අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රීවරු පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් තොරතුරු විමසීමට පියවර ගෙන ඇත.
මෙහිදී ඊට පිළිතුරු වශයෙන් ජනාධිපතිවරයා පවසා ඇත්තේ මේ වනවිට මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ගොනුව ඇති බැවින් ඒ පිළිබද අධිකරණය විසින් තීන්දු කරනු ඇති බවකි.
කැබිනට් රැස්වීමට පසුව මෙම කණ්ඩායම් රැස්වීම පවත්වා ඇති අතර ජනාධිපතිවරයා ඊට පැයක් පමණ ප්‍රමාද වීමෙන් අනතුරුව සහභාගී වී ඇති බවද දැනගන්නට තිබේ.