• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2024 ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග පහක් I Sri Lanka Latest News

January 18, 2024
in Exclusive, News
Reading Time: 15 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව 2024 වසරට පාතබන්නේ අභියෝග ගොන්නක් සමගය. බොහෝ දෙනා වසරක් අවසන්ව අලුත් වසරකට පාතබන්නේ නැවුම් බලාපොරොත්තු සහ ඉලක්ක සමුදායක් සමගය. නිවසක් තැනීම, වාහනයක් මිලට ගැනීම කෙනකුගේ ඉලක්කය විය හැකිය. එහෙත් එම ඉලක්කවලට ළඟා වීමටත් වඩා 2024 තුළදී ලැබෙන ආදයමෙන් මූලික වියදම් කළමනාකරණය කර ගැනීමද වැඩි දෙනකුට පහසු කටයුත්තක් නොවනු ඇත. ඒ, 2024 වර්ෂය, ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින ජනතාවට තවත් පටි තදකර ගැනීමට සිදුවන වසරක් වනු ඇති නිසාය.(Sri Lanka Latest News)

2022 වසරේදී විදෙස් ණය ගෙවාගත නොහැකිව බංකොළොත් තත්ත්වයට පත්වූ ශ්‍රී ලංකාව 2023 වසරේ මාර්තු මාසයේදී යම් සහනයක් ලැබුවේ IMF ණය වැඩසටහන අනුමත වීමත් සමගය. සිවු වසරක එම ණය වැඩසටහන යටතේ දෙවැනි ණය වාරිකය ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

ශ්‍රී ලංකා ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කරගැනීමට නම් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි සපුරාලමින් එම වැඩසටහනට අනුකූලව කටයුතු කළ යුතුය. එම මාවත දුෂ්කරය. සාමාන්‍ය ජනතාවට පීඩාකාරීය. එහෙත් බංකොලොත් වූ රටකට වෙනත් රටවලින් හෝ සංවිධානවලින් ණය ආධාර නොලැබීමත්, විදෙස් ආයෝජන නොලැබී යාමත් හේතුවෙන් ශ්‍රී ලංකාවට 2024 තුළදී එම දුෂ්කර මාවතේම ගමන් ගැනීමට සිදුවනු ඇතැයි දේශපාලනඥයන් මෙන්ම ආර්ථික විශේෂඥයන් ද පෙන්වා දෙයි.

‘මෙතැනින් එහාට තියෙන්නේ වංකගිරියක්’

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් දෙසැම්බර් මස පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, ශ්‍රී ලංකාව ‘වැල් පාලමෙන් එගොඩ වුණත් මෙතැනින් එහාට තියෙන්නේ වංකගිරියක්’ යනුවෙනි.

‘හරි පාරේ ගියේ නැත්නම් අපි අතරමං වෙනවා. වල්මත් වෙනවා.’ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ඔහු කියා සිටියේ ‘අපිට IMF කොන්දේසිවලින් ඉවත් වන්න පුළුවන් වන්නේ, මේ කොන්දේසි යටතේ මේ මාර්ගයේ ඉදිරියට ගොස් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගත්තොත් විතරයි.’ යනුවෙනි.

මේ අතර, 2023 වසරේදී රට මුහුණ දුන් ප්‍රධාන අභියෝගයක් වන්නේ වෘත්තිකයන් ඇතුළු බොහෝ දෙනෙකු රට හැර යාමය. අධික බදු බරද ඔවුන් පවසන ඊට එක් හේතුවකි. වෛද්‍යවරුන් 1500-2000කට ආසන්න පිරිසක් ඉකුත් වසරක පමණ කාලය තුළ විදේශගතව ඇති අතර 500ක් පමණ බි්‍රතාන්‍යයේ සෞඛ්‍ය සේවයට ගොස් තිබේ. මීට අමතරව හෙද හෙදියන්, ගණකාධිකාරීවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු මෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයන් විශාල පිරිසක් ද විදෙස් රැකියා වෙත පිටත්ව ගොස් තිබේ.

