අලි මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් යුතුව නව දුරකතන අංකයක් හදුන්වා දීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
ඒ අනුව 1992 දරණ කෙටි අංකය ඇමතීමෙන් ඒ සියලු පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
දවසේ පැය 24 පුරාම විවෘතව තැබෙන මෙම දුරකතන අංකයට වනඅලීන් ගම්වැදීම හෝ වනඅලීන් පහරදීම නිසා සිදුවන පීඩා පිළිබඳ තොරතුරු දැනුම් දිය හැකි අතර ඒ සඳහා ක්‍ෂණික ප‍්‍රතිචාර දැක්වීමටද කටයුතු කෙරෙන බව වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.