පාර්ලිමේන්තුව විසුරුවා හරින බව සඳහන් කරමින් ඉදිරි දින කිහිපය ඇතුළත දේශපාලන නාටකයක් රඟදැක්වීමේ සූදානමක් ඇති බවට විශ්වාසදායක තොරතුරු රැසක් ‘මව්රට’ පුවත්පත වෙත වාර්තා වී තිබේ.Sri Lanka Latest News
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ තෝරාගත් පුවත්පත්වල සහ වෙබ් අඩවිවල පාර්ලිමේන්තුව සිවුරුවා හරින බව සඳහන් කරමින් පුවත් පළකිරීමේ මෙහෙයුමක් ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්වයන් විසින් සැලසුම් කරමින් සිටින බව දැනගන්නට තිබේ.
මේ වන විට පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා තෝරාගෙන ඇති බව තහවුරු වීමත් සමග බියට පත්ව ඇති ජනාධිපතිවරයාට හිතවත් පිරිස් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බියවැද්දීම සඳහා මෙම දේශපාලන නාටකය දියත් කිරීමට සැලසුම් කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව, පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට වූ පුවත්වලට අමතරව මැතිවරණ කොමිසම සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඇති බවටත්, මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමග අවසන් තීන්දුවක් ගෙන ඇති බවටත් වශයෙන් විවිධ පුවත් පළකිරීමටද මෙම පිරිස් විසින් සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.