• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම කවදාවත් වැරැද්දක් කරලා නෑ! හිරෙන් එළියට ආපු ශානි පළමුවරට මාධ්‍යයට රහස් හෙළිකරයි!

July 8, 2021
in Exclusive, Uncategorized
Reading Time: 7 mins read
A A
ශානිට කොවිඩ්
Share on WhatsAppShare on Facebook

කෙනකු පාවිච්චි කරන සෙරෙප්පුවක ප්‍රමාණය අනුව ඔහුගේ උස තීරණය කරන්න පුළුවන්. ගෙවී තියෙන හැටියෙන් බර ප්‍රමාණයත් ගමන් කරන විලාසයත් අනුමාන කරන්න පුළුවන්. සිරුරේ ස්නායු පද්ධතියේ කිසියම් ආබාධයක් ඇත්නම් එය පාවලට (කකුල්) බලපෑ හැකියි. එය නොණ්ඩියක් බකලයක් ඇති විය හැකියි. ඔහු පාවිච්ච් කරන පාවහන්වලින් ඒ බව කිව හැකියි.

පාවහන්වල තැවරිලා තියෙන්නේ වැලිද? පස්ද? මඩද? යන්න ගැන අධ්‍යයනය යොමු කළහොත් ඔහුගේ ගමන් මඟ ගැන කිව හැකියි.

ඉංගිරිසි සාහිත්‍යයේ දක්‍ෂතම රහස් පරීක්‍ෂකවරයා ලෙසට සැලකෙන ෂර්ලොක් හොල්ම්ස් රහස් පරීක්‍ෂකවරුන් සඳහා වූ පුහුණු වැඩමුළුවකදී එසේ ප්‍රකාශ කළේය.

ඒ වගේම දුම්වැටියක අළු ටිකක් තිබුණොත් ඒ උරන තැනැත්තාගේ සමාජ තරාතිරම නිර්ණය කළ හැකියි. බීඩියක අළු නම් ඒ තැනැත්තා එතරම් ආර්ථික වශයෙන් ශක්තියක් නැති සමාජයේ පහළ මට්ටමක කෙනෙක්. මිල අධික දුම්වැටියක් නම් ඔහුගේ සමාජ පදනම ගැන සිතාගත හැකියි.

බොහෝ දෙනා අවධානය යොමු නොකරන පුංචි දේවල් කෙරෙහි සැලකිල්ල යොමුකළ කල්හි මහා පරිමාණයේ සොරකම් මිනිස් ඝාතන ආදියට සම්බන්ධ අපාරධකරුවන් කොටුකරගැනීම එතරම් දුෂ්කර නොවන බව පැහැදිලි කරමින් එංගලන්තයේ මහා රහස් පරීක්‍ෂක ෂර්ලොක් හොල්ම්ස් එසේ සිය දේශනය කෙළේය.

ඔහු එංගලන්තයේය. ශ්‍රී ලංකාවේද ඔන්න ඔය කියන ජාතියේ හපන්කම් දැක්වූ කෙනකු සිටියි. ඒ, පොලිස් දෙපාර්තමේන්තුවේය. පොලිස් දෙපාර්තමේන්තුවේ පමණක් නොව ඔහු සාමාන්‍ය මහජනයා අතරද ප්‍රසිද්ධව සිටියේ “ෂර්ලොක් හොල්ම්ස්” නමින් වුවත් රාජකාරියේත් උප්පැන්නයේත් සඳහන්ව ඇත්තේ “ශානි අබේසේකර” ලෙසිනි.
ශානි අබේසේකරට ෂර්ලොක් හොල්ම්ස් යන නම පටබැඳීමට හේතු කීපයක් තිබිණි. පළමුවැන්න සියුම් ඉවක් තිබීමය. දෙවැන්න රාජ්‍ය සේවයේ වැඩි දෙනකුට නැති නොපිටට නොනැමෙන කොන්දක් තිබීමය.

