• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෆිච් රේටින්ග්ස් කියන විදිහට ලංකාවත් කොංගෝ වගේ බංකොලොත් වෙන්නද යන්නේ….!

July 7, 2021
in Exclusive
Reading Time: 7 mins read
A A
ශ්‍රේණිගත කිරීමෙන් පහළ දැම්මාට ෆිච් රේටිං එක්ක ආණ්ඩුව හැප්පෙයි
Share on WhatsAppShare on Facebook

“පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා
ලුණුයි, පොලුයි සැරියුත් මුගලන් වේවා
මළකඩ වතුර නේරංජන ගඟ වේවා
පාලක ඇත්තො රටේ අජරාමර වේවා…”

මීට කලකට පෙර සරසවියක තිබූ අරගලයකදී මේ අපූරු කවය ලියා තැබුවේ සරසවි සිසුන් පිරිසක් විසින්ය. මේ අපූරු වගතුග මාගේ මතකයට ආවේ මෙකල ශ්‍රී ලංකාවේද මෙවැනි කවි ගොතන්නට සුදුසුම කාලය මෙය යැයි සිතුණු හෙයිනි. එසේ වන්නේ කෙසේද? අද හාල් කිලෝවක් අරගෙන උයාපිහාගන්නට බැරි ශෝචනීය තත්ත්වයකට පොදු ජනයා පත්ව සිටීම රහසක් නොවේ. ඒ නිසාම ඔවුන්ට පානුයි, පරිප්පුයි ගැළපෙනු ඇතිය. ලූනු ලාභයට තිබුණත් පොල් නම් අද ලාභයට නැත. කෙසේ හෝ අද එළවළුවක් රසවිඳින්නටද නොහැකිව මිනිස්සු දිවා රාත්‍රී සිහින මවමින් සිටිති. අනෙක් හැම ‘කෙහෙල්මලක්’වත් ලාභයට නැත. දුක්ඛිත පොදු මිනිසා මහා ශෝකයෙන් මේ ගැන කතා කරති. එහෙත් ඒ කතා අසන්නට එකදු පාලකයකුවත් දන්නා හතර මාඉමක නැත. ඔවුන් සිටින්නේ අඳ, ගොළු, බිහිරි තත්ත්වයකය.

සැබැවින්ම මේ ගතවන්නේ අපේ කාලයේ මිනිසුන්ගේ ඛේදාන්තයේ අගාධයයි. එය කිසිවකුටත් වසන් කිරීමට බැරි සුදු හුණු ගාන්නට බැරි කතාවකි. මෙකල කොරෝනා මාරයාද තමන්ගේ හපන්කම් හොඳින්ම පෙන්වමින් සිටින විටදී රටේ පාලක ඇත්තන්ද තමන්ගේ කෙරුම් ගජරාමයට පෙන්වමින් සිටිති.

එවැනි වටපිටාවක් සිරිලක තුළ ගලාගෙන යන විටදී එතෙරින් මෙතෙරට ලැබෙන උසස් තෑගි බෝගද බොහෝය. ඒවා එකක්වත් යහපතක සේයාවක් ඇති කළ ඒවා නොවේ. එතෙරින් අපට ලැබෙන්නේද අනෙක් විදියේ චෝදනාවන් සහ පරිභවයන්ය. ඒ කතා කලින් කලට අපි අසා තිබුණෙමු. එහෙත් පසුගියදා අපට අසන්නට ලැබුණේ තවත් අලුත්ම අවමානයක වගතුගකි. එනම් ශ්‍රී ලංකාව ලෝකයේ ණයභරිත රටවල් අතරින් අතිශයින්ම අගාධයකට වැටී ඇති බව එයින් හෙළිවිය. එය මෙයට කලකට පෙර සිට අසන්නට ලැබුණු කතාවක් වුවත් මෙවර මෙය කෙතරම් අර්බුදකාරී තත්ත්වයක්ද යත් අප රට එලෙස වැටී ඇත්තේ අප්‍රිකාවේ අතිශයින්ම දුගී රටවල් රැසක් අතරටය. මෙතෙක් ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාසයේ නොවුණු සිදුවීමක් ලෙස මෙය දැන් වාරතාවක්ද තබා ඇත. එනම් මෙයට දින කිහිපයකට පෙර සිටදී මෙම ශෝකීය පරිච්ඡේදයේ වගතුග අසන්නට සිදුවී ඇත.

