• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔබාමා පළමුවරට පිටසක්වල රහස් ලොවට හෙළිකරයි! පියාඹන පීරිසිවල අද්භූත වීඩියෝවක් නිකුත් වෙයි!!

June 29, 2021
in Exclusive, Uncategorized
Reading Time: 5 mins read
A A
ඔබාමා පළමුවරට පිටසක්වල රහස්  ලොවට හෙළිකරයි! පියාඹන පීරිසිවල අද්භූත වීඩියෝවක් නිකුත් වෙයි!!

U.S. President Barack Obama looks through binoculars to see North Korea from Observation Post Ouellette in the Demilitarized Zone, the tense military border between the two Koreas, in Panmunjom, South Korea, Sunday, March 25, 2012. (AP Photo/Pablo Martinez Monsivais)

Share on WhatsAppShare on Facebook

‘මේක හරිම සුන්දර අත්දැකීමක්. මම මේ ගැන මීට පෙර කිසිවෙකුටත් කරුණු ප්‍රකාශ කරලා නැහැ. මේ සිදුවීම් මම විශාල රහසක් ලෙස තබා ගත්තා. මම පිටසක්වළ ජීවීන් සමග එකතු වෙලා දරුවන් 10 දෙනෙකු බිහි කරලා තිබෙනවා. පිරිමි දරුවන් 04 දෙනෙකු සහ ගැහැනු දරුවන් 06 දෙනෙකු එයට අයත් වෙනවා. ඒ කියන්නේ මේ දරුවන්ගේ පියවරුන් වන්නේ පිටසක්වළ ජීවීන්. මම තමයි ඒ අයගේ මව, මේ දරුවන් ‘දෙමුහුන් දරුවන් ලෙස නම් කරන්නට පුළුවන්. මේ දරුවන් දැන් ඒ අයගේ තාත්තලා සමග ඈත එපිට අභ්‍යාවකාශයේ තිබෙන විශාල අභ්‍යාවකාශ යානා තුළ ජීවත් වෙනවා. මාත් සමග මේ පෘථිවියේදී සමීප සම්බන්ධකම් ඇතිකර ගත් පිටසක්වළ ජීවීන් කිහිප දෙනෙකු සිටිනවා. සමහර අවස්ථාවලදී ඒ අය මා පැහැරගෙන අභ්‍යාවකාශයට රැගෙන ගියා. එහිදී මම ඔවුන් සමග ලිංගිකව හැසිරුණා. එසේම සමහර අවස්ථාවලදී අපි අතරේ කෘතීම සංසේචනයද සිදුවුණා. පිටසක්වල ජීවීන් සමග ගත කළ ලිංගික ජීවිතය ඉතාමත් සුන්දර, වින්දනයෙන් උච්ච එකක්. එවැනි ලිංගික සතුටක් මම මින් පෙර කවදාවත් ලබලා නැහැ.’

කුමක්ද මෙම අරුම, පුදුම කතාන්දරය? මෙලෙස ප්‍රකාශ කරන ගැහැනිය කවුද? ඇය ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ වාසය කරන බ්‍රිජට් නීල්සන් නමැති 27 හැවිරිදි සුරූපී අවිවාහක තරුණියකි. සමාජය උඩු යටිකුරු කරන මෙම කතාව ඇය විසින් මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ මෙයට හරියටම වසර 05කට පෙරදී 2016 වසරේදීය.

විවිධ ග්‍රහලෝකවල සිට පෘථිවියට පැමිණෙන පිටසක්වල ජීවීන්ගේ විවිධ කතාන්දර රැසක් අපට කලින්, කලට අසන්නට ලැබී ඇත. එහිදී පෘථිවියේ සිටින මානව ජීවීන් හදිස්සියේම පිටසක්වලට රැගෙන ගිය කතාන්දර අසන්නට ලැබිණි. එවැනි සංසිද්ධීන් සමග අප බැඳ තබන මෙම අරුම පුදුම කතාන්දරයද නිකම්ම ඉවත දැමිය හැකි එකක්ද නොවේ. වෘත්තියෙන් ව්‍යාපාරික විධායක නිලධාරිනියක් වන බි්‍රජට් නීල්සන්ගේ ප්‍රකාශයත් සමග සමහර මාධ්‍ය ඇය හඳුන්වන්නට ගත්තේ, ‘තාරකා මණ්ඩල තානාපතිනිය’ ලෙසිනි.