පොලිස් දෙපාර්තමේන්තුවේ “තරු ඔටුනු” පැලඳීමට නම් “ඌරු කටකුයි – බූරු පිටකුයි” තිබිය යුතු යැයි මතයක්ද සමාජගතවී තිබිණි. ඌරු කට අහුවුණු දේ බුදීමටය. බූරු පිට කොච්චර ගැහුවත් ගානක් නැතිව සිටීමටය. එහෙත් ශානි අබේසේකරට ඔය දෙකම නොවීමද තවත් හේතුවක් විය.

පොලිසියේ ලොක්කෝ සිටිති. පොඩ්ඩෝද සිටිති. ලොක්කෝත් පොඩ්ඩෝත් යන දෙපාර්ශ්වයමද එකට සිටිති. ශානි අබේසේකර ලොක්කන් අතර ලොක්කෙක් වූවේය. පොඩ්ඩන් අතර පොඩ්ඩෙක් වූවේය. ඔහු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති වශයෙන් සිටියදී ඒ බව සනාථ කර පෙන්වනු දුටිම්හ. ඔහු ජරාව ගන්නකු වූවේ නම් ඒ ප්‍රදේශයේ කුඩු මුදලාලිලා කරනකොටගෙන ඔහුට තට්ටු පිට තට්ටු ගෙවල් ඉදිකර ගන්නකු වන්නට තිබිණි.

අර නොනැමෙන “වානේ” කොඳු නාරටිය පණපෙවී තිබුණේ ජරාවට දේශපාලනයට යට නොවී කෙළින් වැඩ කළ නිසාවෙනි.

වරෙක අනුරුද්ධ රත්වත්තේ ආරක්‍ෂක ඇමැති ධුරයේ රාජකාරි කරද්දී පැවැති පාර්ලිමේන්තු මැතිවරණ දිනයකදී උඩතලවින්න ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියකදී මුස්ලිම් තරුණයෝ සයදෙනකු මියගියහ. වර්තමානයේ රාජ්‍ය ඇමැතිවරයකු වන ලොහාන් රත්වත්තේද අදාළ සිද්ධියේ සැකකරුවකු වශයෙන් අත්අඩංගුවට පත් වූවේය.
සිද්ධියේ තවත් සැකකරුවකු වූ එවකට ආරක්‍ෂක ඇමැති අනුරුද්ධ රත්වත්තේ අත්අඩංගුවට ගැනීමට නෙනකු සිටියේ නැත.
ශානි අබේසේකර ඒ රාජකාරිය කෙළේය.

ජාත්‍යන්තර රගර් ක්‍රීඩක තාජුදීන්ගේ මරණය වාහන අනතුරකින් සිදුවූවක් බවට තීන්දු වී අවසන් වීමට තිබුණේය. එහෙත් එහි වැළගිය මුලගිය තැන් අනාවරණ කළේ ශානි අබේසේකරය.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් බලප්‍රදේශයේ දෙදහස් එකොළහ වසරේදී පොලිස් වෙඩිතැබීමකින් සාමාන්‍ය වැසියෙක් මියගියේය.“නම්දරා” සිටි හෙතෙම කළු අජිත් නම් වූවේය. එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු වූ පාලිත සිරිවර්ධන යන අයගේ නමද ඊට ඈඳී තිබිණි. ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ කොස්තාපල්වරුන් හත්දෙනකු අත්අඩංගුවට ගැනිණි. පරීක්‍ෂණය පැවැත්වූවේ ශානි අබේසේකරය.

ජනාධිපති සමාව ලබමින් පසුගියදා එළියට ආ දුමින්ද සිල්වාට ඇතුළට යන්නට හේතුභූත වූ භාරත ලක්‍ෂ්මන් ඝාතනයේ පරීක්‍ෂණය පැවැත්වූවේ ශානි අබේසේකරය.

ඔය අන්දමේ රාජකාරි කළ පොලිස් දෙපාර්තමේන්තුවේ ෂර්ලොක් හොල්ම්ස්, හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන වාස් ගුණවර්ධනද, ඔහුගේ පුත්‍රයාද, තවත් පොලිස් නිලධාරීන් සතරදෙනකුද කොන්ත්‍රාත්කාර ඝාතනයකට සම්බන්ධ කර බොරු නඩුවකට පැටලවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබිණි.

