විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් කණ්ඩායම ඊයේ (03) රාත්‍රියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසටම ගොස් ඒ මහතා සමග පක්ෂය තුළ දැනට මතුවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා පැවැත්වීමට පියවර ගෙන ඇත.
ඒ අනුව රංජිත් මද්දුමබණ්ඩාර, තලතා අතුකෝරාල, මලික් සමරවික්‍රම, හරීන් ප්‍රනාන්දු සහ කබීර් හෂීම් යන මන්ත්‍රීවරුන් වික්‍රමසිංහ මහතා මුණගැසී පක්ෂ නායකත්වයද ප්‍රේමදාස මහතාට ලබා නොදෙන්නේ නම් වෙනම සන්ධානයක් ලෙස තරග වැදීමට තම කණ්ඩායම තීන්දු කර ඇති බව දැනුම් දී තිබේ.
දෙපාර්ශ්වය අතර ඒ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා වී ඇතත් එකගතාවකින් තොරව එම සාකච්ජා අවසන්ව ඇති බවද දැනගන්නට ඇත.