මෙරටට බොරතෙල් ගෙන ඒම, ඒවා පිරිසිදු කිරීම, පෙට්‍රල්-ඩීසල් බෙදාහැරීම යනාදී සියල්ල පෞද්ගලික අංශයට පැවරීමට ආණ්ඩුව තීරණය කර ඇත.
ඒ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
නමුත් 1961 අංක 28 දරණ පනතට අනුව ලංකාවට තෙල් ගෙනැවිත් බෙදාහැරීමේ ඒකාධිකාරය ඇත්තේ ලංකා ඛනිජතෙල් සංස්ථාවටය.
ඒ හේතුවෙන් මෙම පනත සංශෝධනය කිරීමටද ආණ්ඩුව තින්දු කර ඇත.