ලෝකයේ ණය ශ්‍රේණිගත කිරීම්වලට අදාළව මෙය සිදුවී ඇත. එනම් ලෝකයේ එක් එක් රටවලට අදාළ ණය ප්‍රමාණයන් ශ්‍රේණිගත කිරීම් දැනට ප්‍රධානතම ජාත්‍යන්තර ආයතන 03ක් මගින් සිදුකරනු ලබයි. මෙම ක්‍රියාවලිය හඳුන්වන්නේ ‘ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම’ Sovereign Credit Ratings ලෙසය. මේ ක්‍රමවේදය දැනට ලොව සිදුකරනු ලබන්නේ අතිශය උසස් ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව වන අතර එම ශ්‍රේණිගත කිරීම් ලොව ඉහළින්ම පිළිගන්නා තක්සේරුවකි. ඒ අනුව පසුගියදා ශ්‍රී ලංකාවට ලබාදී ඇති ශ්‍රේණිගතකිරීම් සහ තක්සේරු ගැන සොයාබැලීමට ප්‍රථම එම වාර්තාවන් ලබාදී ඇති ලෝකයේ ප්‍රධානතම මූල්‍ය විශ්ලේෂණ සමාගම් 03 ගැන කරුණු සොයා බලමු. එය ‘මව්රට’ පාඨකයන් උදෙසා අප සිදුකරන මෙහෙවරකි.

Standard and Poor (S&P) Global Ratings (ස්ටෑන්ඩර්ඩ් ඇන් පුවර් ග්ලෝබල් රේටින්ග්ස්) මෙය දැනට ලෝකයේ තිබෙන පැරැණිතම ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂණ සමාගමයි. 1860 වසරේදී ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේදී පිහිටුවාගත් මෙම ආයතනයට දැනට වසර 161ක් සපිරී ඇති අතර මෙහි නිර්මාතෘවරයා වන්නේ හෙන්රි වර්නම පුවර් නමැත්තාය. දැනට සේවකයන් 10,000කට අධික පිරිසක් මෙම සමාගමෙ ගෝලීයව සේවය කරන අතර වාර්ෂික ආදායම ඩොලර් බිලියන 05ක් ඉක්මවයි.

Fitch Ratings Inc. (ෆිච් රේටින්ග්ස් ඉන්කෝපරේටඩ්) 1914 වසරේදී ඇමෙරිකාවේදී ආරම්භ කරන ලද මෙම මූල්‍ය විශ්ලේෂණ සමාගමට දැනට වසර 107ක් සපිරී ඇති. මෙම ආයතනයේ නිර්මාතෘවරයා වන්නේ ජෝන් නොවල්ස් ෆිච් නමැති මූල්‍ය කටයුතු විශේෂඥයෙකි. මෙහි දැනට ලෝකය වටා සේවකයන් 4,500කට අධික පිරිසක් සේවය කරන අතර එම සමාගමෙහි වාර්ෂික ආදායම ඩොලර් බිලියන 03 ඉක්මවයි.

Moody’s Investors Services (Moody’s) (මූඩීස් ඉන්වෙස්ටර්ස් සර්විස්) මෙම මූල්‍ය විශ්ලේෂණ සමාගමද ඇමෙරිකාවේ 1909 වසරේදී ඇරැඹී ඇති අතර දැනට වසර 112ක් පැරැණිය. මෙහි නිර්මාතෘවරයා ජෝන් මූඩ් නමැති ඇමෙරිකානු ජාතිකයකු වන අතර දැනට මෙම සමාගම යටතේ ලෝකයේ රටවල් රැසක සේවකයන් 5,000ක පමණ පිරිසක් සේවය කරති. එම සමාගමෙහි වාර්ෂික ආදායම ඩොලර් මිලියන 500කට අධික බව පැවැසෙයි.

