• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අම්මල අක්කල නංගිලා පවුල් පිටින් අන්තර්ජාලයේ විකිණෙන හැටි එළියට එයි!

July 20, 2021
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
වෙබ් අඩවිවලින් ඇඟ විකුණන කාන්තාවන් 27000ක් ලංකාවේ! ‌
Share on WhatsAppShare on Facebook

Live Sex cam Sri Lanka -340 Beautiful young sex cam Female Models from Sri Lanka

‘ඔබගේ ලිංගික ආශාවන් ඉටු කිරීම සඳහා අන්තර්ජාලයෙන් ඔබට සජිවීව සම්බන්ධ විය හැකි ඉතාමත් සුරූපී ශ්‍රී ලාංකික යුවතියන් 340ක විස්තර අප සතුව තිබෙනවා. එම තරුණියන්ගේ සජීවී ලිංගික දර්ශන අප ඔබට ‘වෙබ්කැම්’ තාක්‍ෂණය හරහා සත්‍ය ලෙස ඉදිරිපත් කරනවා. මෙය මෙවැනි ලිංගික ආශ්වාදයන් සපයන ශ්‍රී ලංකාවේ තිබෙන විශාලතම වෙබ් අඩවියයි. මෙම තරුණියන් ඔබට එම රාගික දසුන් ඉදිරිපත් කරන්නේ එම අවස්ථාවේදීම බවට අපි සහතික වෙනවා. ඔබට එම අවස්ථාවේදීම ඇය සමග සජීවීව සම්බන්ධවී ඔබගේ ලිංගික සිහින සැබෑ කරගත හැකියි. ඔබට ඉන්පසුව එතැනින්ද නොනැවතී එම සමහර සුරූපී යුවතියන් සමග සැබෑ ජීවිතයේදීද ලිංගික ආශ්වාදයක් ලබා ගැනීම සඳහා මාර්ගය සකස් කිරීමේ පහසුකම්ද අප සතුව ඇත. මෙම සේවය සඳහා අප බොහෝ සාධාරණ මිල ගණන් අය කරනු ලබයි. මෙතැන සිට අඩවියේ ඉදිරියට පියවර තබන්න. සැබෑ ලිංගික සතුට අත්විඳින්න.

මෙය අපි හොඳින් හඳුනන සයිබර් අවකාශයේ නොහොත් අන්තර්ජාලයේ, දවසේ පැය 24 පුරාවටම පාවෙන එක් පුවතකි. මෙය සම්පූර්ණයෙන්ම ඉදිරිපත් කර ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි. එහි මුල් ඉංග්‍රීසි හඳුන්වා දීම පමණක් මෙහිදී ඉහතින් ලියා තැබුවෙමි. ඉතිරිය සිංහලට පරිවර්තනය කර ලීවෙමි. මෙම කතාන්දරය අද අන්තර්ජාලය තුළ මුළුමහත් ලෝකයටම පොදු වගතුගකි. එහෙත් මේ කතා අපගේ ශ්‍රී ලංකාව තුළින් මෙසේ ඇසෙන්නේ දැනට වසර 7-10කට පමණ කාලයක සිටය. අන්තර්ජාලය හරහා කෙරෙන ලිංගික ජාවාරම් අද ලෝකයේ බොහෝ රටවලට සාමාන්‍ය කතාවකි. එහෙත් ශ්‍රී ලංකාවට විටෙක මෙය යම් පමණින් අලුත් වගතුගකි.

