කොපමණ යුනිෆෝම් පැළද සිටියත් කිසිවකුටත් දළ ඇති මහ හොරු ඇල්ලිය නොහැකි බවත්, ඒ දළ ඇති මහ හොරුන්ගේ අයිතිකාරයන් සියල්ල පාර්ලිමේන්තුවේ සිටීම ඊට හේතුව බවත් කාගම සිරිනන්ද හිමියෝ පැවසූහ.
එසේ හොරු රකින්න එන මහ හොරාට වෙඩි තැබිය යුතු බවත්, එසේ වෙඩි තබන නිලධාරියා ඉතිහාසගත වන බවත් උන්වහන්සේ කීහ.
නීතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතු බවද උන්වහන්සේ සදහන් කර සිටියහ.
පොලිස් නිලධාරීන්ට ඉකුත් දිනෙක ධර්ම දේශනාවක් පවත්වමින් උන්වහන්සේ මේ බව සදහන් කළහ.