ඔබට දැන් මේ කතාවේ යමක් පැහැදිලි වනවා ඇතැයි සිතමි. මෙම සමාගම් 03 වත්මන් ලෝකයේ ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂණ කටයුතුවල නිරතව සිටින ප්‍රධානතම පතාක යෝධයන් තිදෙනා ලෙස පිළිගැනෙයි. එම සමාගම් තුනෙහි ධාරිතාව සහ පිළිගැනීම අනුව එය පෙළගස්වා තැබුවෙමි. එසේ නම් දැන් මෙම යෝධයන් ශ්‍රී ලංකාව ගැන කියන කතාව කුමක්ද?
මෙම ජාත්‍යන්තර සමාගම් 03 ලෝකයේ විවිධ රටවල් 100කට අධික සංඛ්‍යාවකට විවිධ මූල්‍ය විශ්ලේෂණ ඉදිරිපත් කරන අතර ශ්‍රී ලංකාවද ඉන් ප්‍රධාන තැනක සිටියි. එම ක්‍රමවේදය පසුගිය දශක ගණනාවක සිට සිදුවන අතර මෙම නවතම වගතුග ශ්‍රී ලංකාව වෙනුවෙන් හෙළිවන්නේ මෙම 2021 වසරේ පසුගිය මාස කිහිපයේදීය. මෙහිදී අප අවබෝධ කරගත යුතු ප්‍රධානතම කරුණක් ඇත. එනම් මෙම සමාගම් 03 තමන්ගේ මූල්‍ය විශ්ලේෂණ වාර්තාවන් ඉදිරිපත් කරන්නේ ඉතා සංකීර්ණ ක්‍රමවේදයක් යටතේ වන අතර එහිදී එය මූලිකව හඳුනාගැනීම උදෙසා අකුරු සංකේතයක් භාවිත කරනු ලබයි. ඒවා A, AA, AAA, A+, AA+, AAA+, A-, AA-, AAA- ලෙස වර්ගීකරණය කෙරෙයි.මෙ ආකාරයට ඉහත අකුරු සංකේත හතරටම වර්ගීකරණය සිදුවන අතර එය ඉතා දිගු සංකීර්ණ විශ්ලේෂණයක් හරහා ලබාගන්නා ප්‍රතිඵලයකි. තවද මෙම ප්‍රමිතීන් ඒ ඒ රටවලට ලබාදීම සඳහා යම් කාල වකවානුවක එම විශ්ලේෂණයන් හා ගවේෂණයන් සිදුකෙරෙයි.

දැන් අප මේ කතාවේ යම් ස්ථානයකට පැමිණ ඇත්තෙමු.

ලෝකප්‍රකට මූල්‍ය විශ්ලේෂණ සද්දන්තයන් තිදෙනා අද අපගේ ශ්‍රී ලංකාව ගැන කියන්නේ කුමක්ද? එනම් අප රටේ ස්වෛරී ණය ශ්‍රේණිගතකිරීම Sovereign Credit Ratings යන විශ්ලේෂණය මගින් කියන්නේ කුමක්ද? මෙම ඛේදනීය තත්ත්වය එක එල්ලේම ඔබට ප්‍රකාශ කිරීමට ප්‍රථම මෙම තත්ත්වය සාධනීයව සොයා බලමු. මෙහිදී ලෝක වාර්තා දත්තවලට අනුව පසුගිය වසර 15ක කාලයකට මෙම ශ්‍රේණිගත කිරීම් දක්වා ඇතත් එම සියල්ල ලියන්නට ඉඩ නොමැති හෙයින් එම දත්ත යම් පමණක් ගෙන විමසා බලමු. ශ්‍රී ලංකාවට අදාළ වූ එම දත්ත කිහිපය මෙසේය.

