• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැමෝම ඇසිය යුතු කතාවක් ගෝඨා ලේකම්වරුන්ට කියා දෙයි

August 26, 2020
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
සමෘද්ධිය ගැන ගෝඨා අලුත් විදිහට හිතයි (PHOTOS)
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය අමාත්‍යංශ සදහා පත් කළ ලේකම්වරුන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද (26) දින සිදු විය.

මෙහිදී නොබියව තීන්දු තීරණ ගත යුතු ආකාරය පිළිබදව ඉතා වැදගත් දේශනයක් ජනාධිපතිවරයා විසින් සිදු කළේය.

එම සම්පූර්ණ කතාව මෙසේය.

අපි මෙවර රාජ්‍ය අමාත්‍යාංශ වෙනත් විදියකට හදලා තියෙන්නේ. අමාත්‍යාංශ ඔක්කොම සරලයි. දැන් බලන්න අධ්‍යාපන අමාත්‍යාංශය. සියලුම අධ්‍යාපනය විෂය එක තැනකට ගෙනල්ලා තියෙන්නේ. පූර්ණ අධ්‍යනයක් කරලා තියෙන්නේ. ඒ අමාත්‍යාංශ වෙන් කරලා තියෙන්නේ. වැඩ කරන්න අවශ්‍ය විදියට. මේවා කළේ පහුගිය මාස අටේ නෙමෙයි. ජනාධිපති මැතිවරණයේදී ජනතාව අතරට ගියාම ඒ ගොල්ලන්ගෙන් දැකපු ප්‍රශ්න. සෘජුවම අපි විසඳිය යුතු ප්‍රශ්න විදියට තේරුම් අරගෙනයි.
අපි බොහෝ වේලාවට ඉහළ මට්ටම විතරක් බලනවා. පහළ මට්ටම අපි බලන්නේ නැහැ. ඒවා අපිට අමතක වෙලා යනවා.
උදාහරණයක් වශයෙන් පානීය ජලය ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නයක්. මේක අපි අනිවාර්යයයෙන්ම විසඳිය යුතු දෙයක්. අලි මිනිස් ගැටුම හැමදාම මිනිස්සු මැරෙනවා, අලි මැරෙනවා. විශාල ප්‍රශ්නයක්. මේවාට ස්ථිරසාර විසඳුම් හොයන්න ඕනෑ. තාවකාලික විසඳුම් හොයලා වැඩක් නැහැ.
ඊළඟට අපි කොහොමද ආර්ථිකය මෙහෙයවන්නේ කියන එක පිළිබඳ විශාල අවධානයක් යොමුකරලා තියෙනවා. විශේෂයෙන්ම කෘෂි කර්මාන්තය, වැවිලි කර්මාන්තය ඒ දෙකට විශාල අවශ්‍යතාවයක් තිබෙනවා. ඒකට අපි පහළම මට්ටමට ගිහිල්ලා රාජ්‍ය අමාත්‍යාංශ වෙන් කරලා තියෙනවා.
වැඩි දෙනෙක් ජීවත් වෙන්නේ කෘෂිකර්මාන්තයෙන්. මේ කෘෂිකර්මාන්තයේ තියෙන ප්‍රශ්න හින්දා තමයි අපි වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ මේ වැව් ප්‍රතිසංස්කරණය, වැව් සහ කුඩා වැව් වාරිමාර්ග, මේවාට වෙනම අපි රාජ්‍ය අමාත්‍යාංශයක් යොදලා තියෙන්නේ. ඉතින් මේ වගේ හැම එකක්ම බැලුවම ඒ අවශ්‍යතාවයන් තෝරාගෙන අපි ඒවාට ආයතන සෘජුවම දීලා තියෙනවා. ඒ වගේම ප්‍රතිපාදනත් සෘජුවම දෙනවා.
