• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

1966න් පස්සේ ආ අවාසනාවන්තම කාල පරිච්ජේදය: මුරුත්තෙට්ටුවේ හිමි ආණ්ඩුවේ පලු යවයි (VIDEO)

May 4, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
1966න් පස්සේ ආ අවාසනාවන්තම කාල පරිච්ජේදය: මුරුත්තෙට්ටුවේ හිමි ආණ්ඩුවේ පලු යවයි (VIDEO)
Share on WhatsAppShare on Facebook

අලුතෙන් හැදූ කොරෝනා රෝහල්වල අත සේදීමට හෝ වතුර නොමැති බවත්, මේ තත්ත්වයෙන් ගියහොත් දැන් ඉන්දියාවට විසාලා මහනුවරක් යැයි කියනවා සේ ශ්‍රී ලංකාවත් විසාලා මහනුවරක් වන බවට කිසි ම සැකයක් නැති බවත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ මෙසේ පැවැසුවේ ඊයේ (මැයි 3) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ මාධ්‍ය හමුවේදීය.

වැඩිදුරටත් මාධ්‍ය හමුවේ අදහස් පළ කළ උන්වහන්සේ මෙසේද පැවැසූහ.

“1966 න් පසුව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පත් වූ අවාසනාවන්තම පරිච්ඡේදය මේ යැයි කනගාටුවෙන් හා අකැමැත්තෙන් වුව ද ප්‍රකාශ කිරීමට සිදු වී තිබෙනවා. අද සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තුළ යමක් අසන්න, යමක් කියන්න, යමක් දැනුවත් කරන්නට කෙනෙක් නැහැ. ඒ තරම් දුරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද අසරණ තත්ත්වයට පත් වී තිබෙනවා. ඒ වගේ ම අමානුෂික හා අකාරුණික භාවය අතිනුත් අද සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මුල්තැනක් ගෙන තිබෙනවා.

ඕනෑ ම රාජ්‍ය සේවකයෙකුට අවුරුදු හතරක් පහක් යනවිට මාරුවීමක් ගන්නට පුළුවන් වුවද අවුරුදු 10, 12 වැඩ කරන අය අද රෝහල්වල සිටිනවා. කොතැනකවත් නොමැති නීති රීති මාලාවක් දමාගෙන අද හෙද කාර්ය මණ්ඩලය වහලුන් බවට පත් කරගෙන කටයුතු කරනවා. හෙද කාර්ය මණ්ඩලය එක දවසක් හෝ එළියට බැස්සොත් රටට කොරෝනා දරුණු තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මහජනතාව ගැන කල්පනාකර කොපමණ අපහසුතා හා දුර්වලතාවයන් තිබුණත් ඒවා යටපත් කරගෙන සේවය ලබාදී තිබෙනවා.

උපකරණ, ඇඳන්, කාමර, දැඩි සත්කාර ඒකක සොයන්නේ කොරෝනා රෝගය උත්සන්න වූ පසුවයි. මේ ගැන අපි කල් ඇතිව පවසා තිබුණා. මේ පුහුණුව පෙර සිට ම ලබා දෙන ලෙස අපි පවසා තිබුණා. දැන් හය මාසයක පුහුණුවක් ලබා දෙන්න බැහැ. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සෑමදා ම කළේ පැලැස්තර දැමීමයි. සෑම අඩුපාඩුවක් ම අපි කලින් ම පෙන්වා දුන්නා. අද සෞඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කරන්නේ අදූරදර්ශී ක්‍රියාමාර්ගයක්. වැඩ කළ හැකි, තීන්දු ගත හැකි සියලු දෙනා එහාට මෙහාට මාරු කර වගකීමක් නැතිව කටයුතු කර තිබෙනවා. මේ දේවල් නිසා අද රෝහල් සේවය තුළ බොහො ම භයානක තත්ත්වයක් ඇති වී තිබෙනවා. දැන්වත් ටිකක් දුර බලන්න යැයි අපි සෞඛ්‍ය අමාත්‍යතුමියට කියනවා. සාකච්ඡා කරන දේවල් නොවෙයි ක්‍රියාත්මක වෙන්නේ.

ලංකාවේ සිටින්නේ හෙදියන් තිස් අට දහසක් වන අතර දැඩි සත්කාර ඇඳන් තිබෙන්නේ 761 වුවත් බී.එම්.ඩබ්ලිව්. වැනි සුඛෝපභෝගී වාහන දස දහසක් පමණ තිබෙනවා. එක් දැඩි සත්කාර ඇඳක රෝගියෙකුට ප්‍රතිකාර ලබාදීමට හෙදියන් පස් දෙනෙක් අවශ්‍ය වුවත් එම ප්‍රමාණය නැහැ. ඒ වගේ ම දැඩි සත්කාර පුහුණුව මාස හයක් ලබා දිය යුතු වුවත් සති දෙකක පුහුණුවක් ලබාදී ගමු යැයි අමාත්‍යතුමිය ප්‍රකාශ කර තිබුණා. මෙසේ රවට්ටන්න හදන්නේ කවුදැයි අපි අහනවා. අපි මේවා ප්‍රකාශ කරන විට අපි ආණ්ඩු විරෝධීන් යැයි හංවඩු ගහනවා. අපි ආණ්ඩු විරෝධීත් නෑ. රාජ්‍ය විරෝධීත් නැහැ. අපි ජනතා සුභවාදීයි. මෙම අඩුපාඩු පෙන්වන්නේ ආණ්ඩුව නිසි මඟට ගන්නයි. තමන්ට ලැබෙන වරප්‍රසාද, වරදාන නැති වේවි යැයි සිතා කිසිවෙක් මේවා පෙන්වාදෙන්නේ නැහැ. නමුත් අපි මේවා පෙන්වන්නේ රටේ ජනතාව වෙනුවෙනුයි.

දැන් රෝගීන්ට ගෙදර ඉන්න කියනවා. මේක ඉන්දියාවක් නොකර අඩුපාඩු සොයා බලා පහසුකම් සකසන්න යැයි අපි කිව්වා. අලුතින් හදපු පොඩි කොවිඩ් රෝහල්වල අත සෝදන්න වතුර ටිකක්වත් නැහැ. මේවා හෙදියන්ගේ දුක් ගැනවිලියි.”

SendShareShare
Previous Post

පෝට්සිටි තීන්දුව තවම ඇවිත් නෑ: විවාදය නවතී: හදිසි පක්ෂ නායක රැස්වීමක් ඇරඹේ

Next Post

මුලින් කැමැති වුණත් රිෂාඩ් පාර්ලිමේන්තු ගේන්න කතානායක අස්සන තියා නෑ (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.