යුද ගැටුම් පවතින ඊශ්‍රායලයට යෑමට පවා කැමැත්තෙන් සිටින මෙරට තරුණ තරුණියන් විශාල පිරිසකගේ දිගු ලැයිස්තුවක් ඇත. දිවි පරදුවට තබා රටින් පිටවගොස් හෝ තම සිහින ළඟාකර ගැනීමට ඔවුන් තුළ ඇති කැමැත්ත ජනතාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ තරම කියාපානු ලබයි. ඒ අනුව ඉකුත් වසර සමග සැසඳීමේදී 2024 වර්ෂය තුළදී ද රට හැර යන සහ විදෙස් රැකියා සඳහා යන පිරිසේ කිසිදු අඩුවක් සිදුනොවනු ඇත.

එම තත්ත්වය තුළ 2024 වසරේදී රාජ්‍ය හා පෞද්ගලික ආයතන පවත්වා ගෙන යාමට සිදුවන්නේ වේගවත් බුද්ධිගලනයක් සිදුවෙමින් පවතින වාතාවරණය මැදය.

ඒ අනුව ජනාධිපතිවරයා පවසන පරිදි වැල් පාලමෙන් ලංකාව එගොඩ වුණත් ඉන් ඉදිරියට වංකගිරි තරණයේදී ශ්‍රී ලංකාවට මුහුණ පෑමට සිදුවන අභියෝග මොනවාද?

  1. ජීවන වියදම

අද (2024 ජනවාරි 01 වැනිදා) සිට ජීවන වියදම ඉහළ යනු ඇතැයි කීම අතිශයෝක්තියක් නොවනු ඇත. ඒ 15%ක් වන වැට් බද්ද අද සිට 18%ක් වීමත් සමගය. මෙතෙක් වැට් බද්දට යටත් නොවූ භාණ්ඩ හා සේවා 250ක් පමණ අලුතින් වැට් බද්දට යටත් වෙයි. ඊට අමතරව වැට් බදු අයකරන සැපයුම් සීමාව අවුරුද්දකට රුපියල් මිලියන 80 සිට 60 දක්වා පහත හෙළයි. ඒ අනුව මෙතෙක් වැට් බදු නොගෙවූ පිරිසක්ද වැට් බදු ගෙවීමට අලුතින් එකතු වෙයි.

ඒ අනුව වැට් බදු ඉහළ දැමීම නිසා ජනතාවගේ ජීවන වියදම ඉහළ අගයකින් වැඩිවනු ඇත.

ඩීසල්, පෙට්‍රල් සහ ගෑස්වලටද වැට් බද්ද අදාළ වන අතර එය සෑම භාණ්ඩයකම පාහේ මිල ඉහළ යෑමට හේතුවනු ඇත.

ඒ අනුව බස් ගාස්තු ඇතුළු ප්‍රවාහන වියදම් ද ඉහළ යෑමට නියමිතය.

01 වැනිදා සිට ආපන ශාලාවල ප්ලේන්ටියක මිල රුපියල් 5කින් සහ බත් පාර්සලයක මිලද රුපියල් 25කින් ඉහළ දමා තිබේ. මේ මස තුළදී ජල බිලද ඉහළ දැමීමට නියමිතය.

2024 වර්ෂය සඳහා වැට් බද්ද මගින් රජය රුපියල් බිලියන 1400ක පමණ ආදායමක් අපේක්ෂා කරයි.

රජය නිවේදනය කරනු ලැබූ VAT බද්ද ඉහළ නැංවීමට අනුකූලව දුරකතන ඇමතුම් සහ ඩේටා ඇතුළු විදුලි සංදේශ සේවාවන්ට අදාළ බදු අද 2024 ජනවාරි 01 වැනිදා සිට ඉහළ දමා ඇත.

දේශීය ඇමතුම්/ SMS අමතර සේවා සහ PayTV සේවා සඳහා වන මුළු බදු අගය 42.02%කි.

ඩේටා, Wi-Fi සේවා සහ IDD ඇමතුම් සඳහා අය කෙරෙන මුළු බදු අගය 23.50%කි.

පෙරගෙවුම් ඩේටා කාඩ්පත් කිහිපයක Data Quota අඩුකර ඇති අතර, ඒවායේ බදු ඇතුළත් මිල නොවෙනස්ව පවතී.