Fitch – (BB-) – Dec 08 2005
S and P – (B) – Dec 15 2008
Fitch – (BB-) – Jul 18 2011
Moody’s – (B1) – Jul 02 2013
S and P – (B+) – Nov 20 2017
Fitch – (B-) – Apr 17 2020
Moody’s – (Caa 1) – Sep 28 2020
Fitch – (CCC) – Nov 27 2020
S and P – (CCC+) – Dec 11 2020

මෙය පසුගිය වසර 15ක දත්තවල සාරාංශයක් පමණි. මෙහි 2005 සිට 2020 දක්වා වන දත්තවල B ආශ්‍රිත ශ්‍රේණිගතකිරීම් දිගටම පැවැතුණද එය සැණෙන් 2020 සැප්තැම්බර් මාසයේ සිට දිගටම C ආශ්‍රිත ශ්‍රේණිගතකිරීම් කරා පහත වැටෙයි. එනම් එහි අනෙක් සුවිශේෂ වගතුග නම් මෙම 2021 ජුනි මාසය දක්වාම එක දිගටම එම ශ්‍රේණිගතකිරීම් C කාණ්ඩය තුළම පැවැතීමය. තවද එම කාණ්ඩයෙහි පහත්ම අඩිය දක්වාම පහත වැටෙමින්ද ඇත. එහිදී හෙළිවන අනෙක් ශෝචනීය කරුණ නම් දැන් අප ශ්‍රී ලංකාව වැටී ඇත්තේ ලෝකයේ අතිශයම දුප්පත් රටවල් වන අප්‍රිකාවේ රටවල් අතරටය. අඩු තරමේ ආසියාවේ එක් රටක්වත් අප අසල නැත. මේ අනුව දැනට අප්‍රිකාවේ ණය ගෙවාගැනීමට නොහැකිව මහා අගාධයකට වැටී සිටින අතිශය දුගී දුප්පත් රටවල් කිහිපයක් වන කොංගෝ, ඇන්ගෝලා, කොංගෝ ජනරජය, මාලි, මොසැම්බික් වැනි රටවල් අතරට අප ශ්‍රී ලංකාවද වැටී ඇත. තවත් අප්‍රිකානු රටවල් රැසක් වන ඉතියෝපියාව, ඝානාව, කෙන්යාව, නයිජීරියාව, සෙනෙගාලය, බොට්ස්වානා වැනි දුප්පත් රටවල් පවා සිටින්නේ ශ්‍රී ලංකාවට ඉහළිනි. මෙය කෙතරම් කනගාටුදායක තත්ත්වයක්ද?

2021 ජුනි මාසය වන විට ප්‍රකාශිත මූල්‍ය විශ්ලේෂණයට අනුව මෙම කරුණු හෙළිවී ඇති අතර දැනට ලෝකයේ සිටින සුවිශාලතම මූල්‍ය විශ්ලේෂකයන් තිදෙනාම එක හා සමාන ආකාරයෙන් ශ්‍රී ලංකාව ගැන මෙම ශ්‍රේණිගත කිරීම් ලබාදී ඇත. මින් පෙර දශක ගණනාවක සිටම ශ්‍රී ලංකාව මෙම ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම්වලදී ඉහළම ශ්‍රේණිය වන A තත්ත්වයෙහි නොසිටි අතර, එහෙත් දශක දෙකක පමණ කාලයක් පුරා B තත්ත්වයෙහි සිටීමට සමත්විය. එහෙත් දැන් මාස 10ක කාලයක සිට මෙම තත්ත්වය ඉතා උත්සන්න වෙමින් පවතින අතර එය හෙට අනිද්දාම අතිශය උග්‍ර අතට හැරී ශ්‍රී ලංකාව අවසාන ශ්‍රේණිගත කිරීම වන D තත්ත්වයටද පත්වනු ඇති බව මූල්‍ය විශ්ලේෂකයන් අනතුරු අඟවා ඇත.මෙහිදී හෙළිවන තවත් විශේෂ කරුණක් නම් C තත්ත්වයේ තිබුණු දුප්පත්, එහෙත් සංවර්ධනය වන රටවල් දෙකක් වන බංග්ලාදේශය සහ රුවන්ඩාව පවා මෙම කාලය තුළදී ඊ තත්ත්වයට පත්වීමය. කෙසේ හෝ මේ වන විට පෙනී යන්නේ හෙට අනිද්දාම D තත්ත්වයෙහි සිටින අතිශය දුගී රටවල් වන පුවට්රෝ රිකෝ, සුරිනාම්, බෙලීසය, ග්‍රෙනාඩා, ලෙබනන්, වෙනිසියුලාව වැනි රටවල් අතරට ශ්‍රී ලංකාවද එක්වන බවය.

