බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය ලබා ගැනීම සදහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ජා කොට ඇති බව දැනගන්නට ඇත.
පසුගිය දිනෙක එම පක්ස දෙකේ ජ්‍යෙෂ්ඨයන් හට දුරකතන ඇමතුම් ලබා දී ඇති විපක්ෂනායකවරයා මෙම විශ්වාසභංගය සම්බන්ධයෙන් එම පක්ෂ දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් එම පක්ෂ වෙතින් මෙතෙක් නිල ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද වාර්තා වේ.










