කොරෝනාව පාලනය කිරීම සදහා ලොව සියලුම රටවල් සංචාරකයන්ට රට වසා දමද්දී ලංකාව දැන්වීම් පළකොට සංචාරකයන් රටට ගෙනවිත් කොරෝනා රට පුරා පැතිරූ බවත්, දැනුත් ආණ්ඩුව සංචාරකයන්ට රට විවෘත කිරීම හරහා ඊළඟ පොකුරට මග පෑදීමට කටයුතු කරමින් සිටින බවත් සඳහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
සංචාරක බුබුළු ක්‍රමවේදය යටතේ විදෙස් සංචාරකයින් සඳහා යාල ඇතුළු සංචාරක ස්ථාන විවෘත කිරීමෙන් ආණ්ඩුව මෙරට ජනතාව පරීක්ෂණාගාර මීයන් බවට පත් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බව ඔහු පෙන්වා දෙයි.
එම නිවේදනය මෙසේය.