පසුගිය වසර එකහමාරක කාලයක් පුරා ලොව රටවල් රාශියක්ම කොරෝනා මාරක වසංගතයෙන් පීඩා විඳි බැව් සැබෑය. එහෙයින් ජීවත විනාශ වීම මෙන්ම රට රටවල ආර්ථිකයන්ටද මරු පහර එල්ල විය. ඒ නිසා මුලින්ම ආර්ථිකයන් ප්‍රබල ලෙස කඩාවැටෙන්නට ගත්තේය. එහෙත් ඉන් පසුව කොරෝනා වසංගතය මැදදීම බොහෝ රටවල් තමන්ගේ රටවල ආර්ථිකය නැවත ගොඩගැනීමට බොහෝ බුද්ධමත්ව කටයුතු කළේය. එලෙස යුරෝපයේ සහ බටහිර රටවල් රැසක්ම සාර්ථකව කටයුතු කළ අතර ආසියාවේ රටවල් රැසක් පවා එලෙස බුද්ධිමත්ව කටයුතු කර තම රටවල කඩාවැටුණු ආර්ථිකයන් ගොඩගත්තේය. තවද එම රටවල් බොහොමයක් ප්‍රථමයෙන් තමන්ගේ රටවල තිබුණු කොරෝනා වසංගත තත්ත්වයන් මැඬගැනීමට උපක්‍රමශීලීව කටයුතු කළ අතර, ඉන් පසුව රටේ ආර්ථිකයද ගොඩනැගීමට කටයුතු කළේය. එලෙස කොරෝනා වසංගතය මෙන්ම ආර්ථිකයද ඉහළින්ම ජයගත් රටවල් රාශියක් ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ සිදුවුණේ මෙහි කණපිටය. අප රටෙහි කොරෝනා රෝගය දිනෙන් දිනම බියකරු ලෙස හිස ඔසවන අතර රටේ ආර්ථිකය බින්දුවටම බසියි.

මෙලෙස ශ්‍රී ලංකාවෙ ආර්ථිකය මේ වන විට ප්‍රබල ලෙස කඩාවැටීමට හේතුවී ඇත්තේ ප්‍රධාන වශයෙන් විදෙස් ණය මුදල් ලබාගැනීමට ඇති නොහැකියාව බැව් ආර්ථික විද්‍යාඥයන් ප්‍රකාශ කරයි. කෙසේ හෝ 2020 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.6%කින් පසුබෑමට ලක්වූයේ යැයි නිල දත්ත පෙන්වා දෙයි. 2020 වසරේ මුල් භාගයේදී පමණක් ශ්‍රී ලංකා මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 13,031 සිට රුපියල් බිලියන 14,024 දක්වා රුපියල් බිලියන 993කින් වැඩිවී ඇත. මෙහිදී රජය විසින් දේශීය වශයෙන් ගෙවීමට ඇති ණය රුපියල් බිලියන 6,629 සිට බිලියන 7,217 දක්වා රුපියල් බිලියන 588කින් ඉහළ ගොස් ඇති අතර, විදේශයන් වෙත ගෙවිය යුතු ණය රුපියල් බිලියන 6,402 සිට රුපියල් බිලියන 6,807 දක්වා රුපියල් බිලියන 404කින් ඉහළ ගොස් ඇත. එතැන් සිට මේ ගතවූ වසර තුළදී තවත් අතිවිශාල ණය ප්‍රමාණයක් ලබාගෙන ඇති අතර, මේ වන විට ශ්‍රී ලංකා මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් ටි්‍රලියන 17කට අධික යැයි පැවැසෙයි. එය ඇමෙරිකානු ඩොලර් බිලියන 35කි.