මම රාජ්‍ය අමාත්‍යවරුන්ට කතා කරගෙන යනවා. ඒ කතා කිරීමේදීත් මම ඒගොල්ලන්ට අපේ සැලැස්මේ වසරින් වසර අපි කොහොමද ඉදිරියට යන්නේ කියන කාරණා ගැන කතා කරනවා. ලේකම්වරුන්ට තියෙන ලොකු කාර්යභාර්යයක්. පස් වසරක සැලැස්මක් හදන එක. එකේ වසරින් වසර අපි මොනවාද ළගා කරගන්නේ. මොනවාද අපේ ඉලක්කය. අපි දන්නවා ඉලක්ක ළඟා කරගන්න එක තමයි වැදගත් වෙන්නේ.
මේ කාර්යය ඉටුකිරීම සඳහා ලේකම්වරුන්ට විශාල කාර්යභාර්යයක් තියෙනවා.
අපි රාජ්‍ය සේවයත්, අනිත් සුදුසුකම් සියල්ලක් බලලා මේවාට සුදුසුයි කියලා හිතෙන ප්‍රධානතම අය තමයි පත්කරලා තිබෙන්නේ. ඉතින් ඔබතුමාලා මේ විෂය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕන.
අනිත් එක මතක තියාගන්න ඕන හැමවිටම ජනතාව අතරට ගිහිල්ලා ජනතාවගේ ප්‍රශ්න තෝරාගෙන ඒවාට විසඳුම් දෙන්න. තමන් යටතේ තියෙන ආයතන ජනතාවට සේවය කරන ආයතන බවට තහවුරු කරන්න ඕන.
අද මිනිස්සු අතර තියෙන ප්‍රශ්නෙ තමයි දේශපාලනඥයන් කෙරෙහි තියෙන විශ්වාසයක් නැති වීම, දෙවැනි එක රාජ්‍ය සේවය පිළිබඳ තියෙන විශ්වාසය නැති වීම. ඉතින් රටක් දුවන්න තියෙන්නේ මේ දෙක. හැබැයි මිනිස්සු අතරට ගියහම මිනිස්සුන්ට මේ දෙක ගැනම විශ්වාසයක් නැති වෙලා. මේක රටක් වශයෙන් හොඳ දෙයක් නෙමෙයි.
මේ මැතිවරණයේ ප්‍රතිඵල අපි හරි විදියට බැලුවොත් ඒක තමයි ජනතාව කියන්නේ. ඒ අය විශ්වාස කරනවා මේ දෙකේම තියෙන වෙනසක් ඇතිවෙලා ජනතාවට සේවය කරන දේශපාලන සංස්කෘතියකුත්, ඒ වගේම ජනතාවට සේවය කරන රාජ්‍ය සේවාවකුත් ඇතිවෙයි කියලා.
අද විශාල රාජ්‍ය සේවයක් තියෙනවා. ඉදිරියේදී තවත් 160,000ක් රාජ්‍ය සේවයට එකතු වෙනවා. එතකොට ලක්ෂ 18කටත් වඩා පිරිස වැඩි වෙනවා. මේ රාජ්‍ය සේවයක් හරහා හැම අංශයකටම හොඳ පද්ධතියක් තියෙනවා. සිස්ටම් එක ක්‍රියාත්මක කරන්න තමයි අවශ්‍ය.
අපි කොවිඩ් වසංගතය ලෝකයේ පළවෙනිම තැනට එන්න හොඳ පාලනයක් කරගත්තා. මේකට ප්‍රධාන හේතුව අපේ සෞඛ්‍යය සේවාව. හොඳ සෞඛ්‍ය සේවාවක් තිබීම. නමුත් අපි ජනතාව අතරට ගියහම තාමත් ඒ සෞඛ්‍ය සේවාවේ දියුණු කරන්නට විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ සෞඛ්‍ය සේවය ඉදිරියට ගෙනියන්න විශාල වැඩ කොටසක් අපිට කරන්නට පුළුවන්. ජනතාව අතරට ගියාහම කියනවා දොස්තරවරු නැහැ. හෙදියන් නැහැ. සම්පත් නැහැ. අපිට දුරට යන්න තියෙනවා. මේ වගේ මැසිවිලි විශාල ප්‍රමාණයක්. නමුත් හොඳ සෞඛ්‍ය සේවයක් තුළත් තව විශාල ප්‍රමාණයක් අපිට වැඩ කරන්න තියෙනවා.