පොදු සමාජය කනපිට හරවන මෙම ප්‍රකාශය සිදුකළ බි්‍රජට් නීල්සන් තරුණිය වාසය කරන්නේ ඇයගේ පියා සමග ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ඉතාම හුදකලා ප්‍රදේශයකය. ලොව අතිශය ප්‍රකට ‘ග්‍රෑන්ඩ් කැන්යොන්’ නමැති ගිරිශිඛර, කඳුහෙල් ඇති, කිලෝමීටර් 446ක දිගින් සහ කිලෝමීටර් 29ක පළලකින් යුක්ත විශාල ප්‍රදේශය ඇත්තේ ඇරිසෝනා ප්‍රාන්තයේය. එමෙන්ම සුවිශාල කොලරාඩෝ ගංගාව, ෆයින් වතු, අභය භූමි සහ කාන්තාර රැසක්ද මෙම ප්‍රාන්තයේ පිහිටා ඇත. මෙම සුවිශාල ප්‍රාන්තයේ භූමි වපසරිය වර්ග කිලෝමීටර් ලක්‍ෂ 03කට ආසන්න වුවත්, එහි වෙසෙන්නේ ජනතාව ලක්‍ෂ 70ක් පමණි. මේ අනුව බොහෝ වැඩි භූමි භාගයක් හිස් ප්‍රදේශ වෙයි. මෙවැනි තත්ත්වයක් යටතේ පසුගිය දශක කිහිපයක් පුරා ඇරිසෝනා ප්‍රාන්තය හා බැඳුණු අපූරු වගතුගක්ද වෙයි. එනම් පිටසක්වල සිට පැමිණියා යැයි සැක කෙරෙන අත්භූත අභ්‍යාවකාශ යානා කිහිපයකම වගතුග මෙම ප්‍රාන්තය හරහා හෙළිවිය. එහි ඇති හුදෙකලා භූමි ප්‍රදේශය ආශ්‍රිත කරගෙන මෙම සිදුවීම් ඇති වූ බැව්ද කරුණු ප්‍රකාශ විය. කෙසේ හෝ එවැනි වටපිටාවක් යටතේ ඉහත බි්‍රජට් නීල්සන් තරුණියගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයද එක්තරා සුවිශේෂී සංසිද්ධියකි. මෙය විටෙක ඇමෙරිකාවේ ඉතාමත් ජනාකීර්ණ, හුදෙකලා බවක් නැති නගරයකින් මතු වූ කතාවක් වූයේ නම් එය අතාත්වික එකක් වනු ඇතිය. එහෙත් එය පිටසක්වල ජීවීන් ගැවසෙනවා යැයි පැවසෙන තෝතැන්නකින්ම සිදුවීම් අපූරු වගතුගක් නොවේද?

ඇරිසෝනාවේ තරුණියගේ කතාව මෙම ලිපියට පෙරගමන් තැබුවේ, අද වර්තමානයේ සිදුවී ඇති තවත් අපූරු පිටසක්වළ ජීවීන්ගේ කතාවක වගතුග ඇසෙන විටදීය. මෙය ඇසෙන්නේද ඇමෙරිකාවෙන්මය. මෙයට දින කිහිපයකට ඉහතදී මෙම වදන් අසන්නට වූයේ සුවිශේෂී මිනිසෙකුගෙනි. ඔහු නම් ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන බැරක් ඔබාමාගෙනි. ඔහු පසුගියදා පැවැති රාත්‍රී රූපවාහිනී සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියේ, පිටසක්වල ජීවීන්ගේ යානාවල දර්ශන ඇමෙරිකානු හමුදාව සතුව ඇති බැව්ය. එනම් මෑතකදී අහසේ දිස්වුණු එක්තරා අත්භූත වස්තුවක පැහැදිලි දසුන් ඇමෙරිකානු හමුදාව විසින් ලබාගෙන ඇති බවත්, එවැනිම දසුන් රැසක් මින් පෙරද හමුදාව විසින් ලබාගත් බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ඔහු මේ තොරතුරු ප්‍රකාශ කර සිටියේ, ජේම්ස් කෝඩන් නමැති වැඩසටහන් නිෂ්පාදකයාගේ රූපවාහිනී සාකච්ඡාවකදීය.
‘මෙවැනි දසුන් ඇත්තටම පුදුමාකාරයි. මෙම අත්භූත වස්තූන්ගේ හැසිරීම එක අතකට පැහැදිලි කළ නොහැකි, එමෙන්ම තේරුම් කළ නොහැකි ක්‍රියාවලියක්. එසේම මේ ගැන පහසුවෙන් අර්ථ දක්වන්න බැහැ. මේ නිසා පර්යේෂකයන්ට මෙන්ම, පොදු ජනතාවට පවා මේ දසුන් මොනවාදැයි නිරාකරණය කර ගැනීමට නොහැකි වී තිබෙනවා. එහෙත් ඒ අය මේ තත්ත්වය ගැන දැඩි අවධානයෙන් පසුවෙනවා. ඇත්තටම මට මේ ගැන තවත් දුරට කරුණු ප්‍රකාශ කරන්න ක්‍රමයක් නැහැ. මේ හඳුනා නොගත් අත්භූත පියාසර වස්තූන් මොනවා දැයි අපිට කියන්නට බැහැ.’ යැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා ප්‍රකාශ කර සිටියේය. ඔහු පසුගියදා මෙම ප්‍රකාශය සිදුකිරීමත් සමග නැවැත ඇමෙරිකාව තුළ ආන්දෝලනය උත්සන්න විය.
මෙම ප්‍රකාශයට දින කිහිපයකට ඉහතදී ඇමෙරිකාව මෙන්ම මුළු මහත් ලෝකයම තුළ ඇති වූයේ මහත් ආන්දෝලනයකි.