මේ වන විට ශ්‍රී ලංකා රජය මුහුණදී සිටන්නේ අතිශය භයානක මූල්‍ය අර්බුදයකටය. එනම් මේ වන විට ශ්‍රී ලංකාව තුළ රජයේ විදෙස් මුදල් සංචිතයන් ප්‍රබල ලෙස හීනවී යන තත්ත්වයකට පත්ව ඇත. එම විදෙස් මුදල් සංචිතයන් ඇමෙරිකානු ඩොලර්වලින් තිබිය යුතු අතර, පසුගිය කාලය පුරාම රජයේ දේශපාලකයන්ම ‘ඩොලර නෑ ඩොලර් නෑ…’ යනුවෙන් කෑගැසුවේ එහෙයිනි. පසුගියදා අතිශය භයානක ලෙස තෙල් මිල (ඉන්ධන මිල) ඉහළ දැම්මේද එබැවිනි. එසේම පසුගිය කාලයක් පුරා රජය විසින් අසීමිතව මුදල් නෝට්ටු මුද්‍රණයද සිදුකළේය. මෙසේ රටක අසමතුලිත ලෙස මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම හරහා එම රට තුළ ආර්ථික උද්ධමනය ඉහළ යන බව ආර්ථික විද්‍යාඥයන් අනතුරු අඟවා සිටියේය. එහෙත් ඒවා රජය මායිම් කරන්නේ නැතිව රුපියල් බිලියන ගණනක මුදල් මුද්‍රණය කළේය. එහෙත් රජය සෑම විටම කියා සිටියේ තමන් අහේතුක ආකාරයෙන් එසේ සිදු නොකරන බවයි. එහෙත් අවසානයේදී ආර්ථික විද්‍යාඥයන් පැවැසූ ආකාරයටම ඉතා කෙටි කාලයකින් රට තුළ ආර්ථික උද්ධමනය ඉහළ නැංගේය.

දැන් 2021 වසරේද හරි අඩක් අවසන් වී හමාරය. පසුගිය කාලයේ ශ්‍රී ලංකා මහ බැංකුව නම් පුරෝකථන කළේ 2021දී පවතින ආර්ථික පසුබෑමෙන් මිදී 6%ක ඉහළ ආර්ථික වර්ධනයක් ලබාගන්නා බවයි. එසේ සිදුවන්නේ කෙසේදැයි අප බුද්ධිමත්ව සිතාබැලිය යුතුය. කරවටක් රජය ණය අගාධයේ ගිලී සිටියි. කෝරෝනා වසංගතය මෙල්ල කරගැනීමට නොහැකිව රජය අන්ත ඛේදනීය තත්ත්වයකට පත්ව සිටියි. උද්ධමනය අහස උසට නැඟලාය. විදෙස් ආයෝජනයන් බිංදුවටම සිඳී ඇත. අපනයනය පමණක් යන්තමින් හිස ඔසවා ඇත. දේශපාලනික අර්බුදයන් දස අතේය. නායකයන්ට කිසිදු බුද්ධියක් පහළ වන හැඩක් වත් නැත. මෙසේ තිබියදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇත්තන් 2021 ආර්ථික වර්ධනය ඉහළ දමන්නේ කෙසේද?

දෙවියනේ මෙ සිදුවන්නේ කුමන විනාශයක්ද? මෙලෙස ඉදිරියේදී අප රට ගොඩගන්නේ කවුද? විදෙස් රටවල් රාශියක්ම අප ප්‍රතික්ෂේප කර හමාරය. චීනය පමණක් වාසිය බලමින් අපට යමක් දෙයි. අප මේ සැබැවින්ම පැමිණ සිටින්නේ සරසවි කවියේ කියූ ලෙස ‘පාන් සහ පරිප්පු’ කන යුගයකට නොවේද?

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ලලිත්-ගාමිණී-ආටිගලට අලුත් තනතුරු!

Next Post

මම කවදාවත් වැරැද්දක් කරලා නෑ! හිරෙන් එළියට ආපු ශානි පළමුවරට මාධ්‍යයට රහස් හෙළිකරයි!

MORE NEWS

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අද සවස සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැති සත්‍යග්‍රහයේදී පොලිසිය විසින් අට්ටාල ඉවත් කිරීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් මතුවිය.Sri Lanka Latest...

Read more
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.