ජංගම දුරකතන ආනයනයකරුවන් පවසන්නේ අද සිට ජංගම දුරකතනයක මිලද 35%කින් පමණ ඉහළ යනු ඇති බවය.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය පවසන්නේ බදු සංශෝධනය නිසා යම් අමතර වියදමක් එකතු වන නමුත් එය ඇතමුන් උලුප්පා දක්වන තරමේ ඉහළ යාමක් නොවන බවය. 2024 වර්ෂයේදී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව වැට් බදු ආදායම 4%ක් පමණ වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

මේ අතර කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ද, 2023 නොවැම්බර් මාසයේ වාර්තා වූ සියයට 3.4හි සිට 2023 දෙසැම්බර් මාසයේ දී සියයට 4.0 දක්වා ඉහළ ගොස් තිබේ.

  1. පෝෂණය

ආර්ථික අර්බුදය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ අත්‍යවශ්‍ය ආහර පානවල මිල වැඩිවීම මතය.

මුදල් අමාත්‍යාංශය පවසන්නේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව පසුගිය නොවැම්බර් මාසයේ පවුලක සාමාන්‍ය මාසික වියදම රුපියල් 177,687.44 ලෙස සටහන් වන බවය. එවැනි වියදමක් දැරීමට තරම් වැටුපක් හෝ වෙනත් අදායමක් මධ්‍යම පාන්තික පවුල්වලට තිබේද? එදිනෙදා කුලියකින් දිවි සරිකර ගන්නා ජනතාවට මෙන්ම මාසික වැටුප් ලබන අතිබහුතරයකට මෙතරම් මාසික අදායමක් තිබේද?

මෙම තත්ත්වය හමුවේ මේ ජනතාව 2024 වසරේදී තවදුරටත් දුෂ්කර තත්ත්වයකට පත්වනු ඇත. ඔවුන්ගේ ණය බර තවත් ඉහළ යනු ඇත. භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ ගියද වැටුප් අතුළු ඔවුන්ගේ අදායම් ඉහළ යෑමක් පසුගිය කාලසීමාව තුළ සිදුනොවුණි. නිවෙස් කුලී වියදම්, ජල, විදුලි, ඉන්ධන හා විදුලි සංදේශ ගාස්තු ඉහළ යෑම හමුවේ එම ජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටිති. මාළු, මස් ආහාරයට ගැනීම කෙසේවෙතත්, තුන්වේල ආහාර ගැනීමද ඇතැම් පවුල්වලට අභියෝගයක් වනු නොඅනුමානය.

2024 වසර තුළ ජීවන වියදම තවත් ඉහළ යෑම හමුවේ සමබල ආහාර වේලක් ගැනීම ජනතාවට තවදුරටත් අභියෝගයක් වනු ඇත. වැඩිදෙනෙකුට අඩුම වියදමකින් ප්‍රෝටීන අවශ්‍යතා සපුරනු ලබන්නේ බිත්තරය. 2022 වසර මුළ රුපියල් 20-25ත් අතර මිලක පැවති දේශීය බිත්තරයක වර්තමාන මිල රුපියල් 50 ත් 55ත් අතර අගයක් ගනී. ජීවන වියදම ඉහළ යෑම හමුවේ සිදුවනුයේ ජනතාව සමබල ආහාර වේලක් ගැනීම වෙනුවට සාගින්න නිවාගත හැකි ආහාරයක් වෙත යොමුවීමය. ඊට ප්‍රෝටීන අඩංගු මස්, මාළු, බිත්තර හෝ පුද්ගලයකු දිනකට ආහාරයට ගත යුතු එළවළු හා පළතුරු ප්‍රමාණය නිසි පරිදි ඇතුළත් වේද යන්න සැක සහිතය. එය කුඩා ළමුන්ගේ සහ ගැහැණු දරුවන්ගේ පෝෂණය කෙරෙහි අහිතකර ලෙස බලපා හැකිය.

ආදයම් මාර්ග බිඳවැටීම හමුවේ පෝෂණ අර්බුදයට අමතරව ජනතාව මානසික පීඩාකාරී තත්ත්වයකට මුහුණ පෑමේ අවදානමක් තිබේ.

