ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වී අදට දින 592ක් ගතවී ඇති බවත්, මේ වනවිට මුද්‍රණය කර ඇති මුදල් ප්‍රමාණය ට්‍රිලියනය ඉක්මවා ගොස් ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.
සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් ඒ මහතා මේ බව පෙන්වා දී ඇත.
එම සටහන මෙසේය.
සිම්බාබ්වේ මගේ තවත් ජයග්‍රහණයක්!
ජුනි 28 වන විට අච්චු ගහන ලද මුලු මුදල් ප්‍රමාණය රු. ට්‍රිලියනය ඉක්මවයි. මේ වන විට අච්චු ගසා ඇති මුලු මුදල් ප්‍රමාණය රුපියල් 1,128,000,000,000කි.
ගෝඨාභය රාජපක්ෂ මෙරට ජනාධිපති වී අදට දින 592 කි.