කෙසේ වුවද දැන් ශ්‍රී ලංකාවට අදාළවද මෙවැනි කතාන්දර හතු පිපෙන්නාක් මෙන් ඇසෙයි. මෙකල අන්තර්ජාලය නිරීක්‍ෂණය කිරීමේදී එය පැහැදිලිවම පෙනෙයි. පසුගියදා ශ්‍රී ලංකාවේදී සිදුවූ එක්තරා බාලවයස්කාර දැරියකගේ අන්තර්ජාල ලිංගික වෙළෙඳාමද එහි එක් සිදුවීමක් පමණි. ඒ හා සමාන සිදුවීම් මේ වන විටත් දිවා – රාත්‍රී සිදුවෙමින් පවතියි. එහි යම් විශේෂත්වයක් වූයේ එම දැරිය වයස අවුරුදු 15ක පසුවූ තැනැත්තියක් හෙයිනි. එම සිදුවීමේ තතු රැසක් ඔබ පසුගිය දිනවලදී දකින්නට ඇති හෙයින් නැවැත එය ලියා තැබීම අනවශ්‍යය. එසේ වුවද මෙවැනි අපරාධ වත්මන් නූතන ලෝකය හා එකට වෙළී තිබෙන්නේ කෙසේ දැයි සොයා බැලීම අත්‍යවශ්‍ය කරුණකි. මෙයට දශක කිහිපයකට ඉහතදී නම් ගණිකා වෘත්තිය සඳහා කාන්තාවක් අලෙවි වූයේ, සාමාන්‍යයෙන් එදිනෙදා එම පුද්ගලයන් ශාරීරික වශයෙන් හමුවීම තුළින් පමණි. අඩු තරමේ පුවත්පතක හෝ දැන්වීමක් දමමින් එම ක්‍රියාව සිදුවූයේ නැත. එම ක්‍රියාව සඳහා යොමුවන ගැහැනියක්, මිනිසුන් යම් ස්ථානයකදී ශාරීරිකව හමුවීම මගින් පමණක් එය සිදුවිණි. එහෙත් අද තත්ත්වය අහස හා පොළොව මෙන් මහා පරතරයකි.

මෙලෙස අද ශ්‍රී ලාංකික ජන සමාජයද කණපිට හරවා තබන සිදුවීම් වන විටදී, අප යමක් ආපසු හැරී බැලිය යුත්තේ ඉතිහාසයේ නිමිත්තක් දෙසටය. එනම් ශ්‍රී ලංකාවේ පරිගණක සහ අන්තර්ජාල ඉතිහාසය කෙබඳු එකක්ද? මෙය ඉතාමත් කෙටියෙන් සොයා බලමු. ශ්‍රී ලංකාවට පරිගණක තාක්‍ෂණයත්, තොරතුරු සන්නිවේදන තාක්‍ෂණයත් පුළුල් වශයෙන් හඳුන්වා දීමේ පුරෝගාමියා වන්නේ, දැනට අප අතර නැති ප්‍රකට දේවතකු වූ මහාචාර්ය වී. කේ. සමරනායක මහතාය. ඒ මෙයට වසර 40කට පමණ පෙරය. ඉන්පසුව පරිගණක තාක්‍ෂණය ව්‍යාප්ත වන්නට වූ අතර, මහාචාර්ය වී. කේ. සමරනායක හඳුන්වනු ලැබුවේ ‘ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්‍ෂණයේ පියා’ ලෙසිනි. පරිගණක තාක්‍ෂණය මෙසේ ශ්‍රී ලංකාව තුළ තිබුණද අනෙක් බහුතර ලෝකය සමග සම්බන්ධ වීමේ අන්තර්ජාල ක්‍රමවේදයක් මෙරට නොතිබිණි. ඒ අනුව මෙරටට ‘අන්තර්ජාලය’ ප්‍රථම වතාවට හඳුන්වා දුන්නේ මහාචාර්ය අභය ඉඳුරුව මහතා විසිනි. එම සුවිශේෂී අවස්ථාව ඇති වූයේ 1992 වසරේදී වන අතර, එහෙත් එම අන්තර්ජාල පහසුකම අධ්‍යාපනික කටයුතු සඳහා පමණක් සීමා විය. කෙසේ හෝ ඉන්පසුව 2002 වසරේදී ශ්‍රී ලංකාවටම අන්තර්ජාල පහසුකම ව්‍යාප්ත කෙරිණි. මහාචාර්ය අභය ඉඳුරුව හඳුන්වනු ලබන්නේ ‘ශ්‍රී ලංකාවේ අන්තර්ජාලයේ පියා’ ලෙසිනි. දැන් ඔබට යමක් හොඳින්ම පැහැදිලි වනු ඇතිය.