  1. දේශපාලන ස්ථාවරත්වය

2024දී ශ්‍රී ලංකාව මුහුණ දෙන තවත් අභියෝගයක් වන්නේ දේශපාලන ස්ථාවරත්වයක් පවත්වා ගැනීමය. ලොව පුරා බොහෝ රටවලට මෙන් ශ්‍රී ලංකාවටද 2024 වසර මැතිවරණ වසරක් වනු ඇත. 69 ලක්ෂයකට අධික ජනවරමකින් තේරී පත්වූ ජනපතිවරයකු හා තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතර බලයක් සහිතව පැවැති පොහොට්ටු ආණ්ඩුවට එරෙහිව නැඟුණු ජනතා විරෝධය හමුවේ ගෝඨාභය රාජපක්ෂට රටින් පලා ගොස් ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.

එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට පිවිසි රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජක්ෂගෙන් පසු, ජනපති ධුරයට පත්වුයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 134කගේ ඡන්දයෙනි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා පසුගිය වසරේ නාම යෝජනා කැඳවනු ලැබුවද, ඒ සඳහා රජය අවශ්‍ය අරමුදල් ලබා නොදීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවට එම මැතිවරණය සැලසුම් කළ පරිදි පැවැත්වීමට නොහැකි විය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනර‌ජ‌යේ ‌නවවැනි පාර්ලි‌මේන්තුව පිහිටුවා 2023 පෙබරවාරි 20 වැනිදාට වසර දෙකහමාරක් සම්පූර්ණ විය. ඒ අනුව දැන් ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් කැඳවීමේ බලය ජනාධිපති රනිල් වික්‍රමසිංහට හිමිව ඇත.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පොහොට්ටු – එජාප ආණ්ඩුවට සූජාතභාවයක් තිබේද යන්න ඇතැම් විචාරකයන් මතුකර සිටින කාරණයකි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ විශාකා සූරියබණ්ඩාර පැවසුවේ, ‘මේක දෙමුහුන් ආණ්ඩුවක්. ඒක සුජාත ආණ්ඩුවක් නෙමේ. අනිවාර්යයෙන් මේ රටේ ස්ථාවරත්වයක් ගොඩනගන්න නම් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවන්න ඕනේ.’

‘ජනතාව ප්‍රතික්ෂේප කරපු ආණ්ඩුවක්නේ දැන් තියෙන්නේ. විධායකය ගත්තත්, පාර්ලිමේන්තුව ගත්තත්, ජනතාව කිසිසේත්ම අනුමත කරන ලද තත්ත්වයක නෙමේ තියෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන්ම මැතිවරණයකට යන්න ඕනේ.’

‘පාර්ලිමේන්තු මැතිවරණය තියෙන්න ඕනේ. ජනාධිපති මැතිවරණය තියෙන්න ඕනේ. පළාත් සභා නිෂ්ක්‍රීය වෙලා තියෙන්නේ. ඒවා ප්‍රජාතන්ත්‍රවාදී අයගේ හොඳ ලක්ෂණ නෙමේ. පළමු දෙය තමා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න නම් සුජාත ආණ්ඩුවක් මැතිවරණ ක්‍රමයක් තුළ ජනතාවගේ කැමැත්ත අකමැත්ත විමසලා තියන්නට ඕනේ. ඒක තුළ තමා මේ රජයේ මීළඟ ප්‍රතිපත්ති හැදෙන්න ඕනේ.’

‘දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරන්න නම් හරියට සුජාත ආණ්ඩුවක් පිහිටුවන්නට ඕනේ.’ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ විශාකා සූරියබණ්ඩාර පැවසුවාය.

  1. භූ දේශපාලනය

2024 වසරේදී ඉන්දියාව, ඇමෙරිකාව ඇතුළු රටවල් රැසක මැතිවරණ පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ප්‍රධානම ණය හිමියන් දෙදෙනෙකු වන්නේ චීනය සහ ඉන්දියාවය. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයට මැදිව සිටි අවස්ථාවේදී ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3ක පමණ ආධාර ප්‍රදානය කරනු ලැබුවේ අසල්වැසි ඉන්දියාවය.

