අද රටේ ජනතාවට සිදුව ඇත්තේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පෙන්වා දුන්නේය.
වැඩ කරන විරුවෙක් පැමිණි බව කීවද දැන් සිටින්නේ වැඩි කරන විරුවෙක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
වත්මන් ආණ්ඩුවට ජන්දය දුන් 69 ලක්ෂයටම හරියන ලෙස රුපියල් 69කින් සමස්ත තෙල් මිල ඉහළ දමා ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.