ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටින ප්‍රංශ නාවිකයන් 422කට නැරඹීම සදහා එළඹෙන අගහරුවාදා (08) දින යාල වනෝද්‍යානය විවෘත කිරීමට බලධාරීන් අවසර ලබා දී ඇති බව පැවසේ.
මෙම නාවිකයන් 422 හෙට (07) දිනයේදී නෞකා දෙකකින් ලංකාවට පැමිණෙන අතර ඔවුන් ලබන 11 දක්වා ලංකාවේ රැදී සිටීමට නියමිතය.
ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශය ඉකුත් 24 වැනි දින සෞඛ්‍ය ලේකම්වරයාට සහ සංචාරක අමාත්‍යංශ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇත්තේ සංචාරක බුබුළු ක්‍රමය යටතේ මෙම ප්‍රංශ නාවිකයන් ලංකාවට පැමිණෙන බවත්, ඔවුන් යාල, මින්නේරිය, කවුඩුල්ල, උඩවලව සහ හබරණ වනඋද්‍යාන නැරඹීම සදහා අවසර ඉල්ලා ඇති බවත්ය.
ඒ අනුව මෙම අවසර ලබා දීම සිදුව ඇති බව පැවසේ.
මෙම සංචාරය රාජ්‍යතාන්ත්‍රීක එකක් බවද දැනගන්නට ඇත.










