බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට විපක්ෂය සමග එක්ව ජන්දය දීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කොට ඇත.
ඒ අනුව සමගි ජන බලවේගය සමග එක්ව දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණද ඒකාබද්ධව ජන්දය ලබා දීමට නියමිතය.
අද සවස විශ්වාසභංග යෝජනාවේ ජන්ද විමසීම සිදු කිරීමට නියමිතය.