එනම් ඇමෙරිකාවේ අහස් කුස මත ගමන් කරන එක්තරා අත්භූත, හඳුනා නොගත් වස්තුවක දසුන් රූපවාහිනී නාලිකාවක් හරහා විකාශයට පත්විය. මෙම දසුන් රූපවාහිනියට හදිස්සියේම නිකුත් වී ඇත්තේ, ඇමෙරිකානු ආරක්‍ෂක අංශ මගින් යැයි ප්‍රකාශ වන්නට විය. එහෙත් එය නිල නිකුත් කිරීමක් නොව, රහසිගතව, අනපේක්‍ෂිත අයුරින් සිදුවූ ක්‍රියාවක් යැයිද කරුණු හෙළි විය. ඇමෙරිකාවේ සැන් දියාගෝ නගරය ආසන්න සාගරයේ අහස මතින් දිස්වූ මෙම අත්භූත වස්තුව ගෝලාකාර ස්වරූපයක් ගත් එකක් බැව් රූපවාහිනී දසුන්වලින් පෙනෙයි. මෙම පුදුමාකාර දසුන් රූපගත කර ඇත්තේ ඇමෙරිකානු නාවික හමුදාව විසින් බැව් හෙළිවිය. එනම් එය සිදුවී ඇත්තේ 2019 ජූලි 15 වැනිදා රාත්‍රි 11.15ට වන අතර, තත්පර 40ක පමණ කාලයකට අත්භූත යානාවේ දසුන් දර්ශනය වෙයි. රාත්‍රිය හෙයින් ‘අධෝරක්ත කිරණ ඡායාරූපකරණය’ හරහා මෙම දුර්ලභ දසුන් හසුකරගෙන ඇත. එම දර්ශන බොහෝ පැහැදිලි තත්ත්වයෙන් ඇත.

පසුගියදා හදිස්සියේම රූපවාහිනියට නිකුත් වූ මෙම දසුන් ගැන තව, තවත් රහස් හෙළිවන්නට විය. එනම් ඇමෙරිකානු නාවික හමුදාවේ සවන් සන්නිවේදන මධ්‍යස්ථානයේ මෙහෙයවීම යටතේ මෙම දසුන් රූපගත කර ඇත. ඇමෙරිකානු නාවික හමුදාව මෙම අත්භූත වස්තුවට කිසිදු ප්‍රහාරයක් එල්ල නොකර ඇති අතර, එය කුමක්දැයි දැඩි ලෙස නිරීක්‍ෂණයට ලක්කර ඇත. එහිදී නාවික නිලධාරීන් ඒ ගැන හුවමාරු කරගන්නා වදන්ද එම රූපවාහිනී දසුන්වල පැහැදිලිව අසන්නට හැකිය. කෙසේ හෝ රාත්‍රී 11ට පමණ ඇරැඹි එම පුදුමාකාර දසුන තත්පර 40ක් පමණ ගෙවුණු පසුව තව, තවත් පුදුමාකාර තත්ත්වයකට පත්වෙයි. එනම් අහසේ ඔබ, මොබ ගමන් කළ එම අත්භූත වස්තුව සැනෙන් සාගරය මතට වැටී එහි ගිලී නොපෙනී යයි. මෙම සිදුවීම ඇති වූ වහාම ඇමෙරිකානු නාවික හමුදාව සැනෙකින් තමන්ගේ යාත්‍රා එම ප්‍රදේශයට යවා නිරීක්‍ෂණයක් සිදුකරන ලදී. එහෙත් පුදුමයකි. කිසිදු වස්තුවක හෝ යානාවක හෝ සලකුණක් එහි නොවීය. එසේම යම් සුන්බුන් කොටසක් හෝ දක්නට නොහැකි විය. සාගරය බොහෝ සන්සුන්ය.