‘අපි ස්වාධීනයි කියලා කිව්වත් අපි භූ දේශපාලනික සිරවීමක ඉන්නවා.’ යැයි වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා සඳහන් කළේය.

‘අපි ඉස්සරහදී ඉන්දියාවේ විශාල ග්‍රහණයකට ලක්වෙනවා. හේතුව තමා අදානි සමාගමේ ව්‍යාපාර කටයුතු. යාපනය සංවර්ධනය, ත්‍රිකුණාමලය සංවර්ධනය ඔක්කම ඉන්දියාවත් එක්ක එන සංවර්ධන ක්‍රියාවලින්. ඒ එක්ම චීනයත් අපේ ලොකුම ණය හිමියෙක්.’ ඔහු පැවසීය.

‘අපි ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරනවා කියන්නේ චීනය අපිට විරුද්ධ වෙනවා කියන එක නෙමේ. ඒක හරහා විශාල පීඩනයකට ලක්වෙන්න පුළුවන්.’

‘ඒ දෙන්නා එක්ක කරන ගනුදෙනුව තමා භූ දේශපාලනිකව ලොකුවටම බලපාන්නේ. මොකද ඉන්දියාවේ මැතිවරණ එනවා. ඇමෙරිකාවේ මැතිවරණ එනවා. ඒ ඔක්කොටම අපි එක පාර්ශවයක්. ඒකට සම්බන්ධ වෙන. ඒ ගැන හරිම ප්‍රවේශමෙන් වැඩ කරන්න ඕනේ.’ මහාචාර්යවරයා සඳහන් කළේය.

ජාත්‍යන්තර ආර්ථිකය කඩාවැටීමද මෙරට අපනයන පහත වැටීමට හේතුවී තිබේ. ඇඟළුම් වැනි අපනයනවල කැපීපෙනන අඩුවීමක් පසුගිය මාසවල දක්නට ලැබුණි.

  1. ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ, විරෝධතා සහ මර්දනය IMF කොන්දේසි ඉටුකරමින් රජය ආර්ථික ප්‍රතිසංස්කරණවාදී වැඩසටහනක නියැලී සිටියි. ඒ අනුව ප්‍රතිව්‍යුගතකරණය කළ යුතු පාඩු ලබන සහ දුර්වල කළමනාකරණය සහිත රාජ්‍ය ව්‍යවසාය ලැයිස්තුවක් රජය විසින් සකසා ඇත.

‘රාජ්‍ය ආයතන 80ක් තියෙනවා හදුනාගෙන අර්බුද තියෙන. ඒකෙන් 40ක් විතර ඔවුන් විකුණන්න බලාගෙන ඉන්නවා.’

‘ඒකත් විශාල අභියෝගයක්. එතැනදී වෘත්තීය සමිතිවල මැදිහත්වීම, සහ රජයට ඒ ඉලක්කයට යන්න පුළුවන්ද කියන එකත් අභියෝගයක්. ඉදිරි අභියෝග හැටියට එන්න පුළුවන් ස්ට්‍රයික්. විශේෂයනේම විශාල ස්ට්‍රයික් ප්‍රමාණයක්… ඡන්දයක් තියෙනවා කියන්නේ කෙහොමත් ස්ට්‍රයික් එනවානේ.’ මහාචාර්ය පෙරේරා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ධුරයට පත්වීමෙන් අනතුරුව දැඩි මර්දනකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ අතර ආණ්ඩුවට විරුද්ධව සංවිධානය වූ සියලු ආකාරයේ විරෝධතා දැඩි පොලිස් බලයක් යොදවා මර්දනය කරන අයුරු සහ විරුද්ධ මතධාරීන් අත්අඩංගුවට ගනු ලබන වාතාවරණයක් පසුගිය කාලසීමාව තුළ දක්නට ලැබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් බීබීසී සිංහල වෙත කියා සිටියේ ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක විසම්මුතියේ අයිතිය ආරක්ෂා කළ යුතු බවය.

