දළදා මාලිගා පරිශ්‍රයේ සම්භාහන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක් ගනු ලබන උත්සාහය සම්බන්ධයෙන් විරෝධතාවය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදී සියලු පාර්ශවයන් පලකල බවත්, ඒ අනුව එවන් කිසිදු ව්‍යාපාරයකට අනුමැතියක් ලබා නොදිමට සියලු ආයතනවලට නියම කරනු ලැබූ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා මහා නාහිමිවරුන්ට දැනුම් දුන්නේය. (Sri Lanka Latest News)
මහනුවර දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර් ධන කටයුතු සම්බන්ධයෙන් මහා නායක හිමිවරුන් දැනුවත් කිරීම සදහා අද 18 පෙරවරුවේ මහා විහාර වෙත ගොස් මහානායක හිමිවරු දෙනම හමුවූ අවස්ථාවේදී ඒ මහතා මේ බව දැන්වීය.
2024 වසරේ මුල් මාස හත ඇතුලත මහනුවර දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් සදහාම ප්‍රධාන නිර්නායක හතරක් යටතේ ප්‍රමුඛතා ගත කොට ගමෙන්ම හදුනාගනු ලබන සංවර් ධන යෝජනා ක්‍රියාත්මක කිරීමට වසර ගණනාවකට පසුව රුපියල් මිලියන 650යකට වැඩි මුදලක් ලබා දීමට රජය කටයුතු කර ඇති බව ද ඔහු මල්වතු සහ අස්ගිරි මහා නායක ස්වාමින් වහන්සේලා හමුවේ පැවැසීය.
ජනාධිපතිවරයා වර්ෂික අයවැය ප්‍රකාශයෙන් දන්වා සිටි පරිදි ගම් මට්ටමින් ජනතාව, විවිධ ග්‍රාමීය සංවිධාන සහ ජනතා නියෝජිතයන් රෑස් කොට කඩිනමින් සපුරාගත යුතු අත්‍යාවශ්‍ය ව්‍යාපෘති හදුනාගෙන ඒවා කඩිනමින් ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවට ඉදිරිපත් කොට එහි අනුමැතියෙන් දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවට යොමුකල යුතු බවත්, අනතුරුව මුදල් අමාත්‍යාංශය මගින් පෙබරවාරි මාසය තුල මුදල් ලබා දීමටත්, ඒවා කඩිනමින් ආරම්භ කොට ජුලි 31 දින වන විට නිමා කල යුතු බවටත් උපදෙස් ලැබී ඇති බව පෙන්වා දෙනු ලැබිය.
මේ ක්‍රමවේදයෙන් මෙතෙක් කිසිදු ආකාරයක ප්‍රතිපාදන නොලැබු දුෂ්කර ප්‍රදේශ සදහා ද විශේෂ අවධානය යොමු කොට ඇති බවත් , ඒ හේතුවෙන් ප්‍රතිලාභ කිසිදු අසාධාරණයකින් තොරව ගමින් ගමට ලැබෙන බව ද එහිදී ආණ්ඩුකාර වරයා පැවැසීය.
අනතුරුව ගැටබේ රාජෝපවනාරාමයේ දී අනුනායක හිමියන් බැහැ දැක උන්වහන්සේ වෙත ද මෙම කරුණු සැල කර සිටීමට පියවර ගත් ආණ්ඩුකාරවරයා, උන් වහන්සේලාගෙන් රටේ පවතින විවිධ තත්වයන් සහ අවස්ථා සම්බන්ධයෙන් ලබා දෙන අවවාද සහ උපදෙස් සම්බන්ධයෙන් ජනපතිතුමා ඇතුළු රජයේත් , පළාත් සභාවේත් ප්‍රණාමය පල කළේය.
මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ සහ ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මින් ද එක්විය.
kandyprimenews