය සහ බ්‍රසිලයේ අද පැවැත්වෙන විරෝධතාවය සමපාත කරන්නට උත්සාහ කරන්නට හැක්කේ දේශපාලන තක්කඩියකුට පමණි. අදේශපාලනික අවස්ථාවාදියෙකුට පමණි.

මෙම විරෝධතා ආරම්භ වීමට ආසන්නතම හේතුව නම්, ආර්ථික අවපාතය හේතුවෙන් මහජනයාගේ මූලික අවශ්‍යතා සපුරාගැනීමට නොහැකි වීමය. දැරිය නොහැකි ජිවන වියදම, මූලික අවශ්‍යතා වන ඉන්ධන සහ විදුලිය සැපයීම බිඳවැටීම, අධ්‍යාපනය ලබාදීම සපුර්ණයෙන්ම අඩාළ වීම සහ ඉහළ යන දරිද්‍රතා අනුපාතිකය යනාදිය ජනතාවගේ විරෝධතා දේශපාලන සහභාගිත්වය වර්ධනය කරන ලදී.
‘අපිට ඕන අලුත් රටක්. ජීවිතයක් තියෙන රටක්’ මේ අරගල බිමේ තරුණ ක්‍රියාකාරීන් අතර රැව් නැගෙන සටන් පාඨයකි. ඔවුන් ඉල්ලා සිටියේ අලුත් ආණ්ඩුවකට හෝ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ඔබ්බෙන් යන දෙයකි.

ඇත්ත වශයෙන්ම, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සහ සමගි ජනබලවේගයේ කාන්තාවන් පිරිසක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත දුක්ගැනවිලි සන්දේශයක් භාරදීමට, මිරිහානේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවෙස වෙත 2022 මාර්තු 05 වැනි දින පැමිණීමද මෙම විරෝධතාවන්ගේ එක් අවස්ථාවක් විය. නමුත් ඊට පසුව, මාර්තු 31 වැනි දින රාත්‍රියේ, කිසිදු පූර්ව සංවිධානය වීමකින් තොරව මහජනතාව, ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවෙස ආසන්නයේ සිට විරෝධතා දැක්වීම ආරම්භ කරන ලදී.

එය නොනැවතී අරගලයක් බවට පත්විය. ඒ කාලය තුළ කිසිම විටෙක කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු නොවීමට අරගලකරුවෝ වගබලා ගත්හ.

නමුත්, ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට එරෙහිව අවි එසවූයේ රාජපක්ෂ කල්ලියය. අගමැති මහින්ද රාජපක්ෂගේ සමුගැනීමේ සාදයට පැමිණ ඒ සාදයෙන් උන්මාදයට පත්ව ගෝඨා ගෝ ගමට සහ මයිනා ගෝ ගමට අත්තනෝමතික ලෙසත් සහාසික ලෙසත් පහරදෙමින් ප්‍රචණ්ඩත්වය බෝකළේ මහින්ද කල්ලිය. අදටත් ඒ දුර්දාන්ත සාහසිකයන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

ජෙයාර් බොල්සොනාරෝව ඔහුගේ බොහෝ ආධාරකරුවන් හඳුන්වන්නේ ‘දෙවියන්, පිතෘභූමිය, පවුල’ ලෙසය. ඔවුන්ගේ ඇගයුම් සහ සාරධර්ම ආරක්ෂා කිරීමට පැමිණි ගැලවුම්කරුවකු ලෙසටය. හරියටම මහින්ද රාජපක්ෂ වගේය.

හැබැයි ඔහු මුළු රටම විනාශ කළ දාමරික පන්නයේ ජනාධිපතිවරයෙකි. සිය ජනපතිවරණ පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ බොල්සොනාරෝ, දිවුරුම් දීමේ උත්සවයට සහභාගි නොවූ අතර ඒ වෙනුවට එක්සත් ජනපදයට ගියේය.

මේ වන විට ප්‍රජාතන්ත්‍ර විරෝධීව බ්‍රසීලයේ කොංග්‍රස් ගොඩනැගිල්ලට කඩාවැදීමෙන් පසුව එරට හිටපු ජනපති ජෙයර් බොල්සොනාරෝගේ ආධාරකරුවන්ට දඬුවම් කරන බවට ජනපති ලූලා ද සිල්වා සපථ කර තිබේ.

නමුත්, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයකට නායකත්වය දුන් වරදට වසන්ත මුදලිගේ තවමත් සිරගතවය.

බ්‍රසීලයේ එහෙමය. ලංකාවේ මෙහෙමය.

ටි්‍රක්සි ජයවර්ධන

SendShareShare
Previous Post

ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රීවරු රනිල්ගෙන් ඡන්දය ගැන අහයි! රනිල් දුන්නු උත්තරේ මෙන්න!

Next Post

පෝංගලේ පෝංගල්..! මාට්ටු පොංගල්…!

MORE NEWS

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

මේ වෙනකන් කතා කරපු කිසි කථිකයෙක් කතා කරාද ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ තාත්තා ජවිපෙ ජාතික ලැයිස්තුවේ කියලා.මරාගෙන මැරෙන බෝම්බකරුවා වෙනුවෙන්...

Read more
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.