මෙරටට ගස්ලබු ආනයනය කිරීම සඳහා 2019 වර්ෂයේදී රුපියල් මිලියන 796,249ක් වැය කර ඇති බව ජුනි 22 වනදා හැන්සාඩ් වාර්තාවේ සඳහන් වේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා අසා තිබුණු ප්‍රශ්නයකට කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ලබාදෙන ලද පිළිතුරක මේ බව සඳහන් වේ.