එනම් අපගේ රටේ අන්තර්ජාලයට දැන් වසර 20කට ආසන්න කාලයක් සපිරී ඇත. එයින්ද මුල් වසර 10ක පමණ කාලයක් තුළදී අන්තර්ජාලය තුළ ලිංගික ජාවාරම් දක්නට හැකි වූයේ නැත. විදෙස් රටවලදී එවැනි ක්‍රියා සිදුවුවද, ශ්‍රී ලංකාව තුළ එහි ප්‍රවණතාවක් නොවීය. සාමාන්‍යයෙන් දක්නට හැකිවූ නිල් චිත්‍රපට දසුන් වැනි දර්ශන විනා, ශ්‍රී ලංකාව සම්බන්ධ කෙරුණු තීව්‍ර ගණයේ ලිංගික ජාවාරම් දක්නට නොවීය. එහෙත් දැන් වසර 10ක පමණ කාලයක සිට මෙම ලිංගික ජාවාරම් ශ්‍රී ලංකාව තුළ කප්පරකට සිදුවෙයි. මෙය සැබැවින්ම දිනෙන් දින, උත්සන්න වන විනාශයක්ද වී ඇත. අද ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලය භාවිත කරමින් සිදු කෙරෙන ලිංගික අපරාධ සිය, දහස් ගණනක් වෙයි. මෙම අන්තර්ජාල ලිංගික සහ කාම අපරාධ පහසුවෙන් හඳුන්වන ඉංග්‍රීසි වදන් කිහිපයක් ඇත.

■ Internet sex crimes
■ Cyber sex crimes
■ Digitel sex crimes
■ Online sex Crimes
■ Hyperspace sex crimes
ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ලිංගික ජාවාරම් සහ අපරාධ මගින් ප්‍රධාන වශයෙන් වින්දිතභාවයට පත් වන්නේ කාන්තාවන් සහ ගැහැනු ළමුන්ය. බොහෝ විට මෙම පිරිස් විවිධ සමාජ සම්බන්ධතා ජාල සමග කටයුතු කිරීමට යෑමේදී මෙම අපරාධයන්ට ගොදුරු වෙයි. එවැනි සිදුවීම් සිය, දහස් ගණනක් පසුගිය වසර ගණනාවක් තුළදී වාර්තා වී ඇත. ගැහැනු ළමයින්ගේ සහ කාන්තාවන්ගේ මෙම තත්ත්වය සියුම්ව ග්‍රහණයට ගත් සයිබර් අපරාධකරුවෝ මෙවැනි අපරාධ බොහෝ සූක්‍ෂ්ම ආකාරයෙන් සිදුකරනු ලබති. ගැහැනු ළමයින් සහ තරුණ කාන්තාවන් බොහෝ විට තමන්ගේ ඡායාරුප සහ පෞද්ගලික තොරතුරු ඉතා පුළුල් වශයෙන් සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචාරය කිරීම මෙයට ප්‍රධානතම හේතුව වී ඇත. මෙහිදී සිදුවන භයානකම ක්‍රියාවලිය නම් බොහෝ තරුණියන් සමාජ මාධ්‍ය ජාලා තුළින් හඳුනාගන්නා විවිධ පුද්ගලයන් සමග ප්‍රේම සම්බන්ධතා ආරම්භ කිරීමය. එම තත්ත්වය කෙතරම් දුරදිග යන්නේද යත්, තම තමන්ගේ නිරුවත් ඡායාරූප පවා හුවමාරු කරගනිති. අවසානයේදී මෙම පිරිස් ශාරීරිකව පවා සජීවීව හමුවෙති. එතැනදි තවත් අපරාධ රැසකට යොමුවීම සිදුවෙයි.

