වතුකරයේ දැරියක වූ ජූඩ් කුමාර් ඉෂාලිනී මියයාම සම්බන්ධයෙන් අදහස් දැක්වූ වතුකරයේ දේශපාලන නායකයකු වූ වඩිවේල් සුරේෂ් මහතා එම මරණයට සාධාරණය ඉෂ්ට විය යුතු බව කියා සිටියේය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ බාලවයස්කාර දැරියක් දූෂණයට ලක්ව මිය යාම මුළු රටටම මෙන්ම ජාතියටත් ලැජ්ජාවට පත් යුතු කාරණාවක් බවයි.
මෙම සිදුවීම පළමුවන සිදුවීම නොවන බවත් මීට විරුද්ධ වූ වතුකරයේ ජනතාව කොළඹට රැුගෙන විත් විරෝධතා කැඳවන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.