‘ජනතාවට පුළුවන් වෙන්න ඕනේ රජයේ ප්‍රතිපත්තිත් එක්ක එකට නැත්නම් ඒවා පිළිබඳ විරෝධය දක්වන්න. විශේෂයෙන්ම මැතිවරණ, පදනමක් නැතිව කල්දාලා තියෙනවා. පළාත් පාලන මැතිවරණය. මේ නිසා ජනතාවට අවස්ථාවක් නැහැ තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න. පහුගිය කාලේ ආණ්ඩුව උත්සහ කළා ‘කටවහන නීති’ ගේන්න. ඔන්ලයින් සේෆ්ටි පනත් කෙටුම්පත සහ විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරී පනත, ගැන අලුතින් කතා කරනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ පොලිසියේ ‘යුක්තියේ’ මෙහෙයුම සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා කරපු කතාවලින් පේනවා රජය හිතනවා කියලා මර්දනය තුළින් රට පාලනය කරන්න පුළුවන් කියලා.

නමුත් අපි දැකලා තියෙනවා මර්දනකාරී ක්‍රියාවන් කවදාවත් දීර්ඝකාලීනව සාර්ථක වෙන්නේ නැහැ. අපේ අත්දැකීම තමයි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා යටතෙත් ඊට පසුවත් මර්දනකාරී ක්‍රියාවන්. ඒක සාර්ථක වෙන්නේ නැහැ. මම විශ්වාස කරනවා මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාම වැදගත් කොටසක් කියලා එකක් ඡන්දය පවත්වන එක. දෙක විසම්මුතියේ අයිතිය විරෝධතා ප්‍රකාශ කිරීමට ජනතාවට තියෙන අයිතිය ආරක්ෂා කිරීම.’ ඔහු සඳහන් කළේය.

‘මේ කරන ප්‍රතිසංස්කරණ තුළ ඉතාම වැදගත් ජනතාවට අවස්ථාවක් ලබාදෙන එක ඒවා ගැන ඔවුන්ගේ අදහස් දක්වන්න. එහෙම නැතිව බලහත්කාරයෙන් මේක තමයි ජනතාවට හොඳ කියලා ඒ අය පිට දේවල් පටවන එක නෙවෙයි මම විශ්වාස කරන විසඳුම.’

2024 ගැන ජනපතිගේ අපේක්ෂාව

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ, ‘2024 නව වසරට අප පියනගන්නේ ශ්‍රී ලංකාව යළි නගා සිටුවීමේ අභියෝගය හා අපේක්‍ෂාව ඇතිව’ බවය.

දහසකුත් එකක් පුද්ගලික අපේක්‍ෂාවන් අප සැම තුළ තිබුණද, ඒ සියල්ල සාර්ථක කරගැනීමට නම් ශ්‍රී ලංකාව වර්තමානයේ ඇදවැටී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් යළි ඉහළට ඔසවා තැබීම අනිවාර්ය බව ජනාධිපතිවරයා 2024 නව අවුරුදු සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

‘පසුගිය වසර පුරා ඔබ කළ කැපවීම් සහ විඳි දුෂ්කරතා නිසා රට බංකොලොත්භාවයෙන් මුදාගැනීමේ මූලික පදනම සාර්ථක කරගන්නට හැකි වූ නමුත් ආර්ථිකය ස්ථාවර කර ගැනීම උදෙසා මේ මගෙහිම තවත් ඉදිරියට යායුතු වෙයි. එය මල් ඇතිරූ සුමුදු මගක් නොවේ. අභියෝගාත්මක දුෂ්කර ගමනකි.’ යනුවෙන් හෙතෙම එහි වැඩි දුරටත් සඳහන් කොට තිබේ.

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

රටම දුක් විඳිද්දී ආණ්ඩුවේ මැති ඇමැතිවරු නැව්වලින් ගිහින් මුහුද මැද ගත් මහ රෑ ෆන් එක I Sri Lanka Latest News

Next Post

ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ සම්බාහන මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න ව්‍යාපාරිකයන් ගන්නා උත්සාහයට ආණ්ඩුකාරවරයාගේ විරෝධය! Sri Lanka Latest News

MORE NEWS

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.