මෙය ‘සයිබර් අපරාධ’වල එක්තරා පරිච්ඡේදයක් පමණි. මෙහි අනෙක් බියකරුම පරිච්ඡේදය වන්නේ, යොවුන් වියේ ගැහැනු ළමයින් සහ තරුණ කාන්තාවන් ගණිකා වෘත්තියට සහ වෙනත් ලිංගික අපචාර සඳහා අන්තර්ජාලය හරහා විකිණීමය. පසුගියදා සිදුවූ අවුරුදු 15ක් වයසැති යොවුන් ගැහැනු ළමයාගේ කතාන්දරයද එවැන්නක් විය. මෙහිදී මෙම සිදුවීම පොලිසිය කාන්තා හා ළමා කටයුතු කාර්යාංශය මගින් ඉතා ගැඹුරින් විමර්ශනය කිරීම හේතුවෙන් එහි සත්‍ය තත්ත්වය සොයා ගත්තේය. එසේම ඉන්පසුව බාලවයස්කාරියක ලිංගික ක්‍රියාවලට සම්බන්ධ කර ගැනීම ගැන විවිධ ප්‍රභූ පිරිස් පවා අත්අඩංගුවට ගැනිණි. මෙම ආන්දෝලනාත්මක සිදුවීම ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ පූජිත් රෝහණ මහතා මාධ්‍යයට මෙසේ ප්‍රකාශයක් කළේය.

‘මෙම දැරිය ලිංගික ක්‍රියා සඳහා අලෙවි කිරීමට කටයුතු කළ වෙබ් අඩවි 06ක් ගැන කරුණු පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා. අන්තර්ජාලය හරහා කාන්තාවන් ලිංගික කටයුතුවලට විකිණීම ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව වරදක් වෙනවා. මෙම ක්‍රියාවලිය වෙබ් අඩවි හරහා පමණක් නොව, ෆේස්බුක්, වට්ස්ඇප්, ගෲප්, ගිණුම් සහ වෙනත් සමාජ ජාල පිටු හරහාද සිදුවන බැව් පේනවා.’

සයිබර් අවකාශය හරහා පාවී ගිය ගල්කිස්සේ 15 වියැති බාලවයස්කාරියගේ කතාව මෙම මහා විනාශයේ එක්තරා සන්ධිස්ථානයක් පමණි. ඇයගේ කතාවත් සමගම තවත් සුරූපී යුවතියන්ගේ කතා සිය ගණනක් මේ වන විටද සයිබර් අවකාශයේ පාවෙමින් තිබෙනවා. ඔබට අන්තර්ජාලය නිරීක්‍ෂණය කළ හැකිය. මෙම දසුන් සැබෑ ලෙසම පුදුමසහගතය. දැනට ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලය හරහා ගණිකා වෘත්තියට සහ අනෙකුත් ලිංගික ක්‍රියා සඳහා විකිණෙන තරුණ යුවතියන් රාශියකගේ ඡායාරූප සහ අනෙකුත් විස්තර ඉතාමත් පැහැදිලිවම දක්නට හැකිය. මෙම සමහර තරුණියන් බොහෝ විට තම වයස අවුරුදු 18ට අඩු වන්නට හැකි වුණත්, එහි සඳහන් කරන්නේ අවුරුදු 18ට වැඩි වයසකි. ඔවුන්ගේ නිසි වයස් ප්‍රමාණයක් පරීක්‍ෂා කර බලන්නට සිටින්නේ කුමන අධිකාරියක්ද? තවද මෙම තරුණියන් ඕනෑම කෙනෙකුට සම්බන්ධ කර ගැනීම ඉතාමත්ම පහසුය. එසේ වන්නේ එම දැන්වීම් රැසකම අදාළ තරුණියගේ පුද්ගලික ජංගම දුරකතන අංකය සඳහන් කර ඇති හෙයිනි. මෙහිදී බොහෝ විට එම තරුණියම දුරකතන ඇමැතුමට ප්‍රතිචාර දක්වන අතර, තවත් අවස්ථාවලදී තැරැව්කරුවකු ප්‍රතිචාර දක්වයි.

