කොවිඩ් – 19 වෛරසය ආසාදිත පුද්ගලයකුගේ සමීප ආශ්‍රිතයකු ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගිය දා ඔහුගේ නිවසේදීම ස්වයං නිරෝධායනයට ලක් කරන ලදි.
ඒ අනුව නිරෝධායන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා තමන් පොතක් රචනා කිරීමට ගම්මන්පිල මහතා කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
” මා මුහුණ දුන් විශ්වාසභංග යෝජනාව,නොකී කතාව” නමින් මෙම පොත රචනා කරන බව ඒ මහතා ප්‍රකාශ කොට ඇත.










