දිවයිනේ අංක 01 බැංකු සන්නාමය හිමිකරගත් ලංකා බැංකුව විදේශ ප්‍රේෂණ දිරිමත් කරමින් සහ ඔවුන් සඳහා නිසි ඇගයීමක් ලබාදෙමින් ‘පිටපිට රට තෑගි’ නමින් දිනුම් ක්‍රමයක් හඳුන්වාදී ඇත. ‘පිටපිට රට තෑගි’ දෙවැනි අදියරේ පළාත් මට්ටමේ දිනුම් ඇදීම පසුගියදා ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේදී ලංකා බැංකුවේ මහා කළමනාකාර/ ප්‍රධාන විධායක නිලධාරි සෙනරත් බණ්ඩාර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහා කළමනාකාර (ජාත්‍යන්තර, භාණ්ඩාගාර සහ ආයෝජන) සුගත් ගුණසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ ආයතනික හා විධායක කළමනාකාරිත්වයේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙහිදී පළාත් දහය සඳහා ස්කූටර්ස් දහයක් සහ රුපියල් 50000/ බැගින් වූ ත්‍යාග වවුචර 50ක් පිරිනමන ලැබීය.