කෙසේ හෝ වසර 02කට පෙර සිදුවූ මෙම පුදුමාකාර සිදුවීමේ විස්තර සහ දසුන් අහම්බයකින් හෝ හෙළිවී ඇත්තේ පසුගියදාය. එනම් පසුගිය 2021 මැයි 15දා මෙම වගතුග ප්‍රකාශයට පත්විය. මෙවැනි හඳුනා නොගත් අභ්‍යාවකාශයේ ඇති ගමන් කරන වස්තූන්වලට ජාත්‍යන්තර වශයෙන් භාවිත කරන වදන වන්නේ, ‘Unidentified flying objects’- UFO’ යන්න වන අතර, එහි අරුත හඳුනා නොගත් පියාසර වස්තූන්’ වෙයි. තවද වර්තමානයේ ඇමෙරිකානු ගවේශන ආයතන විසින් භාවිත කරනු ලබන නවතම වචනයක් වන්නේ ‘ඹබසාැබඑසසෙැා ්ැරස්ක ඡයැබදපැබ් – ඹ්ඡ’ යන්න වන අතර, එහි අරුත ‘හඳුනා නොගත් ගුවන් සංසිද්ධීන්’ යන්නය. කෙසේ හෝ මෙවැනි සිදුවීම් ගැන ඇමෙරිකානු අභ්‍යාවකාශ පර්යේෂණ අංශ සහ ආරක්‍ෂක අංශ විසින් විවිධ ගවේශනයන් සිදු කරන්නේ අද ඊයේක නොවේ. ඔවුන් දැනට දශක 05ක සිට මෙම පර්යේෂණයන් සිදු කරන අතර, පසුගිය දශක 02ක සිට මෙම ගවේශනයන් ඉතාමත් උච්ච මට්ටමකින් සිදුකරනු ලබන ගවේශනවල තොරතුරු බොහෝ රහසිගතව තබාගනු ලබයි.

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා එකල බලයට පත්වූ අවස්ථාවේදී, මෙවැනි පර්යේෂණ සහ ආරක්‍ෂක අංශ මගින් විමසා ඇත්තේ, ‘පිටසක්වල ජීවීන් හෝ පිටසක්වල යානා හෝ අල්ලා රඳවාගෙන රහසිගතව තබාගෙන ඇති දැයි’ යනුවෙනි. ඔහු එසේ ප්‍රශ්න කිරීමට හේතු වී ඇත්තේ, එවැනි රහසිගත ක්‍රියාවලියක් ඇමෙරිකානු අංශ මගින් සිදුකර ඇතැයි නැඟුණු චෝදනාවන් යටතේය. එහෙත් එවැන්නක් සිදුවන්නේ නැතැයි අදාළ අංශ තමන් වෙත ප්‍රකාශ කළ බැව් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. එවැනි පර්යේෂණ සිදුකරනු ලබන රසායනාගාර කිහිපයක් පමණක් ඇති බවටත් කරුණු හෙළිවී ඇත. කෙසේ හෝ මේ වන විට මෙවැනි අත්භූත පාවෙන වස්තූන් සහ පිටසක්වලින් පැමිණෙන්නේ යැයි කියන අත්භූත ජීවීන් ගැන, ඉතාමත් පුළුල් ලෙස පර්යේෂණ සිදුකර ඇති ලෝකයේ ප්‍රමුඛතම රට වන්නේ ඇමෙරිකාවය. ඉන්පසුව රුසියාව සහ චීනය විසින් පිළිවෙළින් විවිධ ගවේෂණ සිදුකර ඇත. එසේම ඇමෙරිකාව මෙවැනි පර්යේෂණ සඳහා විශාල ධනස්කන්ධයක්ද වෙන්කර ඇත. එනම් පසුගිය කාලය පුරා ඩොලර් බිලියන සිය ගණනක මුදලක් ඒ සඳහා වැය කර ඇත. පසුගිය කොරෝනා සමයේදී පමණක් මෙම මුදල් ප්‍රමාණ කප්පාදු කෙරිණි.