‍මේවා තමයි අපි තේරුම් ගන්න ඕන.
දවසක් මම කුරුණෑගල යනකොට පාරේ නවත්තලා ගොවි මහත්තයන්ගෙන් ඇහුවා කන්න දෙකම කරනවාද කියලා. නෑ සර් මේ කන්නේ කරන්න බෑ කිව්වා. ඇයි, අපිට වතුර දුන්නේ නෑ. ඒ අය දන්නේ නෑ වතුර දුන්නේ නැත්තේ මොකද කියලා. ඒ අය කියනවා කලාවැවේ වතුර තියෙනවා නමුත් අපිට වතුර දෙන්නෙ නෑ. මම මහවැලි අධ්‍යක්ෂ ජනරාල්ට කතා කළා, එයා ගියා එහේට ගිහිල්ලා කතා කළා. ඇත්තටම අපි යන්න ඕන මේ ජනතාව ළඟට. එතන ගිහිල්ලා නිලධාරින් හම්බුනාට වැඩක් නෑ. ඒගොල්ලොන්ට අහන්න බෑ අර ජනතාව කියන දේ. මේ වගේ ජනතාවගේ ප්‍රශ්න අපි විසඳිය යුතුයි. මම මැතිවරණයේදී ජනතාව අතරට ගිය වෙලාවේ මිනිස්සු ගෙනාපු ප්‍රශ්න හරි සරල දේවල්. බොහොම ටිකයි පුද්ගලික දේවල් ඉල්ලන්නේ. වැඩිම ප්‍රමාණයක්, සියයට හැත්තෑවක් විතර පොදු ප්‍රශ්න. බස් එකක් දාන එක, පාරක් හදන එක, වතුර ගැන, ඔප්පු නැති එක. මේවා තමයි රජයකින් බලාපොරොත්තු වෙන්නේ, රාජ්‍ය සේවයෙන් බලාපොරොත්තු වෙන්නේ.
වයසක අය ඇවිත් කියනවා සර් අපි අවුරුදු 40 ක් මේ ඉඩමේ හිටියා. අපිට ඔප්පුවක් නෑ. අපිට මැරෙන්න ඉස්සරවෙලා ඔප්පුවක් ලබාදෙන්න. මේ වගේ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි මේවා විසඳන්න ඕන. සමහර තැන්වලට ගියාම ඒගොල්ලෝ කියනවා පාරම්පරිකව අපි අපේ හරක් නඩත්තු කරපු, ගොවිතැන් කරපු, අපි ජීවත් වුනු තැන හදිසියේම ඇවිල්ලා වන රක්ෂණයකින් ගල් දාගෙන ගියා කියලා එහෙමයි කියන්නේ,
මම දන්නේ නෑ ඇත්තද නැත්තද කියලා. කැබිතිගොල්ලෑවේදී එක්කෙනෙක් කිව්වා මගේ වැසිකිළිය තියෙන්නේ අනිත් පැත්තේ ගේ තියෙන්නේ මේ පැත්තේ කියලා.
ඉතින් ඒ වගේ ඒවා අපි සරලව විසඳලා දෙන්න ඕන. වි‍ශේෂයෙන්ම මේක කිරීමේදී ප්‍රායෝගික වෙන්න ඕන. නිකන්ම නීතියක් ගෙනාව පලියට, චක්‍රලේඛයක් යැව්ව පලියට ඒ විදියට ක්‍රියා කිරීම සුදුසු නෑ. ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒවා නෙවෙයි. ජනතාවගේ පැත්තෙන් ප්‍රශ්න තියෙනවා. අවසානේදී බැලුවම කෘෂිකර්මාන්තයේ යෙදෙන, වැවිලි කර්මාන්තයේ යෙදෙන, සුළු සුළු කර්මාන්තවල යෙදෙන, මේ අය හින්දා තමයි රජයක් දුවන්නේ, රටක් දුවන්නේ.
ගොවියාට නෙවෙයි අපි වතුර දෙන්නේ. ගොවියාට නෙවෙයි අපි පොහොර ටික දෙන්නේ. රටක් වෙනුවෙන් අපි වතුර දෙන්නේ. රටක් වෙනුවෙන් තමයි පොහොර ටික දෙන්නේ. නැත්නම් පඩි ‍ගෙවන්නත් බැරි වෙනවා. රාජ්‍ය සේවයක් නඩත්තු කරන්නේ මේගොල්ලන් කරන දේවල් වලින්.
