පෝට් සිටි සම්බන්ධයෙන් වූ විවාදය අද දිනයේ ආරම්භ වීමට නියමිතව තිබුණද ඊට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තමන් වෙත ලැබී නොමැති බව කතානායකවරයා මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.
ඒ අනුව අද දින පැවැත්වීමට නියමිතව තිබූ විවාදය හෙට දිනට කල් තැබීමටත්, අද දින පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැදවීමට පියවර ගෙන තිබේ.










