ගෙවුණු දින 10ට මැරුණු කැස්බෑවුන් 19 දෙනකු මෙරට මුහුදු තීරයෙන් හමුවී ඇති බව වාර්තා වේ.
මෙම මැරුණු කැස්බෑවන් සහ එක්ස්ප්‍රස් පර්ල් නැවේ රසායනික විසිරීම අතර සම්බන්ධයක් තිබේද යන්න සම්බන්ධයෙන් බොහෝ පාර්ශව සැක මතු කර තිබීම විශේෂ සිදුවීමකි.
කැස්බෑවන්ට අමතරව ඩොල්ෆින් මත්ස්‍යයන් කිහිප දෙනකුද පසුගිය දින කිහිපය තුළ මියගොස් වෙරළට ගොඩගසා තිබිණ.