මැටි කර්මාන්තයේ යෙදිලා වළං ටිකක් හදලා මොනවාහරි කරලා මේ පොඩි අය තමයි විදේශ විනිමයක් ගේන්නේ. කුඩා තේ වතු හිමියෝ තමයි විදේශ විනිමය ගේන්නේ. ඉතින් අපිත් ඒ කුඩා තේ වතු හිමියන්ට අවශ්‍ය දේ දෙන්නේ නැතුව අපිට රාජ්‍ය සේවයක් දුවන්න බැරි වෙනවා. අපි මෙන්න ‍මේක ටික තේරුම් අරගෙන මතක තියාගන්න ඕන. සමහර වෙලාවට අපි කාමරවල ඉඳගෙන ඔෆිස්වල ඉඳගෙන තීරණ ගන්නවා. හැබැයි අපි මතක තියාගන්න ඕන, මේ අයගෙන් තමයි රටේ ඔක්කෝම යැපෙන්නේ.
රටක් දුවන්න විදේශ විනිමය එන්නේ ප්‍රධාන වශයෙන්ම මේ පහළ මට්ටමේ වැඩ කරන ජනතාවගෙන්. තේ වලට ඉඳලා වී වලට. අපි කොච්චර වෑයමක් දරනවාද වී වලට, හාල්වලට සහතික මිළක් දෙන්න. රාජ්‍ය සේවයෙන් කරන්නේ මේ හදපු වී ටික බෙදා දෙන එක. ගොවියා මහන්සි වෙලා ඔක්කොම කරලා දුන්නම පාරිභෝගිකයාට මේ හාල් ටික ‍දෙන එකනේ මහලොකුවට අපි ඔක්කෝම කරන්නේ. අපි අමතක කරන්න නරකයි අපිට ‍වෙලාවට වතුර ටික දෙන්න බැරි නම්, වෙලාවට පොහොර ටික දෙන්න බැරි නම්, අපේ සේවාවෙන් වැඩක් තියෙනවාද? මේවා තමයි අපි කල්පනා කරලා බලන්න ඕන.
දැන් ගමක් බැලුවොත්, ග්‍රාම සේවක කොට්ඨාසයක් බැලුවොත් රාජ්‍ය සේවකයින් විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ වෙනුවෙන්. විසි ගණනක් ඉන්නවා විවිධ අංශවල. හැබැයි ඒවා අපි ක්‍රියාත්මක කරවන්නට ඕන. ඒගොල්ලොන්ට මතක් කරලා දෙන්න ඕන මේ කාර්යය. විශේෂයෙන්ම අමාත්‍යවරුන්ට, රාජ්‍ය අමාත්‍යවරුන්ට, ඒවගේම ලේකම්වරුන්, මේ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ අභිප්‍රේරණයත් ලොකූ කොටසක්. තමන් යටතේ ඉන්න අයව මෝටිවේට් කරන එක එක කාර්යයක්. මම දන්නවා ආරක්ෂක ලේකම්වරයා හැටියට මම කොච්චර කාලයක් ‍යෙදුවාද මගේ යටතේ තිබුණු සේවාවන් මෝටිවේට් කරන්න. මෝටිවේට් කිරීම තුළින් ප්‍රතිඵල විශාල ප්‍රමාණයක් ලබාගන්න පුළුවන්. ඒක ඇත්තටම එක කොටසක්. ඇත්තටම මේ මිනිසුන් වැඩ කරන්න කැමතියි. හැබැයි ඒගොල්ලන්ට නායකත්වයක් දෙන්න ඕන. මෝටිවේෂන් එකක් දෙන්න ඕන. ඊළඟට මඟ පෙන්වීමක් කෙරෙන්න ඕන. එහෙම නැතුව නිකන් ඉන්න දුන්නොත් කවුරුවත් වැඩක් කරන්නේ නෑ. මේකේ අවශ්‍යතාව පෙන්නලා කළ යුතු දේ කියලා මඟ පෙන්වීමක් කිරීම ඉතාමත්ම වැදගත්. ඒ හරහා විශාල දෙයක් කරන්න පුළුවන්.