පුරා අවුරුදු 34ක කාලයක් තුළ ශානි අබේසේකර රාජකාරි වශයෙන් අතගසා ඇත්තේ ඉතා බරපතළ කාර්යභාරයන්ට බව මේ අනුව පැහැදිලිය. ඉන් බොහොමයක් මානව අයිතිවාසිකම් උල්ලංඝන සම්බන්ධව හා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම් සම්බන්ධයෙනි. ඒ සියලු සංසිද්ධීන්වලට ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ද, පොලිසියේ සහ හමුදාවේ උසස් නිලධාරීන්ද කවර ආකාරයකින් හෝ ඈඳී සිටින බව අනාවරණ වී ඇත.

අත්අඩංගුවට පත් ශානි අfබේසේකරගෙන් කටඋත්තර ගත් උසස් පොලිස් නිලධාරියකු ඔහුට (ශානි අබේසේකරට) මරණ තර්ජන කරනු ලැබ ඇති බවද කියැවේ. මරණ තර්ජනයට දඬුවම බරපතල වැඩ ඇතිව පස් අවුරුදු සිර දඬුවමකි.
චූදිත ශානි අබේසේකර දස මසකටත් වැඩි රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ කාලයකින් පසුව පසුගිය සතියේ ඇප මත මුදාහැරිණි.

ඇප මත මුදාහැරීමේ සිද්ධියට ශ්‍රී ලංකාවට එරෙහිව පසුගිය ජූනි දහවැනිදා යුරෝපා පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණු යෝජනාවද තදින්ම බලපෑ බැව් පසක් වේ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර රක්‍ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරී ඇති අතර චෝදනා ඇත්නම් ඒ යටතේ නඩු විභාග කරන ලෙසටද, නොඑසේ නම් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසටද ආණ්ඩුවට නිර්දේශ කර තිබේ.

අපේ භාණ්ඩ යුරෝපා වෙළෙඳපොළට තාවකාලිකව නොගැනීමට යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් හත්සිය පහෙන් හයසිය විසිඅටක්ම යෝජනාවට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

“මම මගේ රාජකාරි කාලය තුළ අවංකවම රාජකාරි කළා. මම කිසිම දවසක කිසිම වැරැද්දක් කරල නෑ. කවුරු හරි තමන්ගේ හෘද සාක්‍ෂියට එකඟව කටයුතු කරල තියෙනවා නම් කිසිම දේකට බයවෙන්න ඕනෑ නෑ. කවුරු හරි වැරැද්දක් කරල තියනවනං විතරයි බය වෙන්න ඕනැ. බුදු බණේ පෙන්වා දී ඇති අන්දමට වැරැද්දට දඬවම් ලැබෙන්නත් ඕනෑ.
මට බය වෙන්න ඕන නෑ. මම වැරැද්දක් කරල නැති නිසා. සත්‍ය මේව ජයතේ (සත්‍ය ජයගනී) එච්චරයි මට කියන්න තියෙන්නෙ. මම කිසිම කෙනකුට වෛර කරන්නෙත් නෑ. ද්වේශ කරන්නෙත් නෑ. මම හොඳ බෞද්ධයකු නිසා. ඒත් මට කනගාටුව මා මගේ දරුවන්ගෙනුත් පවුලේ සාමාජිකයන්ගෙනුත් වෙන්කර තැබීම ගැනයි.”ඔහු පැවැසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා රාජකාරි භාරගත් 2019 නොවැම්බර් මාසයෙන් පසුව ශානි අබේසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ පෞද්ගලික සහකාර තනතුරට යොදවනු ලැබිණි.