මෙයට දින කිහිපයකට පෙර සිදුවූ තවත් අපූරු සිදුවීමක් වූයේ, ඇමෙරිකානු නාසා අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනයට හදිස්සියෙන්ම අසන්නට ලැබී ඇත්තේ අභ්‍යාවකාශයෙන් ඇති වූ අත්භූත ශබ්ද තරංග මාලාවකි. මින් පෙර කිසිදු විටක එවැනි ශබ්ද අසන්නට ලැබී නැති අතර, රාත්‍රී කාලයේදී මෙය සිදුවී ඇත. කළු පැහැති අහසේ දිස්වූ රක්ත වර්ණ ස්ථානයක් තුළින් මෙම ශබ්ද විකාශය වී ඇත්තේ පෘථිවිය දෙසටය. මෙය යම් ආකාරයක රේඩියෝ (ගුවන්විදුලි) ශබ්ද තරංග මාලාවකට සමාන යැයි පැවසෙයි. එහෙත් පෘථිවියෙහි ඇති රේඩියෝ තරංගවලට එය කිසිසේත්ම සමාන නොමැති අතර, එය පෘථිවියේ රේඩියෝ තරංගවලට පරිවර්තනය වීමක්ද සිදුනොවෙයි. මෙම සංසිද්ධිය ස්වාභාවිකව සිදුවන්නේද, එසේ නොමැති නම් යම් ග්‍රහලෝකයක ජීවීන් විසින් පෘථිවිය දෙසට නිකුත් කරන්නක් දැයි පර්යේෂණයක් පැවැත්වීමට ‘නාසා’ ආයතනය කටයුතු යොදා ඇත. මෙම ශබ්ද තරංග රක්තවර්ණ ස්ථානයේ සිට පෘථිවිය දෙසට ඇදී එන්නේ ඉතාමත් අධික වේගයෙන් බැව්ද පැවසෙයි. එනම් සාමාන්‍ය රේඩියෝ තරංගවලට වඩා අධික වේගයකිනි.

මේ අතර මෙයට මාස කිහිපයකට පෙර ආරංචි වූයේ තවත් අපූරු පුවතකි. එනම් සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් ඇසෙන අත්භූත ශබ්දයක හඬද ‘නාසා’ පර්යේෂකයන් විසින් නිරීක්‍ෂණය කළේය. එනම් බොහෝ ඈත ග්‍රහලෝක පිහිටා ඇති ප්‍රදේශයක සිට මෙම ශබ්දය දිගින්, දිගටම අසන්නට සිදුවී ඇත. නාසා ආයතනය විසින් අභ්‍යාවකාශගත කර ඇති අභ්‍යාවකාශ පර්යේෂණ යානා හරහා මෙම තොරතුරු ලබා ගනිමින් සිටියි. එසේම ඇමෙරිකාවේ ස්ථාපිත කර ඇති අධි බලැති ‘හබ්ල්’ දුරේක්‍ෂය ආධාරයෙන්ද දර්ශන ගැනීම සිදුකරනු ලබයි. කෙසේ හෝ පසුගිය කාලයේ මෙලෙස අභ්‍යාවකාශයේ සිට අත්භූත ශබ්ද පැමිණි ස්ථාන 05ක් නිරීක්‍ෂණය කර ඇත. මෙතෙක් කාලයක් පුරා නොඇසුණු මෙවැනි ශබ්ද දැන් මෑත කාලයක සිට ඇසෙන්නේ කෙසේ දැයි විiාඥයන්ට මහත් කුතුහලයක් වී ඇත. එම විද්වතුන් සමහරක් ප්‍රකාශ කර සිටින්නේ, මෙම ශබ්ද බොහෝ විට සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ඇති ග්‍රහලෝක මගින් පැමිණෙන ඒවා බැව්ය. ඒවා සමහර විට ස්වාභාවිකව නිපදවිය හැකි අතරම, යම් නොදන්නා ජීවීන් පිරිසකගේ ක්‍රියාවලියක් වීමට ඉඩ ඇතැයිද ඔවුන් ප්‍රකාශ කරති. එහෙත් ඔවුන්ට නිශ්චිත නිගමනයක් මෙතෙක් නොමැත.