මම ආරක්ෂක ලේකම්වරයා හැටියට විතරක් නෙවෙයි නාගරික සංවර්ධනයේදීත් කරපු මූලික දෙයක් තමයි මෝටිවේෂන් කිරීම. ඒක හරිම වැදගත්. මොකද මේ හරහා තමයි තාක්ෂණික සුදුසුකම් තියෙන අයත් එහෙම නැති අයත් දෙගොල්ලොම දිරිගන්වලා වැඩ කරගන්න පුළුවන්. ඒ නිසා ඔබතුමාලාට විශාල කාර්යභාරයක් තියෙනවා.
අවසානයේදී අපි මොනවා කරත් ප්‍රතිඵල තියෙන්න ඕන. යුද්ධය කරන කාලේදීත් ‍මොනවා කරත් වැඩක් නෑ යුද්ධය අවසාන වුනේ නැත්නම්. අපිට දිනන්න පුළුවන් ඔක්කොම කරන්න පුළුවන්. අවසාන ප්‍රතිඵලය නැත්නම් මොනවා කළත් වැඩක් නෑ. හැබැයි අවසාන ප්‍රතිඵලය ලබා ගත්තොත් අපි කරපු හැමදේකම ප්‍රතිඵලයක් ලැබෙනවා. හැම අමාත්‍යාංශයකම අපි බලාපොරොත්තු වෙනවා යම් යම් ඉලක්ක. ඒ ඉලක්ක ලබා ගන්න අපි සැලසුම් හදනවා. සැලසුම් හැදුවාට වැඩක් නැහැ සැලසුම ක්‍රියාත්මක කරලා නැත්නම්. ලේකම්වරයා හැටියට රැස්වීමක් තිබ්බොත් සැලසුම් තිබ්බොත් මම කියන්නේ මට වැඩක් නැහැ සැලසුම බිමේ තියෙන්න ඕනෑ. බිමේ දකින්න ඕනෑ. බිමේ දකින්නේ නැත්නම් සැලසුමෙන් වැඩක් නැහැ. සැලසුම හිතේ තිබුණත් කමක් නැහැ හැබැයි කොලේ තිබිලා, ෆයිල් එකේ තිබිලා විතරක් වැඩක් නැහැ. ඒක තමයි අපි බලන්න අවශ්‍ය.
අපිට හුඟාක් සරල දේවල්වලින් විශාල වෙනසක් කරන්න පුළුවන්. උදාහරණක් වශයෙන් කොළඹ නගරයේ ෆොස්ටර් සහ බැනර් ගලවපුහාම කොච්චර බලපෑමක් ආවාද? සරල දෙයක්. හැබැයි ඒක පොඩි බලපෑමක් ප්‍රතිඵලය හරි විශාලයි. මේවා සරල දේවල්. මිනිස්සුන්ගේ ප්‍රශ්න ඉතාමත් සරලයි. ඒ සරල ප්‍රශ්න දිහා සරලව අපි බලමු. අද මේ එක එක ඒවා නිසා හැම ප්‍රශ්නයක්ම සංකීර්ණ කරලානේ.
පරිසරය රකින්න ඕනෑ. අපි කැලෑ රකින්න ඕනෑ. හැබැයි අපි අමතක කරනවා මේ කැලෑවත් එක්ක පරිසරයත් එක්ක ජීවත් වෙච්ච මිනිසා. මිනිස්සු ජීවත් වුණේ වසර මිලියන ගාණක් පරිසරයත් එක්කනේ. අපි මේක කෘත්‍රිමව හදන්න මිනිසාගේ දේවල් අමතක කරන්න නරකයි. සරල කරගන්න අවශ්‍යයි. මිනිසුන්ගේ ප්‍රශ්න දිහා බලලා පරිසරයත් බේරා ගෙන මිනිසාගේ ප්‍රශ්නත් විසදාගන්න අපිට පුළුවන් වෙන්න ඕනෑ. පරිසරය විතරක් බේරා ගෙන මිනිසා ගැන අමතක කළොත් වැඩක් නැහැ. අපිට මේ දෙකම බේරා ගෙන යන්න පුළුවන්. අපි මේ දෙකම දිහා සරලව බැලුවොත් අපිට පුළුවන් මේ ප්‍රශ්න විසදන්න.
අපිට ඉක්මනටම ප්‍රතිඵල ඕනෑ. මම අද තියෙන ජනතා ප්‍රශ්නවලට ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. මේවා කරන්න පුළුවන්.