රන්ජන් රාමනායක සමග ශානි අබේසේකර 2020 ජනවාරි මාසයේ පැවැත්වූ බව කියන දුරකතන සංවාදයක් සමාජ මාධ්‍ය ඔස්සේ වෛරස් වසංගතයක් මෙන් පැතිර ගියේය. එම සංවාදයේදී පොලිස් දෙපාර්තමේන්තුව අවමානයට පත්වන අන්දමේ ප්‍රකාශයක් ශානි අබේසේකරගෙන් කෙරුණු බව කියන චෝදනාව යටතේ ඔහුගේ වැඩ තහනමට ලක් කෙරුණි.

රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටි සමයේ දෙවරක් හෘදයාබාධ ඇතුළුව තවත් රෝගාබාධ කීපයකින් පෙලුණද ඔහුගේ මුහුණින් ශාන්ත බවක් සහ තිරසාර බවක් දක්නට ලැබිණි.

ව්‍යාපාරික මොහමඩ් ෂියාම් ඝාතනය කරන ලදැයි කියන ගිනි අවිය එදින රාත්‍රියේ තමා උසස් නිලධාරියාගේ වාහනයට පැටවූ බවට උසස් පොලිස් නිලධාරියාගේ (වාස් ගුණවර්ධනගේ) නිවෙසේ රාජකාරි කළ නිලධාරියකු සාක්‍ෂි වශයෙන් ප්‍රකාශ කර ඇත.

ශානි අබේසේකරට අභියාචනාධිකරණය පසුගිය ජූනි 16 දින ඇප නියම කිරීමට පෙර ප්‍රකාශ කර ඇත්තේ නඩු නිමිත්ත ව්‍යාජ අන්දමින් නිර්මාණය කළ එකක් බවය.

“විශ්වසනීය සාක්‍ෂි අධිකරණයේ අවධානයට යොමුකර නැහැ” විනිසුරුවරුන් වන බන්දුල කරුණාරත්න සහ රත්නප්‍රිය ගුරුසිංහ දෙදෙනා ප්‍රකාශ කර ඇත්තාහ.

“අපේ අධිකරණය සහ නීතිය කොපමන ස්වාධීනද, අපේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කොපමණ ශක්තිමත්ද යන්න අපට පැහැදලිවම පෙන්වා දෙන්න පුළුවන්, අපේ අධිකරණය කටයුතු කළ ආකාරය මට මහත් අභිමානයක්” යැයි ඇප නියම කිරීම සම්බන්ධයෙන් අධිකරණ ඇමැති අලි සබි්‍ර කීවේය.

“ෂානි අබේසේකරට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා ව්‍යාජ ඒවා බවට ගරු අධිකරණය ප්‍රකාශ කර තිබෙනවා. මේ පිළිබඳ ඔබ කියන්නේ කුමක්දැ”යි ඇසූ විට අධිකරණ ඇමැතිවරයා ප්‍රකාශ කළේ, “ඒ කරුණු සැලකිල්ලට ගත යුත්තේ පොලිසියයි. මම පොලිසිය පවත්වන්නේ නෑ” යන්නය. “ඒ ප්‍රකාශ සම්බන්ධව සනාථ කළ හැකි කරුණු ඇත්නම් පරීක්‍ෂණ ආරම්භ කළ යුතුයි” ඇමැතිවරයා වැඩිදුරටත් කිවේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ “අභියාචනාධිකරණයේ නියෝගයට ගරු කරනවා. ඒ සඳහා නිර්දේශ හා මාර්ගෝපදේශ ඇත්නම් ඒ අනුව කටයුතු කරනවා” යන්නය.

නීති විරෝධී අන්දමින් තමන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශානි අබේසේකර උපරිමාධිකරණයේ නඩු දෙකක් ගොනුකර ඇත්තේය. කොරා්නා වසංගතය එහි කටයුතුවලට බාධාවක් වී ඇති සැටියකි.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ෆිච් රේටින්ග්ස් කියන විදිහට ලංකාවත් කොංගෝ වගේ බංකොලොත් වෙන්නද යන්නේ….!

Next Post

සජබ මන්ත්‍රී කණ්ඩායම හදිසි යෝජනා 2ක් සම්මත කරයි!

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.