මේ ආකාරයට ‘බාලවයස්කාරියක්ද’ එසේත් නැතිනම් ‘නිසි වයස්කාරියක්ද’ කියා සොයා ගන්නේ කෙසේද? මේවා නීර්ණය කරන්නට නම් ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්‍ෂණ අංශ මේ සිදුවීම් ගැන එකින්, එක සොයා බැලිය යුතුය. එහෙත් මේ වන විට එවැන්නක් කිසිසේත්ම සිදුවන්නේ නැත. ශ්‍රී ලංකා පොලිසිය යටතේ ‘පොලිස් පරිගණක අපරාධ ඒකකය’ නමින්, මෙවැනි අන්තර්ජාල අපරාධ ගැන විමර්ශනය කිරීමට විශේෂ වූ එමෙන්ම, අංගසම්පූර්ණ වූ දෙපාර්තමේන්තුවක්ද ඇත. එම අංශය පිහිටුවාද දැන් දීර්ඝ කාලයක් ගතවී ඇත. එහෙත් අන්තර්ජාලයේ මෙවැනි ලිංගික ක්‍රියාකාරකම් දවසේ පැය 24 පුරාවටම දැකිය හැකිය. එසේම පසුගියදා මහා හඬින් අණබෙර ගැසූ ගල්කිස්සේ දැරියගේ සිද්ධියෙන් පසුවවත්, දැනට ක්‍රියාත්මක වන ලිංගික කාන්තා අලෙවි කිරීමේ වෙබ් අඩවි තහනමකට ලක්කිරීම හැකියාව තිබිණි. එහෙත් එවැනි කිසිවක් මෙතෙක් සිදුවී නොමැත. මෙයට වසර 10කට පමණ ඉහතදීද මෙවැනි වෙබ් අඩවි තහනම් කිරීමට පොලිසිය විශාල අණබෙර ගැසීමක් සිදුකළද, එයද ගඟට කැපූ ඉනි මෙන් විය. මෙවැනි තත්ත්වයක් යටතේ අද මෙම කාම වෙබ් අඩවි අයිතිකරුවෝ රුපියල් කෝටි ගණනින් මුදල් උපයමින් සිටිති.

‘කතාව දෝලාවෙන් ගමන පයින්’ යැයි කියන්නේ මෙවැනි කතාවලටය. දැනට ශ්‍රී ලංකාවේ අපරාධ අංශ මෙවැනි සයිබර් අපරාධ පිළිබඳව යම් අල්ප පරීක්‍ෂණයක් හෝ පවත්වන්නේ, එවැනි අපචාරයක් ගැන පැමිණිල්ලක් ලැබුණහොත් පමණි. එසේ නැතිව මෙවැනි තරුණියන් ලිංගික කටයුතුවලට අලෙවි කරන වෙබ් අඩවි ගැන හඹාගොස් සිදු කෙරෙන කිසිදු පරීක්‍ෂණයක් නැත. ඒ හෙයින්ම ඒවායෙහි නීති විරෝධීී වූ කටයුතු සියල්ලක්ම මේ කියන මොහොතේදීත් ඉතාමත්ම සාර්ථකව සිදුකෙරෙයි. මෙම ලිංගික සයිබර් අපරාධ ක්‍රියාවලියේදී පැහැදිලිවම පෙනෙන තවත් අපූරු කරුණක්ද ඇත. එනම් විටෙක එය හාස්‍යය උපදවන කතාවක්ද වෙයි. එනම් මෙහිදී බොහෝ විට අප දොස් පවරන්නේ, යම් පාර්ශ්වයක් විසින් මෙසේ ලිංගිකව තරුණියන් අන්තර්ජාලය හරහා අලෙවි කරන බැව් පවසමිනි. එහෙත් මෙහිදී අපූරු කතාවක් ලෙස ඉතා පැහැදිලිවම පෙනී යන්නේ, තරුණියන් විශාල ප්‍රමාණයක් තමන් විසින්ම ස්වයංව දැන්වීම් පළකර ගන්නා ආකාරයයි. ඒ සඳහා වෙන්වූ දැන්වීම් වෙබ් අඩවි කිහිපයක්ද ඇත.

එසේම බොහෝ තරුණියන් තමන්ගේ ‘ස්වයං වින්දන’ ක්‍රියාකාරකම් වෙබ්කැම් තාක්‍ෂණය හරහා පෙන්වන්නේ තමන් විසින්ම පළකරගත් දැන්වීම හරහාය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

විශ්වාසභංගය නිසා සජබ-ජවිපෙ-ටීඑන්ඒ මුලු විපක්ෂයම එකතු වෙයි

Next Post

විශ්වාසභංගයේදී ආණ්ඩුවත් එක්වෙයි! විපක්ෂයත් එක්වෙයි! විපක්ෂව 152ක්! පක්ෂව 61ක්!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.