මේ ප්‍රශ්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ තිබුණ ප්‍රශ්නවලින් සියයට විසි පහක්වත් බරපතල ප්‍රශ්න කියලා මම හිතන්නේ නැහැ. එදා ආර්ථිකය වැටිලා තිබුණා. යුද්ධයක් තිබුණා. එළියට බහින්න බැරි තත්ත්වයක් තිබුණා. බෝම්බ තිබුණා. මේවා සියල්ල අවුරුදු තුනක් යන තැන අපිට විසඳන්න පුළුවන් වුණේ අපි අරමුණක් ඇතුව. කෙටි කාලයක් තුළදී වැඩ කරපු නිසා අපිට ඒ ප්‍රශ්න විසඳන්න පුළුවන් වුණා.
අලි මිනිස් ගැටුම අවුරුද්දක්, දෙකක් ඇතුළත සම්පූර්ණයෙන්ම විසඳන්නට පුළුවන් වෙන්න ඕනෑ. මේක විසඳන්න පුළුවන් හරි අරමුණක් ඇතුව තීරණයක් ඇතුව ඒකට අපි බහින්නට ඕනෑ. එහෙම කළොත් අපිට මේ ප්‍රශ්නය විසඳන්නට පුළුවන්. එතනින් ඒ ප්‍රශ්නය ඉවරයි. නැත්නම් මේක හැමදාමත් තියෙන ප්‍රශ්න බවට පත් වෙනවා.
පුරාවිද්‍යාවේ විශාල කොටසක් කරන්නට පුළුවන්. මේවා ජනතාවට සංවේදී දේවල්. අපේ උරුමය. ලාහුගල පැත්තේ උතුරු නැගෙනහිර පැත්තේ විශාල වශයෙන් විනාශ වෙලා තියෙනවා. මේවාට කඩිනමින් විසඳුම් හොයන්න පුළුවන්. ඒවා ක්‍රියාත්මක කිරීම හරහා බය නැතුව හරි තීරණය ගන්න අවශ්‍යයි. හරි තීරණය ගන්නට බය වෙන්න එපා.
හරි දේ කරනවා නම් මොන නීතිය තිබුණත් මොන ව්‍යවස්ථාවක් තිබුණත් අවංකව හරි තීරණයක් ගන්න බය වෙන්න එපා. ඒකට කවදාවත් වරදින්නේ නැහැ.
මම ලේකම්වරයෙක් විදියට, රටක් වෙනුවෙන් හරි තීරණ ගත්තේ. ඊට පස්සේ උසාවි ගියා. ඒවා වෙලත් අන්තිමට ජනාධිපති වුණා. වරදින්නේ නැහැ හරි තීරණ ගත්තොත්. ඒක මම හිතන්නේ ස්වාභාව ධර්මයෙන් හැදිලා තියෙන්නේ. වැරදි තීරණ ගත්තොත් වැරදි වෙයි. තමන් හදවතට අවංකව රාජකාරිය වෙනුවෙන් හරි දේ බය නැතුව ක්‍රියාත්මක කරන්න ඕනෑ. තමන්ට කවදාහරි සන්තෝස වෙන්න පුළුවන් මම හරි තීරණය ගත්තා, මගේ රාජකාරිය ඉටු කළා කියන එක ගැන හිතලා බය නැතුව තීරණ ගන්න, ඒ වෙනුවෙන් මගේ සම්පූර්ණ සහායෝගය තියෙනවා.
මම නැවත වරක් සැමට සුබ පතනවා. අපි ජනතාව බලාපොරොත්තු වෙන සේවය ඉටු කරමු.

SendShareShare
Previous Post

විජයදාසට එපා වුණු ඇමැතිකමේ සුසිල් දිවුරයි

Next Post

අලුත් විපක්ෂනායකගේ පළමු රාජ්‍යතාන්ත්‍රික හමුව (VIDEO)

MORE NEWS

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

Load More
ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ පරිශ්‍ර පරීක්ෂාවකදී, එක් නිවසක තිබී ගිනි අවියක් සොයා ගැනීමට...

Read more
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.