ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගෙන සිටින පුද්ගලයින්ට හෙට (01) විහාරමහා දේවි උද්‍යානයේදීත්, අනිද්දා (02) දියත උයන සහ විහාරමහා දේවි උද්‍යානයේදීත් දෙවන මාත්‍රාව ලබා ගත හැකි බව යුදහමුදාපති ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
පළමු මාත්‍රාව ලබා ගෙන ඇති සියල්ලන්ටම හෙට සහ අනිද්දා දෙදින මෙම දෙවන මාත්‍රාව ලබා ගත හැකි බව ඒ මහතා පෙන්වා දෙයි.