අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
දිවුරුම් දීම අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.
මීට පෙර මෙම අමාත්‍ය ධූරය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා හට ලබාදීමට යෝජනා වී තිබුණද තමන්ට කැබිනට් අමාත්‍ය ධූරයක් අවශ්‍ය බව කියමින් රාජපක්ෂ මහතා එම ධූරයේ දිව්රුම් නොදී සිටියේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.