ඇත්තටම පිටසක්වල ග්‍රහලෝකවල ජීවීන් සිටිනවාද? අප පෘථිවිය මගින් මේ පිළිබඳව ස්ථිර ලෙසම පර්යේෂණ සිදුකර නිගමනයකට පැමිණ ඇත්තේ, ග්‍රහලෝක දෙකක් ගැන පමණි. එය නම් සඳ (චන්ද්‍රයා) සහ අඟහරු ග්‍රහයා ගැන පමණි. මෙම ග්‍රහයන් පෘථිවියට ඉතා ආසන්නව පිහිටා ඇති අතර, මේවායෙහි කිසිදු ආකාරයක ජීවයක් දක්නට නැත. පසුගියදා අඟහරු ග්‍රහයා මතටද විශේෂ යානා යවමින් පුළුල් පර්යේෂණ සිදුකළද, එහි කිසිදු ජීවයක් දක්නට නොහැකි වී ඇත. මෙයට පෙර අඟහරු ග්‍රහයා මත තිබුණු ජලය පවා මෙවර සිඳීගොස් ඇති ආකාරය දක්නට හැකි විය. ඒ අනුව චන්ද්‍රයා සහ අඟහරු මත ඇත්තේ පස් කඳු සහ ‘ආවාට’ වැනි ලක්‍ෂණයන් පමණි. එහෙත් අප මේ දකින්නේ ග්‍රහලෝක කතාවේ අල්ප මාත්‍රයක් පමණි. මේ විශ්වයේ තවත් ග්‍රහලෝක මිලියන හෝ බිලියන ගණනාවක් ඇත. මේවා තරණය කිරීම අතිශය අපහසු කාර්යයකි. කෙසේ හෝ මෙම ග්‍රහලෝකවලින් යම් ප්‍රමාණයක අනිවාර්යයෙන්ම ජීවීන් වාසය කරනු ඇතිය. ඔවුන් සමහර විට අපට වඩා බුද්ධියෙන් සහ තාක්‍ෂණයෙන් උසස් වන්නටද ඉඩ ඇතිය.

කෙසේ හෝ මෑත කාලයක සිට හඳුනා නොගත් අභ්‍යාවකාශ යානා සහ පිටසක්වල ජීවීන්ගේ තතු ගැන කතාන්දර රැසක් අසන්නට ලැබෙයි. පසුගිය කාලයක් පුරා ශ්‍රී ලංකාවෙන්ද මෙවැනි වගතුග අසන්නට සිදුවිය. කෙසේ හෝ මෙම කතා බොහෝමයක්ම අසන්නටද ලැබෙන්නේ ඇමෙරිකාවෙනි. එසේ වීමට හේතුව ලෙස සිතිය හැක්කේ ඇමෙරිකාව අභ්‍යාවකාශ තාක්‍ෂණය ගැන ඉතා උසස් ස්ථානයක සිටීමත්, ඒ හෙයින් යම් පිටසක්වල ජීවීන් සිටින්නේ නම් ඔවුන්ද එවැනි වටාපිටාවක් ගැන උනන්දුවක් දැක්වීම යැයි සිතිය හැක. තවද ඇමෙරිකාව තුළ හිස් අවකාශ අති විශාල ප්‍රදේශ පිහිටා තිබීමද තවත් එක් හේතුවක් වෙයි. ආලෝක ශතවර්ෂ මිලියන ගණනාවකට පෙර ග්‍රහලෝක අතර භයානක යුද්ධයක් පැවැතුනේ යැයිද කියමනක් ඇත. එහෙත් එවැනි ‘තාරකා යුද්ධ’ ගැන අද අපට අසන්නට සහ දකින්නට ලැබී ඇත්තේ විවිධ චිත්‍රපට මගින් පමණි. එම සිනමා නිර්මාණ මගින් මෙම දසුන් ඉතාමත් ත්‍රාසජනකව සහ තාත්විකව පෙන්නුම් කරනු ලබයි. කෙසේ හෝ වර්තමානයේ පෘථිවියේ සිටින අපටද නොයෙකුත් අත්භූත ග්‍රහලෝක කතාන්දර අසන්නට ලැබෙන්නේ තාරකා යුද්ධයක පෙර නිමිති පෙන්වීමක්ද?

එහෙත් තාරකාවන් පිරිවරා ගත් මන්දාකිණිය රාත්‍රියේදී කෙතරම් චමත්කාරජනකද?

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ගෙවුණු දින 592කට රුපියල් ට්‍රිලියනයක සල්ලි අච්චු ගහලා! මේ යන්නේ සිම්බාබ්වේ පාරේ!

Next Post

2019දි මිලියන 796ක ගස්ලබුත් රටින් ගෙන්නලා!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.